අතනට මෙතනට ඇවිදීමයි ව්‍යායාම පිණිස ඇවීදීමයි කියන්නේ සහ මුනින්ම වෙනස් දෙයක්. ඇවිදීමෙන් ශරීරයේ ඇති සියලුම කායික සහ මානසික රෝග සදහා පිලියමක් ලබා ගන්න පුළුවන් බව වෛද්‍ය විද්‍යානුකූලව තහවුරු කර තිබෙනවා. ඇවිදීමෙන් ඔබේ අස්ථි පද්ධතියට වගේම ඔබේ සම්පූර්ණ ශරීරයටම අවශ්‍ය කරන ව්‍යායාම නොඅඩුවම ලැබෙනවා. ඉතිං දිනපතා ඇවිදීමෙන් ඔබට ලැබෙන වාසි කිහිපයක් තිබෙනවා.
ඒවා පහතින
- ඇවිදීම රුධිර පීඩනය ක්‍රමවත් කරයි.
කොරියාවේ පර්යේෂකයින් පිරිසක් අධ්‍යනයකින් පෙන්වා දී ඇත්තේ දිනපතා මිනිත්තු 40ක් ඇවිදීම දේහයේ රුධිර පීඩනය ක්ෂණිකව අවම කරවීමට සමත් වන බවයි. මේ නිසා අධික රුධිර පීඩනය සහිත පුද්ගලයන්ට ඇවිදීම ඉතා සුදුසු ව්‍යායාමයක් බව ඔවුන් නිර්දේශ කර
ඇත.
- පියයුරු පිළිකා අවම කරයි.
ඇමෙරිකානු පිළිකා සංසදය පෙන්වා දෙන පරිදි සතියකට පැය 7ක් ඇවිදීමේ නියුතු කාන්තාවන් පියයුරු පිළිකා සැදීමේ අවධානමෙන් ආරක්ෂා වන බවයි. මෙන්ම සතියකට පැය 7 කට වඩා ඇවිදින කාන්තාවන් සියයට 25ක් පිළිකා අවධ්නමෙන් ඉවත් වේ.
- දියවැඩියා අවධානමෙන් ඈත් වේ.
වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ ඇවිදීම බෝ නොවන රෝග රාශියක් සදහා ඖෂධයක් වන බවයි. දිගු වෙලාවක් වාඩි වී සිටීමෙන් පසු ශරීරයට ලබා දිය හැකි හොදම ව්ය්යමය ඇවිදීමයි. එමගින් දියවැඩියා රෝගයෙන් ආරක්ෂා වීමේ හැකියාවද ඔබට ලැබේ.
- ඇවිදීමෙන් නිර්මාණශීලි බව වැඩි වේ.
පර්යේෂකයින් පෙන්වා දෙන්නේ ඇවිදීම මිනිසාගේ මනස නිර්මාණශීලි කරවීමට බොහෝ උපකාරී වන බවයි. එමගින් මිනිසුන්ගේ නව අදහස් වලට වැඩි ඉඩකඩක් ලැබෙන අතර ඒවා ක්‍රියාත්මක කිරීමෙන් මානසික ශක්තියද ඔවුන්ට ලැබේ.
- ඇවිදීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වේ.
පර්යේෂකයින් පෙන්වා දෙන්නේ දිනයකට මිනිත්තු 30-45ක් පමණ ඇවිදීමෙන් දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වන බවයි. මේ නිසා අවදිම පුරුද්දක් කරගත් පුද්ගලයන්ට වෛරස ආසාදන ඇති වන්නේ අඩුවෙනි.
- ඇවිදීම වයස්ගත වීම පාලනය කරයි.
ඇවිදීම සහ වයස්ගත වීම අතර මනා සම්බන්ධයක් ඇත.ඇවිදීමෙන් ඔබගේ සෞඛ්‍ය තත්වය වර්ධනය වන්නේ ඔබ සිතනවාටත් වඩා වේගයෙනි. ඇවිදීම නිසා ඔබගේ ශරීරයට දිනයක් තුල සියලුම වාසි නොලැබුනද කාලයක් යන විට එමගින් ඔබගේ වයස්ගත වීම පාලනය වන ආකාරයද ඔබට දැකගන්නට පුළුවන්.
- විටමින් D ලබා ගැනීමට හැකිවේ.
හිරු එලිය ඇති විට මිනිත්තු 15-20 ක් එළිමහනේ ඇවිදීම විටමින් D ලබා ගැනීමට හැකි හොදම ක්‍රමය වේ. විටමින් D ඌනතාවයක් ඇති වූ විට දේහයේ අස්ථි සහ සන්ධි පහසුවෙන් බිදී යා හැක.
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is the health value you get from walking .You can read the article and put your feedback on it.