Home Novel Episode පිනි වගේද ආදරේ – Episode 04

පිනි වගේද ආදරේ – Episode 04

by LADY.LK

පිණි වගේද ආදරේ

දිනිති හෙට්ටිආරච්චි ලියයි

කාවිංග එළියට ගිහින් එද්දි රටකජු ගෙනාපු නිසා ෂෙනාලියි අශේනියි ඉතුරු කරගෙන හිටපු වැලිතලප කෑල්ලක් දෙන්න කාවිංගට කතා කළා. කාවිංග ෂෙනාලිගෙන්, ඇයි අක්කා කියල අහගෙන එද්දි අශේනි එයාගෙ අතේ තිබුණු පොඩි වැලිතලප පාර්සලේ කාවිංග පැත්තට දික් කරා.

කාවිංග වැලිතලප කෑල්ලක් අරගත්තෙ අශේනිගෙ දිහාවට ලස්සන හිනාවකුත් දාගෙන.

තැන්ක්යූ.. කාවිංග වැලිතලපවලට ස්තුති කරා.

මේ අශේනි.. මේ කාවිංග.. ඒ හඳුන්වා දීම ෂෙනාලිගෙන්.

හායි…

හායි…

දෙන්නා අතරෙ හුවමාරු වුණේ හායි දෙකක් විතරයි. කාවිංග ආසාවෙන් වැලිතලප කෑල්ල කන්න ගත්තා. ඒක බලං හිටපු අශේනිට දුක හිතුනා. ඒ නිසාම අශේනි ඉතුරු වැලිතලප පාර්සලෙත් කාවිංග පැත්තට දික් කළා.

කමක් නැද්ද? අනිත් අයට?

අනිත් අයට දුන්න මල්ලි. ඔයා කන්න. රසයිද? 

අශේනි අහන්න ඕන ටික ඇහුවෙ ෂෙනාලි.

හරිම රසයි. අනික මම හරිම ආස කෑමක්. 

කාවිංග කිවුවෙ හරිම සතුටෙන්. 

මල්ලි මොකෝ අද එළියට ගියේ?

ලොක්ක කියපු වැඩ වගයක් කරන්න..

ඉවරද?

ඔවු ඔක්කොම ඉවරයි. ඒත් මේ…

ඇයි ඒත්…

මගේ ඔෆිස් එකේ වැඩ ටික ඉවර නෑ.

අර මොකෝ?

එළියට ගිහින් ආවම ඒ ටික කරන්න කෙනෙක් නෑ අක්කා

මං උදවුවක් දෙන්නද?

අක්කට ඇති වෙන්න වැඩ තියෙනවනෙ..

මං උදවු කරන්නං.. මට අද වැඩ නෑ

ඒ තමයි අශේනි මුලින්ම හායි කිවුවට පස්සෙ කට ඇරපු පළවෙනි වතාව

කමක් නැද්ද?

කාවිංග ඇහුවෙ හරිම ගෞරවයකින් වගේ. මොකද මේක කාවිංගට ලොකු උදවුවක්.

අනේ කමක් නෑ.

ඒකටත් මැදින් පැනලා උත්තර දුන්නෙ ෂෙනාලි.

එහෙනං අතන ෆයිල් ටික ඔයා බලනවද? තේරෙන්නෙ නැති තැනක් තිබ්බොත් අහන්න.

හරි මල්ලි… අශේනි කාවිංගට මල්ලි කියල කිවුව….

මල්ලි? මං හිතුව ඔයා මට වඩා බාල ඇති කියල..

නෑ මෙයා ඔයාට වඩා අවුරුද්දක් වැඩිමල්.. ආයෙත් මැදට පැන්නෙ ෂෙනාලි

අනේ පොඩි පෙණුමක්නෙ තියෙන්නෙ..

කාවිංග හිනා වෙලා ආයෙත් වැඩ කරන්න ගත්තා.

කවදාවත් නැති විදියෙ අමුතු සතුටක් අශේනිගෙ හිතෙත් ගියා.

පැයක් විතර තිස්සෙ වැඩ කළා අශේනිට වැඩ කරනවා දැණුනෙත් නෑ. වෙලාවත් ගිහින්. මහන්සියකුත් නෑ. අලුත් දේවල් ගොඩක් කාවිංග ගෙන් ඉගෙන ගත්තා. ඒ කියල දෙන අතරේ කාවිංග ඔෆිස් එක ඇතුළෙ අනිත් වැඩ සිද්ධ වෙන විදියත් කියල දුන්නා. මෙතනට මුලින්ම ආපු කාලෙ කාවිංගට සමහරු සළකපු විදිය, කාවිංග ඉහළ තනතුරකට එද්දි ඒ අය කරපු වැඩ වගේම, කාවිංග මහන්සි වුණු හැටි කාවිංග කිවුවා.

මේ දේවල් අහගෙන ඉද්දි අශේනිගෙ හිතේ කාවිංග ගැන ඇති වුණේ ලොකු භක්තියක්. මොකද රස්සාවට ඇවිත් දැන් තමයි අශේනි ඇත්තටම දෙයක් ඉගෙනගන්නෙ. නැත්තං තාමත් ගයාන් ගාව ඔහේ උඩ බලාගෙන ඉන්න වෙන්නෙ.

හිතුව පමණින් ඔළුව උස්සලා බලද්දිම එතන හිටියෙ ගයාන්.

ඔයා මොකද මෙතන?
ඔයා එතන වැඩ නෑ කිවුවනෙ..

ඉතිං?

මම මේ කාවිංගගෙ වැඩ වගයක් ඉවර කරන්න උදවු කරා.

කවුද කාවිංගයද කිවුවෙ?

ෂෙනාලි තමයි කතා කරල දුන්නෙ…

ෂෙනාලිටත් ඕන්නැති දෙයක් නෑනෙ… කියද්දිම ගයාන්ගෙ පිටට තට්ටු කළේ කාවිංග

ඇයි ගයාන් අයියෙ? මොකුත් අවුලක්ද?

මේ මට දීපු ටේනි..

ආ.. මගේ මේ හිර වෙච්ච වැඩක් කරල දෙන්න පුළුවන්ද කියලයි ඇහුවෙ

හ්ම්ම්… ඉවරද ඒක?

තාම ඉවර නෑ.. හැබැයි බාගෙකටත් වඩා ඉවරයි…

හ්ම්ම්ම්…

ගයාන් අයියට ඕනනං ගන්න. කොහොමත් අක්කට ඕන වෙන්නෙ ගයාන් අයියා කරන වැඩ ටික ගැන දැනගන්නනෙ.

හරි එහෙනං අශේනි යන්න සීට් එකට…

ගයාන් එහෙම කිවුවම අශේනි කරබාගෙන සීට් එකට ගියා

ගයාන් ඊටපස්සෙත් කාවිංග එක්ක කතා කර කර හිටිය. අශේනිගෙ හිතට කේන්තියි. දුකයි.

ටිකකින් ගයාන් ආවා.

මං මොනවද දැන් කරන්න ඕන?

දැන් මෙච්චර වෙලා අතර කාවිංග ගෙ වැඩ කරානෙ. දැන් රෙස්ට් කරන්න ටිකක්

මොකක්?

ඔවු ඉතිං අනුන්ගෙ වැඩ කරලා මහන්සි ඇතිනෙ..

එහෙම කියලා ගයාන් හෙඩ්සෙට් එක ගහගත්තා.

අශේනි කේන්තියෙන් පුපුරද්දිම ෂෙනාලි අශේනිට මෙසේජ් එකක් එවුව

Ganan ganna epa. Owa ohoma thamai.

අශේනිට ඒක බැලුවට යවාගන්න උත්තරයක් නෑ.

අශේනිත් ටයිප් කළා… Hmmm…

ඕනනං අපි කන්න යමු දැන්..

ෂෙනාලි ඇහුවෙ අශේනි ලඟට ඇවිත්

හා…

කියපු පමණින් අශේනි පුටුවෙන් නැගිට්ටා.

මං කාවිංගටත් කතා කරාට කමක් නැද්ද?

ෂෙනාලි 

ඊලඟ කොටසට…

Related Articles

1 comment

Thenumi October 3, 2021 - 6:26 pm

Great

Comments are closed.