Home LifestyleLiving ATM භාවිත කරනකොට සැලකිලිමත් විය යුතු කරුණු

ATM භාවිත කරනකොට සැලකිලිමත් විය යුතු කරුණු

by LADY.LK
අපි හැමෝම වගේ අද කාලෙ ඒටීඑම් භාවිත කරනවනේ. හදිසියට සල්ලි ගන්න ඒටීඑම් අපිට හරිම ප්‍රයෝජනවත්. මේ ප්‍රයෝජන ගන්න අතර අනවශ්‍ය කරදර ඇති නොවෙන්න උපදෙස් ටිකක් තමයි මේ කියල දෙන්න හදන්නෙ.

පලවෙනි දේ තමයි ඒටීඑම් එකකින් මුදල් ගන්න යනකොට කලබල උනත්, කලබලයෙන් යන්න එපා. ඒ බව පෙන්වන්න එපා. ඒටිඑම් ලග සමහර අය ඉන්නවා ඒ ගැන අවධානයෙන්. ඔබේ අවධානය ගිලිහිලා කියල දැනුනොත් කරදර වෙන්න ඉඩ තියෙනවා. ඒනිසා බොහොම සැහැල්ලුවෙන් ඒ කටයුත්ත කරන්න. අනිත් කාරණය තමයි ඔබේ රහස්‍ය අංකය/ පාස්වඩ් එක කොළ වල ලියාගෙන යන්න එපා. බොහෝමයක් ගෑණු ළමයි, කාන්තාවන් කරන්නෙ ඒටීඑම් කාඩ් එකේම පාස්වඩ් එක ලියල ගෙනියනවා. හදිසියෙවත් නැති උනොත් වෙන කෙනෙක්ට සල්ලි ගන්න පුලුවන්.
හිතන්න කවුරුහරි ඔබට තර්ජනය කරලා, බලපෑම් කරලා ඒටීඑම් එකෙන් සල්ලි අරන් දෙන්න කිව්ව කියල. එහෙම උනොත් ඔයා කරන්න ඕන දේ තමයි ඔයාගේ රහස්‍ය අංකය මුල  ඉදල නැතිව අග ඉදල යොදන එක. එතකොට ලගම පොලීසියට ඒ ගැන මසේජ් එකක් යනවා. ඒකියන්නෙ ඔයාගේ රහස්‍ය අංකය 1234 නම් ඒ වගේ වෙලාවක 4321 කියල ටයිප් කරන්න.
තව දෙයක් පරිසරයට ආදරය කරන නිසාත්, අනවශ්‍ය කොල කෑලි ඕන නැති නිසත් කොළය ප්‍රින්ට් කරන ඔප්ෂන් එක භාවිත කරන්න එපා.

තව වැදගත් දෙයක්, ඔයාට මුණගැහෙන්න පුලුවන් සමහර වෙලාවට සල්ලි ගන්න දන්නෙ නැති වගේ අය. ඒ අය කියාවි ඔයාට උදව් කරන්න කියල. ඉතින්  ඔයා බොහොම හොද කෙනෙක් නිසා උදව් කරන්නත් ඉඩ තියෙනවා. නමුත් හොදට මතක තියාගන්න විදිය මොකක් උනත් හොරකම් කරපු කාඩ් එකක් නම්, ඒටීඑම් එක ගාවට යන්නෙ ඔයා නිසා ආරක්ෂක කැමරාවට පේන්නෙ ඔයාගෙ මුහුණයි. ඉතින් අනවශ්‍ය කරදරයකට ලක් වෙන්න ඉඩ තියෙන්නෙ ඔයයි.
ඒනිසා ඔයා කරන්න ඕන එක්කො බැංකුවේ ඉන්න ආරක්ෂක නිලධාරියෙක්ට කියන්න මේ කාරණය, කියල උදව් කරන්න කියන්න. එහෙම නැත්නම් ඔයා පැත්තකට වෙලා කරන්න ඕන විදිය ගැන උපදෙස් දෙන්න. එයාටම කරගන්න පුලුවන් වෙන්න.

මේ වගේ කාරණා ගැන දැනුවත් වෙලා ඊලගට ඒටීඑම් භාවිත කරන්න.

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about soem facts you need to keep in mind when you are at the ATM  .You can read the article and put your feedback on it. 

Related Articles