Home Novel Episode පිනි වගේද ආදරේ – Episode 02

පිනි වගේද ආදරේ – Episode 02

by ladylk

දිනිති හෙට්ටිආරච්චි ලියයි

අශේනි ෂෙනාලිත් එක්ක කිරිබත් කන්න වාඩි වුණා. කවුරුත් නැති නිස්කලංක වෙලාවක්
මේක. සාමාන්‍යයෙන් තව ටික වෙලාවකින් මේ ලන්ච් රූම් එක යකාගෙ කම්මල වගේ
වෙනව. කට්ටිය කෑ ගගහ ඉන්නෙ මෙතන. ඒ නිසා අශේනි නිදහසේ උදේට කන්න
ලෑස්ති වුණා. ලන්ච් රූම් එකට හදිස්සියෙන් ව​ගේ ආවෙ කාවිංග. කාවිංග තමයි ඔ​ෆිස්
එකේ පොඩි එකා. කාවිංග මේ ඔෆිස් එකේ අවුරුදු තුනක් වැඩ කරලා තිබුනත්, තාමත්
කාවිංගට වඩා බාල කෙනෙක් ඔෆිස් එකට නෑ. වයසට වගේම කාවිංගගෙ වැඩත්
එහෙමයි. තාම පොඩි එකෙක් වගේ.
ආ ෂෙනාලි අක්කා
මල්ලි අද උදෙන්?
ඔවු මං අද එළියට යන්නෝන
ඒ ඇයි?
බොස් යන්න කිවුවෙ පොඩි සුපර්වයිසින් වැඩකට
ආ..
ඔයා මොනවද ගෙනාවෙ කන්න?
කිරිබත්. කනවද?
කන්න නං ආසයි වෙලාවක් නෑ අප්ප
කවන්නද?
හා
ෂෙනාලි කාවිංගට කිරිබත් ටිකක් කැවුව. අශේනි පුදුමෙන් වගේ බලාගෙන හිටියා.
කාවිංග එහෙම්මම එළියට ගියා. වතුර බිවුවෙත් නෑ.
ඇයි?
මුකුත් නෑ අනේ
පුදුමෙන් වගේ
නෑ මං මේ…
කියන්න අශී..
කිරිබත් කවපු නිසා
අපෝ එහෙම මොකුත් නෑ අපි අතරෙ.
හ්ම්ම්ම්
එයා තමයි පොඩි එකා
හ්ම්ම්ම්

පවු.. හුඟක් මහන්සි වෙලා වැඩ කරනව
හ්ම්ම්ම්..
එයා ගොඩක් බාලයිද?
ඔයාට වඩා අවුරුද්දක් බාලයි.
ආහ්..
අශේනි ආයෙත් කිරිබත් කන්න පටන් ගත්තා. ෂෙනාලි කිරිබත්වලට හදාගෙන ඇවිත්
තිබුනෙ මාලු. අශේනි හැදුවෙ සීනිසම්බෝල.
මං එච්චර ආස නෑ මාළු කන්න..
මාත් වැඩිය ආස නෑ..
හ්ම්ම්ම්…
ඔයාට මං තව සීනි සම්බෝල ටිකක් දාන්නද?
හ්ම්ම් හා..
අශේනියි ෂෙනාලියි දැන් හොඳම යාළුවො දෙන්න වෙලා ඉවරයි. දෙන්නටම තිබුනෙ
එකම විදියෙ වැඩ. දෙන්නම හිටියෙ එක ලඟ ගෙවල්වල. දෙන්නම මේ ඔෆිස් එකට
අලුත්. ඒ නිසා දෙන්නට දෙන්නා ගොඩක් ලං වුණා. මේ වෙලාවෙ තමයි ෂෙනාලි මෙච්චර
වෙලා හිතේ හිර කරගෙන හිටපු දෙයක් අශේනිගෙන් ඇහුවෙ.
ඔයත් එක්ක කතා කරාද ගයාන්?
ආ ඔවු.. මට ඔක්කොම වැඩ ටික කියල දුන්නෙ එයා..
හ්ම්ම්ම්…
මේ සතියම එයා එක්ක වැඩ කරන්න කිවුවෙ
ඔවු ඔවු දන්නව
ඒ කොහොමද?
ඔෆිස් එකම දන්නව..
ආ..
ගයාන් කිවුවනෙ.
මොනවද කිවුවෙ?
එයා ඔයාට කැමතියි. වෙනිං කාටවත් ඔයාට ට්‍රයි කරන්න එපා කියල.
හප්පා.. එතකොට
මටත් කිවුව එයා ගැන ඔයාගෙන අහන්න කියල
අපෝ…
ඇයි ඔයා කැමති නැද්ද?
මං කැමති නෑ එහෙම වටෙන් ගොඩින් එන කොල්ලොන්ට
ඇයි ඒ…
කොන්ද පණ තියෙන්න එපැයි අනේ..
ඒකත් ඇත්ත..

ඇත්තටම මේ වැඩේට අශේනිට කේන්තියි. අශේනි ඒ කේන්තිය එච්චර ලොකුවට
ෂෙනාලිට පෙන්නුවෙ නෑ..
ඔෆිස් එකේ හැමෝටම කියල ලොක්ක වගේ… හැබැයි මගෙන් අහන්න පණ නෑ..
ඒකට ෂෙනාලි හිනා වුනා විතරයි. ෂෙනාලි හිතුවා අශේනිට හොඳටම කේන්ති ගිහින්
කියල. හැබැයි ෂෙනාලි කැමති වුනා අශේනි හිත විදියට. ෂෙනාලි දැන් ආදරය
කරන්නෙත් එහෙ කෙනෙකුට නේද කියල මතක් වුනේ ඒ වෙලාවෙ.
ඔයා දන්නවද වැඩක්…
මොකද්ද?
මගේ එක්කෙනා… ලසිත
ඔවු
එයත් මගෙන් කෙලින් ඇහුවෙ නෑනෙ..
එහෙනං?
එයයි මායි කලින් ඔෆිස් එකේ එකට වැඩ කළේ.
ඉතිං?
මේසෙ උඩින් මල් තියලා තිබුනා, චොකලට් තියල තිබුනා. චිට්ස් ලියල තිබුනා.
හප්පා…
මුළු ඔෆිස් එකටම කියල.. මම විතරක් දන්නෙ නෑ
ඊටපස්සෙ?
ඊටපස්සෙ ඔෆිස් පාටි එකකදි බීලා ඇවිල්ල යාළුවො බලෙන් එයාව මගේ ලඟින්
ගෙනල්ල තිබ්බම තමයි මට කැමතියි කිවුවෙ..
ආහ්…
මට ඔයා ගයාන් ගැන අර කතාව කියද්දි මතක් වුනේ ලසිතව..
අනේ සොරි… මං ඒක එහෙම හිතල කිවුවෙ නෑ.
නෑ නෑ අශී… ඔයා කියන එක ඇත්ත…
හ්ම්ම්ම්…
අශේනිට ආසා හිතුනා ෂෙනාලිගෙ ඒ ගතිගුණයට. දෙයක් ගැන සමබරව හිතන එක
ඕනම මනුස්සයෙකුට තියෙන්න ඕන හොඳ ගුණයක්. ඕනම ප්‍රශ්නෙකදි පිටස්තරයෙක්
විදියට තමුන් දිහාම බලලා තීරණ ගන්න පුළුවන් හැකියාවක්.
ඒ කතාව කෙළවර වුනේ තව තුන්දෙනෙක්ම ලන්ච් රූම් එකට ආපු නිසා. එයාලා කාලා
ඉවර කරපු කිරිබත් පාර්සල් අයින් කරලා වැලිතලප පෙට්ටියත් අරගෙන ලලිතා ආන්ටිව
හම්බෙන්න ගියා.

ඊලඟ කොටසට…

Related Articles