ජීවිතේදී ප්‍රශ්න, ගැටළු, කරදර එන්නේ එකපිට එක. එහෙමයි කියලා ඒ ප්‍රශ්නවලින් පැනලා යන්න අපට පුළුවන් කමක් නැහැ. මේ වගේ වෙලාවල් වලදී අපි ගන්න තීන්දු තීරණ වගේම අපිට මුහුණපාන්නට සිදුවන තත්ත්වයන් හමුවේ අපි මානසිකව පහළටම වැටෙනවා, ප්‍රශ්නවලින් පීඩාවට පත්වෙනවා, හෙම්බත් වෙනවා. එහෙම වෙනකොට තමන්ගෙ ජීවිතෙන් ඇති වැඩක් නෑ කියන හැඟීම හිතට එනවා. ඒ මොන දේ වුණත් ජීවිතේ කියන්නේ කොහොම හරි ජීවත්වීමට. ඒ නිසා ජීවිතේ අතහැරලා ඒකට පිළිතුරු සොයන්න යන්න එපා.
මොකද සිද්ධ වුණ දේවල්වත්, සිද්ද වෙන්න තියෙන දේවල්වත් නිසා ඔබ් ජීවිතේ වටිනාකම අඩුවෙන්නේ නැහැ. වරක් ලෝකප්‍රකට දේශකයෙකු ඩොලර් 20 ක නෝට්ටුවක් ඉහළට ඔසවමින් සිය දේශනය ආරම්භ කළා. 200 ක් පමණ රැස්ව සිටි පිරිසගෙන් ඔහු ඇහුවා ” කාටද මේ ඩොලර් 20 නෝට්ටුව ඕනෙ?”කියලා.හැමෝගෙම දෑත් ඉහළට එසවුණා. ” මේ ඩොලර් 20 නෝට්ටුව ඔයාලගෙන් එක් කෙනෙකුට මම දෙනවා. ඊට කලින් මට කරන්න දෙයක් තියෙනවා,” ඔහු කිව්වා.
එහෙම කියලා ඔහු එක අතකින් අර ඩොලර් 20 නෝට්ටුව හොඳටම පොඩි කරන ගමන් ඇහුවා ” තාමත් මේ නෝට්ටුව ඕනෙ කරන කෙනෙක් ඉන්නවද ? ” කියලා. ඒත් හැමෝගෙම දෑත් ඉහළටම එසවිලා තිබුණා.
“හොඳයි. මං මෙහෙම දෙයක් කළොත් මොකද වෙන්නෙ,” කියලා දේශකයා නෝට්ටුව බිමට වට්ටවා ඔහුගේ සපත්තුවෙන් එය පෑගුවා. දූවිලි තැවරී පොඩි වුණු නෝට්ටුව අතට ගනිමින් ඔහු නැවත ප්‍රේක්ෂකාගාරයෙන් ඇහුවා,
” දැන් තවදුරටත් මේක අවශ්යා කෙනෙක් ඉන්නවද?”
සභාවේ සිටි සියල්ලන්ගේ දෑත් එවරද ඉහළට එසවී තිබුණා.
” මිත්‍රවරුනි, ඔයාලා හැමෝම මෙතනින් වැදගත් පාඩමක් ඉගෙන ගන්නවා. මම මේ මුදල් නෝට්ටුවට මොනව කළත් ඔයාලාට ඒක අවශ්‍ය වුණා. මොකද මම කළ කිසි දෙයකින් ඒ නෝට්ටුවෙ වටිනාකම අඩු වුණේ නෑ. ඒකෙ වටිනාකම ඩොලර් 20 ක් ම තමයි.
අන්න ඒකයි මං කලින් කිව්වේ සිද්ධ වෙච්ච දේ, සිද්ධ වෙන්න තියෙන දේ මොකක් වුණත් ඔබේ වටිනාකම කවදාවත් නැති වෙන්නෙ නෑ කියලා. ඒක හොඳට මතක තියා ගන්න.
ඔබේ ජීවිතේට ප්‍රශ්න ඒවී සමහර දේවල් නිසා ඔබ පිටස්තරයන් ඉදිරියේ ලැජ්ජාවට පත්වේවී, අපහසුතාවයට පත්වේවී, ඔවුන් ඔබට අපහාස කරවී, නින්දා කරාවී, ඔබට ගරහාවී නමුත් ඒ කිසිවකින් ඔබේ ජීවිතයට ඇති වටිනාකම අඩු වේ යැයි කියා හිතන්නට එපා. ජීවිතේදී ප්‍රශ්න කියන්නේ අර ගුලිකරලා බිමදාලා පාගලා මඩ තවරපු මුදල් නොට්ටුව වගේ. කොපමණ දේවල් කළත් එහි වටිනාකමේ අඩුවක් වුණේ නැහැ.
ඔබ වටේ ඉන්න අය අදාළම කර ගන්න එපා. වැටුණනම් උඹ නැගිටපන් ජීවිතය කියන්නේ හුස්ම තියෙන තුරු යන ගමනක්. ජීවිතේ ප්‍රශ්න නිසා ඒ ගමනේ අතර මගදි හුස්ම හිර කර ගන්න එපා. ශක්තිවන්තය ඔබ ඒ දේවල්වලට මුහුණ දෙන්න. ගඟක් වුණත් ලස්සන වෙන්නේ ගල් මුල්වල හැපී හැපී ගලාගෙන යනකොට. ජීවිතෙත් අන්න ඒ වගේ ප්‍රශ්න කාටත් තියෙනවා. ඒවගේම තමයි ඒවට පිළිතුරුත් තියෙනවා. වෙලාවකට හරිම පිළිතුර හොයා ගන්න අමාරු වේවී. ඒත් ජීවිතේ ප්රශ්නවලදී අසාන්නතම පිළිතුර හරි හොයා ගන්න උත්සාහ කරන්න.
වැටි වැටී හරි නැගිටින එකටයි ජීවිතේ කියන්නේ. ඔබ ආස කරන දේවල් ඔබට නොලැබේවී. ඒ දේවල් ගැන දුක් නොවන්න. ඔබ ආදරය කරන අය ඔබෙන් ඈතට යාවී ඒ අයට ඒ අය වෙනුවෙන් හිත හදා ගන්න. ඔබට මුදල් අගහිඟතා ඒවී ඒවාට ඉවසීමෙන් මුහුණ දෙන්න. ඔබේ ජීවිතේට ඔබ ආදරය කරන්න. එවිට ඔබ ජීවත්වනවා යැයි හැගේවී. ඒ තුළින් ජීවිතය ඔබව ජීවත් කරාවී.
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about how is life some times .You can read the article and put your feedback on it.