Home Novel Episode පිනි වගේද ආදරේ – Episode 16

පිනි වගේද ආදරේ – Episode 16

by LADY.LK

දිනිති හෙට්ටිආරච්චි ලියයි

දවස් ගෙවිලා යන්නෙ නොහිතන තරම් ඉක්මනට. දවල් කෑමට එළියට ගිහින් අශේනි කියපු දේවල් කාවිංග ගෙ හිතේ තාම ඒ විදියටම රැඳිලා තියෙනවා. අශේනි මේ කියපු දේවල් කිව්ව වේගෙ ඉක්මන් වැඩියිද කියලා හිත හිත ලත වෙනවා. කාලෙකින් තමුන්ගෙ මුළු හිතේම අරක්ගත්තු තරුණයා මේ දේවල් නිසා එයාගෙන් ඈත් වෙයිද කියන දුක අශේනිගෙ හිතේ තියෙනවා. මේ දේවල් එක්ක ෂෙනාලි අශේනි එක්ක තරහා වෙයිද කියන අවුල අශේනිගෙ හිතේ කොණක තියෙනවා. දැන් අලුතෙන් ඔෆිස් එකේදි අශේනිගෙ සුපීරියර් විදියට වැඩ කරන චමෝදි මේ දේවල් නිසා අශේනිට කරදරයක් වෙයිද කියන සැකයත් අශේනිගෙ හිතේ තියෙනවා.

මුළු ඔෆිස් එකටම වැඩ වැඩි කාලයක්. කාවිංගව සීට් එකේ දකින්න වෙන්නෙත් කලාතුරකින්. දෙන්නත් එක්ක රෑට රෑට තරමක් චැට් කළත්, ඒ කිසිම කතාවක් අශේනිගෙ හිතේ තියෙන දේ කියාගන්න ඉඩ ලැබුණු චැට් නෙමෙයි. මුළු දවස පුරාම ඔෆිස් එකේ වැඩ වලට වෙහෙසෙන කාවිංග ව ගොඩක් වෙලා නිදාගන්නැතුව තියාගන්නත් අශේනිට දුකයි. මේ දේවල් එක්ක අශේනි හිතුවා ඔෆිස් එකේ ප්‍රශ්නයක් වුණොත් කියලා කෝකටත් එයාගෙම බිස්නස් එකක් පටන් ගන්න. එනිසා එයා එයාට පුරුදු චිත්‍ර අඳින බිස්නස් එක පටන් ගත්තා.

මේ ගැන කාවිංගටත් කිවුවා. වෙලාව නැතත් කාවිංග ඒ වෙනුවෙන් මහන්සි වෙලා අශේනිට එයාගෙ චිත්‍ර අඳින බිස්නස් එක පටන්ගන්න උදව් කළා. මේ උදව්ව එක්ක දෙන්නට කතා කරන්නත් ඉඩක් ලැබුණා. අශේනි කාවිංගට කැමතියි කියන එක කාවිංග දන්නවා. ඒත් කලින් පැනලා අහලා අශේනිව නැති කරගන්න කාවිංග බයයි. මේ නිසා ම කාවිංග ටිකක් ඉවසුවා. ඇත්තටම කාවිංගට ඉවසන්න හොඳටම වෙලාව තිබුණා. මොකද කාවිංගට ඔළුව උස්සන්න බැරි තරම් වැඩ තිබුණා.

ඒ අතරේ තමයි අශේනිගෙ අලුත් බිස්නස් එකේ ෆේස්බුක් පේජ් එක ඕපන් කරේ. මේ ගැන ඔෆිස් එකේ ලොකුවටම කතාවක් ඇදුනා. මුලින්ම කතාව ඇදලා ගත්තෙ ෂෙනාලි.

අශේනි ඔයාත් පටන්ගත්තද කාවිංගගෙ බිස්නස් එක

චිත්‍ර වුණාට මම කරන්නෙ ඒකම නෙමෙයි

එහෙමනං?

කාවිංග කරන්නෙ පෝට්‍රේට්ස්නෙ

ඉතිං

මම කරන්නෙ සීනරීස්.

ආ…

කාවිංග මොකෝ ඒ ගැන කිවුවෙ?

මොකුත් නෑ

පුදුමයි

ඇයි?

එයාගෙ බිස්නස් එකට තර්ජනයක්නෙ

එයා එහෙම ඉරිසියා කරන කෙනෙක් නෙමෙයි ෂෙනාලි.

හ්ම්ම්ම්… ඒවත් දන්නව නේද?

ඔව් අපි දෙන්නා මේ ටිකේ ටිකක් කතා කරා

ඒ මොකටද?

මගේ ආට් සප්ලයිස් ගන්න වගේ දේවල්වලට

වැඩිය කාවිංග එක්ක කතා කරන්න යන්නත් එපා

ඇයි?

කවුද දන්නෙ එයා අර කියන එයා ක්‍රෂ් කියන ගර්ල් ඕවට කැමතිද කියලා

අනේ මන්දා ඒකනං

ඇයි අනේමන්දා කිවුවෙ?

නෑ ඉතිං එහෙමනං එයා මගෙත් එක්ක කතා නොකර ඉන්න ඕනනෙ…

හ්ම්ම්ම්…

ෂෙනාලිගෙ මූනෙ ඒ තරං හොඳ සුහද පෙණුමක් නෙමෙයි තිබුණෙ. කාවිංගට කැමති නිසාම ෂෙනාලි අශේනිට ඉරිසියා කරන්න ගත්තා. මේ වෙලාවෙ මේසෙ වැඩ කර කර ඉද්දි මේසෙට ලං වුණේ චමෝදි…

මං හිතන්නෙ අශේනිට මං එදා කියපු දේ තේරිලා

මොකද්ද අක්කා?

මං එදා කිවුවෙ, කාවිංග කැමති එක්කෙනාට කාවිංගව දැණිලා නෑ කියලා

ඉතිං?

මං හිතන්නෙ දැන් දැනිලා

ඇයි අක්කා එහෙම කිවුවෙ?

මං දැක්කනෙ ඔයයි කාවිංගයි පාක් එකේ බත් කනවා.

අක්කා?

ඔව් ඔව්… මම කාටවත් කිවුවෙ නෑ

අනේ…

බය වෙන්න එපා අනේ…

අපි දෙන්නට බඩගිනි නිසා…

මට බොරු කියන්න එපා

බොරු නෙමෙයි. එහෙම මොකුත් නෑ

තාම එහෙම මොකුත් නැතුව ඇති.. ඒත් ඉස්සරහට…

ඉස්සරහට?

ඔව් ළමයො. ළඟදිම කාවිංග අහයි

අක්කා මොනවද මේ කියන්නෙ?

ඇයි?

මම හිතුවෙ ඔයා කාවිංගට?

එයා මගේ මල්ලි වගේ. මම කැමති වුණෙ නැත්තෙ ෂෙනාලි එයා ගාවට යනවට විතරයි.

හ්ම්ම්ම්…

හැබැයි කාවිංගයි ඔයයි හොඳටම ගැලපෙනවා.

ඇයි අක්කා එහෙම කියන්නෙ?

ඔය දෙන්නා වැඩ කරන විදිය, චිත්‍ර, කැමති දේවල්, හැමදේම එක වගේ

ඒ කතාවට බාධාවක් වුණේ චමෝදිට කෝල් එකක් ආපු නිසා. චමෝදි යනකං ඈතට වෙලා බලං හිටපු කාවිංග අශේනිගෙ ළඟට දුවගෙන ආවා.

අර වැඩේට යමුද?

මොන වැඩේටද?

ආට් සප්ලයිස් ගන්න?

මේ දැන්?

ඔව් මට හොඳටම මහන්සියි

ඉතිං?

ඊයෙ නිදියගත්තෙත් නෑ

දෙයියනේ… ඉතිං ගිහින් නිදාගන්න

ඔය ආට් සප්ලයිස් වැඩේ ඉවර කරගෙනම ගෙදර ගිහින් නිදාගන්නං

ඉතිං තාම ඔෆිස්නෙ

කමක් නෑ ෂොට්ලීව් දාලා යමු

දෙන්නම?

හොරෙන් යමු අශේනි. ඉක්මනට එන්න.

හරි.

දෙන්නත් එක්ක ලෝකෙටම හොරෙන් යනව කියලා හිතාගෙන හිටියට මේ ගමන් බිමන් ගැන චමෝදිත්, ෂෙනාලිත් ඇහැ ගහගෙන හිටියෙ. අශේනියි කාවිංගයි ආට් සප්ලයිස් ගන්න අතරෙ වැරදිලා වගේ දෙන්නගෙ අත් දෙතුන් වතාවක්ම එකට ගැටුනා. මුලින් මුලින් ඒක නුහුරුයි වගේ දැණුනට, පස්සෙ දෙන්නටම ඒක හිතට ලොකුවට අවුලක් දැණුනෙ නෑ. අශේනිට කාවිංග ළඟ ඉන්න එක ලොකු දෙයක් කියලා හිතුනා.

ඊලඟ කොටසට…

Related Articles