Home LifestyleEntertainment අර්තාපල්වලින් ලස්සන වෙමු

අර්තාපල්වලින් ලස්සන වෙමු

by LADY.LK

අපිනම් දන්නේ අර්තාපල් කියන් ආහාරයක් කියලයි.  විවිධාකාරයෙන් උයපු අර්තාපල් අපි කාලා තිබුණට මූණේ ගාගෙන නැහැනේ. ඔන්න දැන් ඒකත් කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙනදා අහාරයට ගත්ත අර්තාපල් දැන් ලස්සන වෙන්න මූණේ  ගා ගන්නත් පුළුවන්. මේක බොහොම සරල සත්කාරයක්.

ඔබ දන්නවනේ අර්තාපල් කියන්නේ විටමින් C බහුල ආහාරයක්. අපි කියන මේ ස්භාවික සත්කාරය මගින්

ඔබගේ සම පැහැපත් කරවන අතර ඔබගේ සමට විවධ අතුරු ආබාධ ඇති වීමද වලක්වනවා. මෙම සත්කාරය සදහා ඔබට අවශ්‍ය වන්නේ,

අර්තාපල් ගෙඩියක්  –  රෝස වතුර  –  දෙහි  –  පැණි.

සාදා ගන්නා ආකාරය.

පළමුව අර්තාපල් ගෙඩියේ පොතු ඉවත් කර එය කුඩා කැබලි වලට කපා ගන්න. බ්ලෙන්ඩරයට දමන්න. එයට රෝස වතුර හැදි දෙකක්ද එකතු කරන්න. ඔබගේ සම තෙල් සහිත සමක් නම් දෙහි ගෙඩි භාගයක යුෂද ඔබගේ සම වියලි නම් දෙහි යුෂ වෙනුවට පැණි ද එකතු කරන්න. ඔබගේ සම සමානය සමක් නම් දෙහි සහ පැණි දෙකම එකතු කරන්න. හොදින් මිශ්‍ර කරගන්න.

මෙම මිශ්‍රණය ඔබගේ මුහුණේ හොදින් ආලේප කරන්න. මිනිත්තු 15ක් තිබෙන්නට හරින්න. සීතල වතුරෙන් සෝදා හරින්න.  වියලෙන්නට හැර මෘදු ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. මෙම ආලේපනය මගින් ඔබගේ සමේ ප්‍රත්යස්තතාවය වර්ධනය වන අතර සමේ ඇති ලප කැළැල් ඉවත් විමද සිදු වේ. සාර්ථක ප්‍රතිපල සදහා සතියට දෙවරක් මෙම සත්කාරය සිදු කරන්න

 

Related Articles