Home Parenting මව් කිරි දීමේදී ගැටලු ඇති වීමට හේතු

මව් කිරි දීමේදී ගැටලු ඇති වීමට හේතු

by LADY.LK

කාන්තාවකගේ ජීවිතේ ලැබිය හැකි උත්තරීතරම පදවිය තමයි මාතෘත්වය කියලා කියන්නේ .සෑම කාන්තාවක්ම මවක් වීමට හීන දකිනවා . එමෙන්ම මාතෘත්වයට පත්වීම වෙනුවෙන් තම ජීවිතයේ බොහෝ දේවල් කැපකරනවා. එලෙස දරුවෙකු මේ ලෝකයට බිහි කළ අම්මාවරුන් හැම කෙනෙක් ම මව්කිරිවල වටිනාකම හොඳින් ම දන්නවා. දරුවෙකුගේ නිරෝගී කායික මානසික වර්ධනයට මව්කිරිවලින් ලබාදිය හැකි ශක්තිය වෙනත් කිසිම ආදේශකයකින් ලබාගන්නට බැහැ. ඒත්, සමහර අම්මලාට තියෙන ලොකුම ගැටළුවක් තමයි බබා කිරි බොන්න උනන්දු මදිකම. එහෙමත් නැත්නම් බබාට උවමනා තරමට බොන්න මවට කිරි එරෙන්නෙ නැතිකම.

සමහර අවස්ථාවල දි අම්මා දරුවාට කිරි දුන්නත්, දරුවා අම්මගෙන් කිරි  උරා බිව්වත් මවුකිරි තුළින් දරුවාට අවශ්‍ය‍ ප්‍රමාණයට පෝෂණය ලැබෙනවා ද, එහෙමත් නැත්නම් කිරිවල ප්‍රමාණවත් තරම් පෝෂණයක් අඩංගු වනවා ද යන්නත් විශේෂයෙන් ම  සැලකිලිමත් විය යුතු තත්වයක්. මව්කිරි දීමේ දී  ඔබ ට ඇතිවන මේ කවර ආකාරයේ ගැටළුවක් වුණත් ඉතා ඉක්මණින් විසඳාගැනීමට ඔබ සමත්විය යුතුයි.

 

මානසික ආතතිය සහ කාංසා තත්වයන්

ශරීර අභ්‍යන්තර රෝග තත්වයන්

මව විසින් භාවිත කරන ඇතැම් බෙහෙත් වර්ග

අධිරුධිර පීඩනය

මවගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය

වැඩිපුර කෝපි පානය කිරීම

පෝෂ්‍යදායී නොවන ආහාර ගැනීම

ගර්භණීභාවයට සම්බන්ධ වෙනත් සංකූලතා

දරුවාගේ මොළයේ හෝ ස්නායු පද්ධතියේ යම් යම් ආබාධ තත්වයන්

ගර්භනී සමයේ දී ප්‍රමාණවත් ව නොවැඩුණු දරුවකු වීම

දරුවාට තිබෙන වෙනත් රෝග තත්වයන්

කිරි උරාබීමේ නොහැකියාව හෝ අඩු හැකියාව හෝ අනෙකුත් ශාරීරික ආබාධ

 

දරුවාට මව්කිරි ක්‍රමානුකූලව ලබාදීමට ඇති මෙවැනි කවර අන්දමේ බාධාවක් වුවත් ඉතා ඉක්මණින් ම විසඳාගැනීමට ඔබ ඔබේ සහකරු ඇතුළු වැඩිහිටියන්ගෙන්, ‍පවුල් සෞඛ්‍ය උපදේශිකාවගෙන්, ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් සහ සහයෝගය ලබාගැනීම අතිශයින් ම වැදගත් වනවා. සාමාන්‍යයෙන් නිරෝගී කිරිදෙන මවක් දිනකට කිරි මිලිලීටර් 650ත්750ත් අතර ප්‍රමාණයක් නිපදවනවා. මේ කිරි ප්‍රමාණය නිපදවන්නට ඇයට වැයවන ශක්තිය හොඳින් හඳුනාගනිමින්, ඒ ගැන සැලකිලිමත් වෙමින් පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම කිරිදෙන මව්වරුන්ට ඇතිවන ගැටළු බොහොමයකට හොඳ ම විසඳුම බව වෛද්‍යවරුන් නිරන්තරයෙන් ම අවධාරණය කරනවා.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about complications of breastfeeding. You can read the article and put your feedback on it. The motherhood is called the supreme authority that a woman can live in. Every woman sees dreams of being a mother. In addition, we sacrificed many things in our lives for our motherland.

Related Articles