Home LifestyleFashion මිටි කෙල්ලොන්ට විතරයි

මිටි කෙල්ලොන්ට විතරයි

by LADY.LK

කෙල්ලෝ කෙහොමත් විලාසිතාවලට කැමතියිනේ. හැබැයි ඉතිං කැමැත්ත තිබුණු පලියටම විලාසිතා කරන්නත් බැහැ. ඒකට ඉතිං විවිධ හේතු තිබෙනවා. මේ අතර බොහෝ දෙනෙක්ට තදින්ම දැණ්‍නෙ ප්‍රශ්නයක් තමයි උස ප්‍රශ්නය. ඇතැම් තරුණීයන් උසින් අඩු නිසා විවිධ ප්‍රශ්නවලට මැහුඛණ දෙනවා. මේ අතර තමන් කැමති විලාසිතාව කරගන්න බැරිව ලතැවෙන අය ඉන්නවා.  නමුත් අද අපි කියන්න යන්නේ  ඒකට විසඳම් කිහිපයක් ගැන.

මෙම ලිපියේ දක්වා ඇත්තේ ඔබගේ උස වැඩි කර පෙන්වන සරල උපක්‍රම 10ක්. ඩතිං ඔබත් උසින් අඩු කෙනෙක් නම් මේ උපක්‍රම අත්හදා බලන්න.

  1. V කර සහිත බ්ලවුස – V කර සහිත බ්ලවුස මගින් ඔබගේ උස වැඩි වී පෙනේ. තරමක් තද පැහැයෙන් යුතු කරක් සහිත බල්වුස මගින්  ඔබගේ දේහයේ උස වැඩි වී පෙනේ.
  2. පැලුම් සහිත ඇදුම් භාවිතය – මෙවැනි ඇදුම් අඩි උස සපත්තු වලට මෙන්ම අඩි රහිත සපත්තු වලටද වඩාත් සුදුසු වේ. එමන්ම
    ඔබ අදින්නේ තද පැහැති ඇදුම් නම් එහිදී දිගු පැලුමක් සුදුසු වේ. ඔබගේ පෙනුමට ගැලපෙන පරිදි පිටුපසෙන් හෝ පැත්තෙන් පැලුම් යොදා ගන්න.
  3. අගින් විශාල කරන ලද කලිසම් භාවිතා කරන්න – ඔබ තරමක් මිටි යුවතියක් නම ඔබට මෙම උපක්‍රමය අනුගමනය කරන්නට පුළුවන්. ඔබ සාමාන්‍ය බ්ලවුසයක් අදී නම් එවැනි අවස්තාවක මෙවැනි යට විශාල කරන ලද කලිසමක් සුදුසු වේ.
  4. උදරයට ඉහලින් කලිසම ඇදීම – ඔබගේ පෙනුම සෙන්ටිමීටර කිහිපයකින් වැඩි කර පෙන්වීම සදහා උදරයට ඉහලින් අදින කලිසම් භාවිතා කරන්නට පුළුවන්.නමුත් උදරයට ඉහලින් සාය ඇදීම සුදුසු වන්නේ නෑ.
  5. දිගු සාය සමග කෙටි බ්ලවුසය – දිගු සාය සහ කෙටි බ්ලවුසය මගින් ඔබගේ සාය වෙත වැඩි අවධානයක් යොමු වන අතර ඔබගේ උසද සෙන්ටිමීටර කිහිපයකින් වැඩිව පෙනීම එමගින් සිදුවේ. නමුත් බ්ලවුසය ඇදීමේදී ඉතාතුනී රෙද්ද භෛව්තා කිරීමෙන් වලකින්න.
  6. දිගු ඉරි සහිත ඇදුම් ඇදීම – සිරස් ඉරි සහිත ඇදුම් ඇදීමෙන් ඔබගේ උස වර්ධනය වී පෙනේ. නමුත් මෙහිදී ඔබ වර්ණ පිළිබදවද සැලකිලිමත් විය යුතු වේ. ඇදුම් සදහා වර්ණ කිහිපයක් භාවිතා නොකර වර්ණ දෙකක් භෛව්තා කරන්න.
  7. ඔබගේ සමේ වර්ණයට සමාන වර්ණයෙන් යුතු සපත්තු සහ සෙරෙප්පු පළදින්න – අඩි උස සපත්තු පලදීම ඔබගේ උස වැඩි කර පෙන්වන උපක්‍රමයකි. නමුත් ඒවායේ වර්ණය නිසා ඔබට ඊට වෙනස් බලපෑමක් ද ඇති වෙන්නට පුළුවන්. මේ නිසා ඔබගේ සමේ
    වර්නයටම සමාන සපත්තු සහ සෙරෙප්පු භාවිතයෙන් ඔබගේ උස තරමක් වැඩි වී පෙනේ

 

Related Articles