අද කාලේ ගොඩක් දෙනෙක් සීනි කන්නේ ඉතාමත් බයෙන්. ඒකට හේතුව තමයි බොහෝ දෙනෙක් දිවැඩියා රෝගයට ගොදුරු වීම. වැඩිපුර සීනි ආහාරයට ගැනීම නම් කොහෙත්ම අනුමත කරන් බැහැ. හැබැයි සීනි වලින් ලස්සන වෙන් පුළුවන් ක්‍රමත් තිබෙනවා. ඒ සීනි කාලා නෙමෙයි සීනි ගාගෙන. සැලොන්වලට වියදම් කරන සල්ලිවලින් ගෙදරදිම ලස්සන වෙන් පුළුවන් ක්‍රම ගැන තමයි මේ කියන්න යන්නේ. සීනිවලින් ලස්සන වෙන්නේ මෙන්න මෙහෙමයි.
1) ඔබේ දෙතොල පැහැපත් සහ සුමුදු කර ගැනීමට
ඔබේ දෙතොල අව පැහැ වෙලාද? එහෙනම් කළ යුත්තේ සීනි තේ හැන්දකට වතුර තේ හැඳි භාගයක් දාල හොඳින් මිශ්‍ර කරගෙන ඔබේ ඇඟිල්ල ඒ ද්රාවනයෙන් තේමා ගන්න. දෙතොල් මත ඇඟිල්ල තබා රවුමට දෙතොල හොඳින් මසාජ් කරන්න. එවිට දෙතොලේ මැරුණ සම ඉවත් වෙනවා. පැහැපත් සහ සුමුදු දෙතොලක් ඔබට ලැබෙනවා.
2) ශරීරය ස්ක්‍රබ් කරන්න
ඉදුණු කෙසෙල් ගෙඩියක් හොඳින් පොඩි කරන්න. එයට සීනි හැඳි තුනක් පමණ එක කරන්න. හොඳින් මිශ්‍ර කර ඉතාම පලදායී ස්ක්‍රබ් එකක් හදාගන්න පුළුවන්. පලතුරු සුවඳ හමන එය ඇඟ පුරාම අලේපකර හොඳින් සම අතුල්ලන්න. මැරුණ සම ඉවත් වෙලා ශරීරය පැහැපත් වෙනවා. මේ සත්කාරය සතියකට වරක් කරාහම ඔබේ සමේ හැම තැනක්ම එකම වගේ වේවි.
3) කළු පාට තට්ටම්, වැලමිට සහ උරහිස් යතා තත්වයට ගැනීමට
ඔලිවු තෙල් මේස හැන්දකට සීනි තේ හැඳි දෙකක් මුසු කර අදාළ ස්ථාන හොඳින් ස්ක්‍රබ් කරන්න. එවිට කළු පැහැ සම ඉවත් වෙලා තට්ටම් සහ වැලමිට සුමුදු වේවි.
4) ඔබේ කකුල් වල රළු ගතිය අඩු කරගන්න
උණුසුම් දේශගුණයක් ඇති අපේ රටේ දෙපා ඉක්මනින් රළු වෙනවා. කුණු තැවරෙනවා. හොඳම දේ තමයි පේපර්මින්ට් තෙල් ස්වල්පයකට සීනි ටිකක් දාල හොඳින් සම්බාහනය කරන එක. එවිට කකුල් වල ඇති රළු බව නැති වෙනවා ඒ වගේම ලොකු සිසිලසක් සනීපයක් ලැබෙනවා.
5) අත් දෙක හොඳින් පිරිසිඳු කරගන්න
දවසම වෙහෙසෙන අත් දෙක තමයි වැඩියෙන්ම අපිරිසිඳු වෙන්නේ. ඔබේ බොඩි වොෂ් එකට සීනි ටිකක් දාල අත් දෙකම හොඳින් අතුල්ලන්න. පහසුවෙන්ම අත් දෙක පිරිසිඳු වෙනවා. මුහුණ කොතරම් සුන්දර වුනත් අත් දෙක අවලස්සන නම් ඔබේ සුන්දරකමට ලොකු හානියක් වෙනවා.
6) දෙපා වල රෝම ඉවත් කළ පසු සම සුමුදුව තබා ගන්න
ඔබ රෝම ඉවත් කරන්න රේසරයක් පාවිච්චි කරද්දී ඔබේ සමේ රළු වීමක් ඇති වෙනවා. එය මැඩලන්න හොඳම බෙහෙත් තමයි සීනි කියන්නේ. රෝම ඉවත් කිරීමෙන් පස්සේ සුදු සීනි අරගෙන කකුල් වල ගාලා හොඳින් රවුමට සම්බාහනය කර බලන්න. සේරම මැරුණ සම ඉවත් කරලා සම සිනිදී කරනවා. හරියට වැක්ස් කරා වගේ. වියදමකුත් නැහැ. සෞක්‍ය ආරක්ෂිතයි.
7) අත් දෙකේ තරුණ බව රැක ගැනීමට
ඔලිවු තෙල් සහ සීනි සම ප්‍රමාන වලින් මිශ්‍ර කරලා විටමින් E කරලක් එයට කඩා දමන්න. ඉන් පස්සේ අත් දෙක හොඳින් ස්ක්‍රබ් කරන්න. පැය භාගයකින් සෝදා දමන්න. අත් දෙක වඩාත් ලස්සන කර ගැනීමට මේ සත්කාරය සතියට දෙපාරක් වත් කරන්න
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about some beauty tips that you can use sugar and do . You can read the article and put your feedback on it.