Home Health & WellnessPhysical Wellbeing ඔසප් වේදනාව ඇතුළු රෝග සමනය කරන යෝග ක්‍රම

ඔසප් වේදනාව ඇතුළු රෝග සමනය කරන යෝග ක්‍රම

by LADY.LK

ඔසප් වේදනාව ඇතුළු රෝග සමනය කරන යෝග ක්‍රම

සෑම යෝග අභ්‍යාස ක්‍රමවේදයක් තුළම සැඟවුණු රෝග චිකිත්සාවක්ද වේ. එය අද වන විට බටහිර වෛද්‍ය පර්යේෂණ තුළින් පවා තහවුරු වූවකි.

වර්තමානයේ බොහෝ පුද්ගලයන් හුරුවී සිටින ජීවන රටාව මෙන්ම ආහාර පානද, ඔවුන්ට නොයෙක් ආකාරයේ කායික මෙන්ම මානසික රෝග පීඩා ළඟා කරන්නට හේතු වී ඇත. එබඳු බොහෝ රෝගාබාධ වලින් ඈත් වී කායික මෙන්ම මානසික සුවතාවයකින් යුතුව ජීවත් වන්නට යෝග අභ්‍යාස මගින් ලබා ගත හැකි සහනය අපමණය. අසූහතර දහසක් පමණ වූ එබඳු යෝග ආසන ක්‍රමවේද අතුරින් ඔබට නිවසේ සිටම නියැලෙන්නට හැකියාව ඇති පහසු ඉරියව් කිහිපයක් අපි ඔබ වෙත ගෙන එන්නෙමු.

1. බද්ධ කෝණාසනය (සමනලයෙකු පියාසලන ආකාරයට දෙදණ සැලීම)
ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම බොහෝ ගුණදෙන යෝගාසනයකි. කාන්තාවන්ගේ මෙන්ම පුරුෂයන්ගේද මුත්‍රාශය ආශ්‍රිත රෝගාබාධවලින් ඈත් වී සිටින්නටත් පවතින රෝගාබාධ වලින් සහනයක් ලබා ගන්නටත් මෙය උපකාරී වේ.

එසේම මෙය දරුඵල අහිමිව කාලයක් බලා සිටින  කාන්තාවන්ට ඉතා ඉක්මනින් එම හීනය සැබෑ කර ගන්නට හැකියාව ලාබ දෙන යෝග අභ්‍යාසයක්ද වේ. පුරුෂ පාර්ශ්වයේ ‍ප්‍රොස්ට්‍රේට් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය යහපත් කරන්නටත් කාන්තාවන්ගේ ඔසප් දෝෂ ඇතුළු ගර්භාෂය ආශ්‍රිත රෝග තත්ත්වයන් සමනය කර ගන්නටත් නොවරදින යෝග අභ්‍යාසයක් බව තහවුරු වී ඇත. කහින විට, සිනාසනෙ විට නොදැනුවත්ව මුත්‍රා පිටවන කරදරකාරී රෝගී තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන්ට මෙයින් විශාල සහනයක් ළඟාකර ගත හැකිය.

එපමණක් නොව මෙය ආහාර ජීර්ණ පද්දතිය ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන් සඳහාත්, යටිබඩ, වකුගඩු සහ කොඳු ඇට පෙළේ යහපැවැත්ම සඳහා මෙන්ම ලිංගික ගැටලු, හදවත් රෝග, දණහිස් ආබාධ, උකුල් ඇටය ආශ්‍රිත රෝග සඳහාත්, මානසික සහනය ළඟාකර ගැනීම සඳහාත් ඉවහල් වන බොහෝ ප්‍රතිඵලදායක යෝගාසනයකි.

විශේෂයෙන් ගැබිනි මව්වරුනට ඉතා යහපත් ආසනයකි. ගැබිනි මව්වරු මෙම බද්ධ කෝණායනයේ රැඳෙන විටදී හිස පහළට හෙළීමේ ඉරියව්වට නොයෑමට පරිස්සම් විය යුතුය. ඔසප් දිනවලදී බද්ධ කෝණාසනයේ යෙදෙන කාන්තාවන්ද හිස පහත හෙළන ඉරියව්වට යෑම නුසුදුසය. ඔවුන් දෙදෙණ ඉහළ පහළ හෙළීමේ අභ්‍යාසයේ පමණක් නිතරත වීම සෑහේ.

බද්ධ කෝණාසනයට පිවිසෙන ආකාරය

* ඡායාරූපයේ දැක්වෙන ආකාරයට බිම වාඩි වී දෙදණ දෙපසට විහිදුවා යටිපතුල් දෙක එකිනෙක සම්මුඛ වන ආකාරයට රඳවා ගන්න.
* පාදවල ඇඟිලි සහිත ප්‍රදේශය දෑත් අතර සිරවනසේ අත් දෙකේ ඇඟිලි බැඳ දෙපා තදින් අල්ලා ගන්න.
* සාමාන්‍ය ආකාරයට ආශ්වාස ප්‍රශ්වාසයේ යෙදෙමින් දෑස් වසාගෙන සමනලයෙකු තටු සලන ආකාරයට දෙදණ වේගයෙන් ඉහළ පහළ හෙළන්න (විසි වාරයක් පමණ)
* ඉහළ බලා ගැඹුරු හුස්මක් ගෙන එම හුස්ම පිටකරමින් හිස ‍පොළොව දෙසට පහත් කරමින් නළල පාද ඇඟිලි මත තබන්නට උත්සාහ ගන්න. (පස් වතාවක් පමණ)
මෙය ඔබට එදිනෙදා වැඩපළ වල නියැලෙන අතරතුරදි ලැබෙන සුළු විවේකයකදී වුවද නියැලෙන්නට පහසු යෝගාසනයකි. එහෙත් නිතිපතා බද්ධ කෝණාසනයේ යෙදීමෙන් ඔබේ ජීවිතයට ළඟා කර ගත හැකි යහපත නම් සුළුපටු නොවේ.

උපදෙස් ප්‍රවීණ රෝග උපදේශිකා සහ රේකී ආචාරිනී ආර්යා ෆ්රෝලිච්

උපුටා ගැනීම

Related Articles