Home LifestyleLiving ඔබ සුපර් මාකට් යන කෙනෙක්ද ?

ඔබ සුපර් මාකට් යන කෙනෙක්ද ?

by LADY.LK
ඔබ සුපර් මාකට් යන කෙනෙක්ද ? මොනවද ඒකට ගිහින් ගන්නෙ ? නිශ්චිත අදහසකින්ද මේ ජාතියේ බඩු ගන්නව කියල හිතලද යන්නෙ ? එහෙම හිතාගෙන ගියත් අන්තිමට බොහෝමයක් නොහිතපු, සමහරවිට අනවශ්‍ය දේවල් අරගෙන ඇවිත් තියෙනවද ? නැද්ද ?

ඒක ඔබට විතරක් නෙමෙයි ගොඩක් අයට සමීප දෙයක්. සුපර් මාකට් යන අය ගැන පහුගිය කාලේ ස්වාධීන රූපවාහිනියේ  පෙන්නපු “කූඹියෝ “ ටෙලි නාට්‍යයේ විස්තර කෙරෙනවා ඒකට යන්නේ ඇයි සහ ඒකෙ තියෙන වින්ඳනය ගැන. ආතල් එකක් කියන වචනය භාවිතය සුදුසු නැති නිසා එහෙම යොදනව මෙතන. මොකද ආතල් කියන්නෙ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධකම් තියෙන වචනයක් නිසා.

කොහොම හරි කූඹියෝ කතාවෙ ජොහාන් පැහැදිලි කරනවා ඇයි මිනිස්සු සුපර් මාකට් යන්න බොහෝම කැමති කියල.
අපිට පොඩි කාලේ වගේ පුංචි රෝද තියෙන කරත්තයක් තල්ලු කරගෙන යන්න ලැබෙන තැනක් තමයි සුපර් මාකට් එක. අපිට ගන්න බැරි බඩුවක් උනත් ලගට ලං වෙන්න, ඒකේ ගාන බලන්න, ඒක අත ගාලා බලන්න, ඒ බඩුව ගන්න බැරිවීම විතරමයි. තව එකක් සුදු විනිවිද පේන වීදුරු නිසා අපි යන වාහනය අනිත් අයට පෙන්වන්නත් ලැබෙනවා.
ඉතින් ඇතුලටත් ගිහින්, පිටතිනුත් බලලා නිරීක්ෂණය කරන කෙනෙක්ට සුපර්මාකට් ගැන ඒ විදියට කියන්න පුලුවනි.


සුපර්මාකට් ගැන කතා කරන කොට ගෑණු ළමයින්ට විශේෂයෙන් කියන්න තියෙන්නෙ, උවමනා දේ විතරක් ගන්න පුුරුදු වෙන්න කියලයි. ගොඩක් ගෑණු ළමයි සුපර්මාකට් ගිහින් ගන්නෙ ගන්න හිටිය දේට වඩා ලස්සනට, අලංකාරයට තියෙන සමහරවිට ඒ තරම වැඩක් නැති දේවල්. ගෑණුකම එහෙම තමයි. ලස්සන දේට ආසයි තමයි. ඒත් ටිකක් බුද්ධිමත් වෙන්න.
මේ කතාව ඉවර කරන්න කලින් තව පොඩි අදහසක් දෙන්නම්, සාමාන්‍ය විදියට සුපර් මාකට් වල තියෙනවනේ රාක්ක ගහල. ඒ රාක්ක වල අපේ ඇස් මානයේ තියෙන්නෙ ගණන් වැඩිම බඩු. ඒකියන්නේ ලේසියෙන්ම අපිට ගන්න පුලුවන් ඒව.
අපිට ඉහලින් තියෙන්නෙ ටිකක් ගණන් වැඩි ඒව. යටින්ම තියෙන්නෙ ගණන් අඩු ඒව. ඊලග පාර සුපර් මාකට් ගියාම ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඇත්තද කියල ..

හරි අපි ඊලග දවසක සුපර් මාකට් ගැන තව දැනුවත් වෙමු.

 

Related Articles