Home Health & WellnessPhysical Wellbeing මදසරු භාවයේ වරද කාන්තාවන්ටම පමණක් පටවන්න එපා

මදසරු භාවයේ වරද කාන්තාවන්ටම පමණක් පටවන්න එපා

by LADY.LK

ජෝඩුවකට ළමයි නැත්නම් අපේ රටේ ඒකෙ වැඩිම දෝෂාරෝපණය එල්ල වෙන්නෙ කාන්තාවන්ට. ඒ වුණත් නිසරු හෝ මඳසරුභාවය කාන්තාවන්ට වගේමේ පිරිමින්ටත් එක වගේ අදාළයි.

නිසරුභාවය කියල කියන්නෙ අනාරක්ෂිතව වසරක් ලිංගිකව එකතු වුණත් ගැබ් ගැනීමක් සිදු වෙලා නැහැ කියන එකයි. සමීක්ෂණ වාර්තාවලින් පේන්නෙ නිසරුභාවයට පිරිමින් වග කියන්න ඕනෙ ප්‍රතිශතය සියයට 35 ත් 40 ත් අතර කියලා. තවත් සියයට 35 ක් 40 ක් කාන්තාවන්ගේ හේතු. සියයට 20 ත් 30 ත් අතර ප්‍රමාණයකට දෙදෙනාම බලපානවා.

ලිංගික සංසර්ගයේ දී ශුක්‍රාණු විමෝචනය කරන වෙලාවේ නිරෝගී අයෙකුගෙන් ශුක්‍රාණු මිලියන 200 ක් විතර පිට වෙනවා. මේවායින් මිලියන 15 ත් 45 ත් අතර ප්‍රමාණයක් ඩිම්බයක් සමග එක්විය හැකි සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වෙනවා. එයිනුත් ජීවී තත්ත්වයෙන් ඩිම්බය වෙත ළගා වෙන්න පුළුවන් වෙන්නෙ ශුක්‍රාණු 40 ක් විතර ප්‍රමාණයක්.

පිරිමින්ගේ මඳසරු භාවටය ප්‍රධාන හේතු හතරක් තියෙනවා. ඒවා තමයි,

ශුක්‍රාණු ප්‍රමාණය අඩු වීම

ශුක්‍රාණුවල චලන හැකියාව අඩු වීම

ශුක්‍රාණුවල විකෘති හැඩය

ශුක්‍ර තරලයේ ඇති දුර්වලතා

ඔබටත් නිසරුභාවයෙන් හෝ මඳසරුභාවයෙන් පෙළෙන කෙනෙක් නම් ඒකට ඔබේ දිවි පෙවෙතේ දුර්වලතා හේතුවෙන්න පුළුවන්. කොහොම වුනත් මෙන්න මේ දේවල්වලින් ඈත් වෙන්න, මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

සිගරට් වැනි දුම්කොල නිෂ්පාදන හා ගංජා භාවිතයෙන් වළකින්න. මේ දේවල් ඔබේ ශුක්‍රාණු ප්‍රමාණය අඩු කරන අතර ශුක්‍රාණුවල චලන හැකියාව අඩු කරනවා.

ඇල්කොහොල් පානය හැකිතාක් අඩු කරන්න.

අධික බර අයෙක් නම් ශරීරයේ බර අඩු කර ගන්න. ඒ වගේම බර ඉතා අඩු අයෙක් නම් නිසරුභාවයට එයත් හේතු විය හැකියි.

අධික ව්‍යායාම මගින් ශුක්‍රාණු ප්‍රමාණය අඩු විය හැකියි. මේක ගොඩක් බලපාන්නෙ ක්‍රීඩකයින්ට.

ශුක්‍රාණුවල ගුණාත්මක භාවය පවත්වාගෙන යාමට විටමින් සී, විටමින් ඊ සහ සින්ක් අවශ්‍ය වෙනවා.

විෂද්‍රව්‍ය වලට උදාහරණයක් හැටියට කෘමිනාෂක, වල් නාෂක වගේ දේවල්වලට නිරාවරණය වෙන එක නවත්තන්න.

තව එකක් තමයි පිරිමින් ඉතා තද යට ඇඳුම් අඳිනවා. ඒක කරන්න එපා. වෘෂණ කෝෂවල උෂ්ණත්වය ඉහළ යනවා.

Related Articles