Home Health & WellnessPhysical Wellbeing ඉක්මණින් බර අඩු කරගන්න ඕනද ? – 02

ඉක්මණින් බර අඩු කරගන්න ඕනද ? – 02

by LADY.LK

ඇත්තටම ඇඟේ බර වැඩි වෙලා නම්, ඔබ මොන වයසේ උනත් ඒක ගැටළුවක් වෙන්න ඉඩ තියෙනවා. ඒකියන්නෙ තමන්ට උනත් තමන් ගැන තියෙන ආත්ම විශ්වාසය අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒනිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.
පහුගිය ලිපියකින් අපි ඉක්මණින් බර අඩු කරගන්න වැදගත් වෙන ආහාර කීපයක් ගැන කිව්ව මතක ඇති. පොල්තෙල්, අර්තාපල් සහ කැෆේන් ගැන. අපි බලමු තවත් ආහාර කීපයක් මේදය අඩු කරගන්න උදව් කරන.

විනාකිරි වලටත් හැකියාව තියෙනවා මේද දහනයට. හැබැයි විනාකිරි වල තත්වය උසස් වෙන්නට උවමනයි. විනාකිරි වල තියෙන අම්ල ස්වභාවයට පුලුවන් මේද දහනය වේගවත් කරන්න.
ඒවගේම තමයි ගම්මිරිස් වලට හැකියාව තියෙනවා ඇඟේ තාප ජනනය වැඩි කරලා ඒ තුලින් මේද දහනය වේගවත් කරන්නට හැකියාව.

ඒවගේම තමයි ටූනා මාළු වර්ගයත් ඉක්මණින් මේද දහනයට උදව් වෙනවා. පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා ප්‍රෝටීන් අධික ආහාර වේලකට පුලුවන් කියල ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය වේගවත් කරන්නට වගේම දවසකට කැලරි 260 ක්වත් දහනය කරන්නට උපකාරි වෙන්නට.

ඊලගට වැදගත්ම දෙයක් තමයි බිත්තර. කෙනෙක් බිත්තර කිව්වාම පුදුම වේවි. මොකද අපි හිතන්නෙ බිත්තර කියන්නෙ ගොඩක් බර ආහාරයක්, මහත් වෙන්නම කියාපු ආහාරයක් කියලනේ. බිත්තර කියන්නෙ බොහොම පෝෂ්‍යදායි ආහාරයක්. බිත්තර 3කට පුලුවන් උදේ කෑම වේලෙ අවශ්‍ය සියලුම පෝෂණ ගුණයන් අපිට ලබාදෙන්නට. ඒවගේම බිත්තර කියන්නෙත් ප්‍රෝටීන් අධිකව තියෙන ආහාරයක්. උදෑසන ආහාරයට බිත්තර කීපයක් ගත්ත අයව පර්යේෂණයට භාජනය කරල තියෙනවා ඊලග දවසට 2ට, ඔවුන් කැලරි 400කට අඩුවෙන් ආහාර ගන්න තරම් හේතු වෙලා තියෙනවා. ඒකියන්නෙ බර අඩුවෙන්න බිත්තර  බොහොම හොද ආහාරයක්.

මේ වගේ ආහාර බොහෝමයක් තියෙනවා බර අඩු කරගන්නට. අපි තව ඒව බලමු ඉදිරියේදි.

Related Articles