Home Lifestyle Tattoo එකක් කරන්න හිතේ කැමැත්තක් තියෙනවද (1 කොටස)

Tattoo එකක් කරන්න හිතේ කැමැත්තක් තියෙනවද (1 කොටස)

by ladylk

Tattoo එකක් කරගන්න ආසාවක් තිබුනත් ඒ ගැන හිතේ ප්‍රශ්න ගොඩයි ද? එහෙමත් නැත්නම් බයක් හෝ චකිතයක් වගේ දැනෙනව ද? එහෙම නම් lady.lk අපි අරන් එන මේ ලිපිය කියවලා බලන්නකෝ. ඔයාගේ හිතේ tattoos ගැන තියෙන ප්‍රශ්න ගොඩකට මේ ලිපියෙන් පිළිතුරු ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.

මුලින් ම..

ඔබ ගර්භනි නම්, tattoo එකක් කරගන්න කැමැත්තකුත් තියෙනවා නම් දරු උපත සිදුවෙලා වසර 1- ½ ක් පමණ කාලයකට පස්සේ tattoo එකක් කරගන්නවා නම් තමයි වඩා සුදුසු. එහෙමත් නැත්නම් පොඩ්ඩා මව් කිරි බීම නතර කරපු ගමන් වුණත් පුළුවන්. මේ ගැන විධිමත් researches සිදු කරලා සොයාගත්ත තොරතුරු නැති වුණත් Pregnancy period එකේ tattoo එකක් කරගන්නේ නැතිව ඒ කාර්‍ය තරමක් කල් දැමීම වඩා සුදුසුයි කියලා අපි හිතනවා. ඒ වගේම, ඔබ පුරුද්දක් විදියට blood donate කරන කෙනෙක් නම් tattoo එකක් කරගැනීමෙන් මාස 6ක පසුව නැවතත් blood donate කරන්නටත් පුළුවන්කම තියෙනවා.

මිල ගණන්

Tattoo එකේ ප්‍රමාණය සහ design එක අනුව මිල ගණන් තීරණය වෙනවා. මුලින්ම තමන් tattoo එක කරගන්න බලාපොරොත්තුව වෙන artist එක්ක කතා බහ කරලා මිල ගණන් අහලා දැනගන්නවා නම් එය ඔබට වඩාත් පහසුවක් වන්නට ඉඩ තියෙනවා. ඒ වගේම තමයි මුල්ම වතාවට සිදු කරන දෙයක් නිසා tattoos  කරගෙන පළපුරුදු කෙනෙක් එක්කම ගියානම් වඩා හොඳයි කියලා අපි හිතනවා. ඒත් එක්කම, මිල ගණන් කිය කිය හෙට්ටු කරන කෙනෙක් ලඟට නොයා professional, reputable artist කෙනෙක් තෝරා ගන්නටත් අමතක කරන්න එපා. මොකද, හරි විදියට tattoo එකක් කරගන්න අවශ්‍ය නම් තරමක මුදලක් ඔබට වියදම් කිරීමට සිදුවෙන නිසා. හදිසි වෙලා, ලාබෙට tattoo එකක් කරගත්තොත් නම් ඔබට පසුතැවෙන්න වුණත් කරුණු යෙදෙන්න ඉඩ තියෙනවා.

Tattoo ink එක allergic වෙන්න පුළුවන්ද

ඔව්. Tattoo එක කරගන්න අවස්ථාවේදි වගේම aftercare stage එකේදිත් එහෙම වෙන්න ඉඩ තියෙනවා. පාවිච්චි කරන products සහ සම අතිශය සංවේදී වීම තමයි මීට ප්‍රධානතම හේතුව වෙන්නේ. හැබැයි මතක තියාගන්න, බොහොම කලාතුරකින් තමයි කෙනෙක්ට එහෙම අකරතැබ්බයට මුහුණ දෙන්න සිදු වෙන්නේ. සම කැසීම, රතුවීම හෝ බිබිළි දැමීම හෝ කවර ආකාරයක හෝ අසාමාන්‍යතාවයක් දැනෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් මේ තත්ත්වය සමනය කරගන්නට හැකියාව තියෙනවා.

හොඳම tattoo parlor එකට යන්න

‘ළඟම තැන හොඳම තැන’ කියලා නොහිතා නීත්‍යානූකූල විදියට, සෞඛ්‍යාරක්ෂිතව සහ ලස්සනටම tattoos කරන තැනටම යන්න උත්සහ කරන්න කියලා අපි සිහිපත් කරනවා. ඒ වගේම තමයි, Tattoo එකක් කියන්නේ ස්ථීර වශයෙන් සිදු කරන දෙයක් නිසා කාලයක් තිස්සේ research කරලා සුදුසුම design එක සහ artist හොයාගන්නවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ. මෙහිදී Tattoo artists ලා කිහිප දෙනෙක් තෝරාගෙන ඔවුන්ගේ facebook සහ instagram හි පළකරන ඔවුන්ගේ tattoo නිර්මාණ, customer reviews සහ comments එහෙමත් පරීක්ෂා කරලා ඒ එක් එක් artist ලස්සනට ම නිර්මාණය කරන්නේ කොයි විදියේ designs ද කියලා තීරණය කරන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉන් පසුව ඔබට පුළුවන් ඔබ ප්‍රිය කරන නිර්මාණය සිදු කරගන්නට නම් යා යුත්තේ කොයි artist ළඟටද කියලා වැටහීමක් ලබාගන්න. නිර්මාණය ආරම්භ කිරීමට පෙර design එක සමට trace කිරීමේදී එය ඔබට අවශ්‍ය ආකාරයට තියෙනවාද, වචනවල spellings නිවැරදිද, ගැළපෙනම වර්ණ තොරා ගන්නවාද වගේ කරුණු ගැනත් හොඳින් අවධානයෙන් ඉන්න කියලා අපි මතක් කරනවා. කිසියම් ආකාරයකින් ඔබ අපහසුතාවයකට ලක්වෙන යමක් සිදුවෙනවා නම් එම ස්ථානයෙන් පිටවීමට දෙවරක් සිතන්න අවශ්‍ය වන්නේ නැහැ.

සෞඛ්‍යාරක්ෂිත බව

මෙහෙම හිතමුකෝ, tattoo එකකදි කරන්නේ needle එකක් මඟින් අපේ සම සිදුරු කරලා ink ඇතුළත් කිරීමනේ. මේ දේ පිරිසිදුව සිදු කලේ නැත්නම් අසාත්මිකතා වුණත් ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, tattoo එකක් කියන්නේ අද ඇඳලා හෙට මකලා දාන අපේක්ෂාවෙන් කරන දේකුත් නෙවෙයි. ඉතින් මේ කටයුත්තෙදි සෞඛ්‍යාරක්ෂිත බව හරිම වැදගත්නේ නේද? මේ නිසා parlor එක, artist, මතුපිටවල් සහ උපකරණ හොඳින් විෂබීජහරණය කරලා පිරිසිදුව තියෙනවාද කියන කරුණ ගැන ඔබ විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. සෑම අලුත් නිර්මාණයක් කිරීමේදීම අලුත් ම disposable needle එකක්, ink cup එකක්, gloves සහ napkins භාවිතා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අලුත් ම සහ පිරිසිදු උපකරණ භාවිතයට ගැනීම ඔබගේ දෑස් ඉදිරියේදී ම සිදු වෙනවාද කියලත් අවධානයෙන් ඉන්න කියලා අපි සිහිපත් කරනවා. ඒ වගේම තමයි, tattoo නිර්මාණය සිදු කිරීමට භාවිතා කරන ස්ථානයත් පරික්ෂා කර බලනවා වඩාත් සුදුසුයි. මොකද, දියර උරා නොගන්නා rock, marble, stainless steel වගේ මතුපිටක් නම් ඉතා පහසුවෙන් විෂබීජහරණය කිරීම සිදු කරන්නට හැකියාව ලැබෙනවා. හැබැයි දියර වර්ග උරාගන්නා මතුපිටවල් සහිත ස්ථානයක සෞඛ්‍යාරක්ෂිත බව ගැන නම් අපිට සහතික වන්නට අපහසුයි.

Session එකකින් සම්පූර්ණ කරන්න නොහැකි අවස්ථා

ප්‍රමාණයෙන් විශාල, වර්ණ වැඩිපුර යෙදීමට සිදුවන හෝ details වැඩි tattoo නිර්මාණයක් එක session එකකින් සම්පූර්ණ කරන්නට නොහැකි වන්නට ඉඩ තියෙනවා. මේ නිසා Design එක artist ට පෙන්වලා එය නිම කිරීම ගතවෙන කාලය ගැනත් යම් අදහසක් ලබා ගන්නට පුළුවන් නම් එය ඔබට විශාල පහසුවක් වේවි කියලා අපි හිතනවා.

Related Articles