Home LifestyleFashion අඳුරු පැල්ලම් ඉවත් කරන කිරි – මීපැණි සීනි ස්ක්‍රබ් එක

අඳුරු පැල්ලම් ඉවත් කරන කිරි – මීපැණි සීනි ස්ක්‍රබ් එක

by LADY.LK

කුරුලෑ නිසා ඇතිවන අඳුරු පැල්ලම් ඉවත් කිරීම සඳහා කිරි සහ මී පැණි සීනි ස්ක්‍රබ් එකෙන් ඔබට පුළුවන්.ලප නැති බොහොම පැහැපත් සමක් ලබාගන්න නම් ඔබ කළ යුතු වන්නේ මෙන්ම ස්වභාවික සත්කාරය පමණයි.මේ තුළින් ඔබේ සමට අහිතකර බලපෑමක් ඇති වෙන්නෙත් නෑ. විශ්වාසදායි ස්වභාවික සත්කාර සත්කාරයක් මගින්ඔබේ සමේ සුරූපී බව රැකගන්න මේ ක්‍රමය අත්හදා බලන්න .

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කිරිපිටි මේස හැන්දක්
  2. පිරිසිදු මී පැණි තේ හැඳි එකක්
  3. ලෙමන් යුෂ තේ හැඳි එකක්
  4. විටමින් ඊ තෙල් කැප්සියුල 1 ක්
  5. කුඩු කළ සීනි මේස හැදි 03
    6කහ කුඩු ස්වල්පයක්

ඉහත සදහන් සියල්ල හොඳින් මිශ්‍ර කර සම මත මෘදු ලෙස ආලේප කර සම සුමුදු ලෙස උඩ අතට සහ කවාකාරව පිරිමදින්න මිනිත්තු 20 තිබෙන්නට හැර පිරිසිදු ජලයෙන් සෝදා හරින්න
සතියකට දෙවරක් ආලේප කිරීම කිරීම සුදුසුයී ඇස් වටේ ආලේප කරන්න එපා.

එය ඔබේ සම සිනිඳු හා මෘදු ලෙස තබනවා පමණක් නොව, එය ඔබට සෞඛ්‍ය සම්පන්න සහ දීප්තිමත් බවක් ලබා දෙනු ඇත

Related Articles