Home Lifestyle High tea එකකට යන්න කැමති ද

High tea එකකට යන්න කැමති ද

by ladylk

බොහෝ දෙනෙක් අතරේ ලොකුවට ජනප්‍රිය මාතෘකාවක් නොවුනත් high tea කියලා කියන්නේ මොකක්ද කියලා ඔබ සමහරවිට දන්නවා ඇති. නොදන්න අයත් ඇති. ඉතින් ඒ හැමෝම වෙනුවෙන් අපි හිතුවා high tea parties වල ඉතිහාසය සහ ලංකාව ඇතුළේ අපිට high tea එකකට යන්න පුළුවන් ස්ථාන ගැන පොඩ්ඩක් කතා කරන්න.

high tea party කියන්නේ මොකක් ද

සාමාන්‍යෙන් එංගලන්තයේ වංශවතුන් අතර නිරන්තරයෙන් සිදුවූ social gathering (afternoon tea) එකකට වඩා වෙනස් දෙයක් තමයි මෙහිදී සිදුවෙලා තියෙන්නෙ. වැඩ කරන ජනතාව (working class) තමන්ගේ වෙහෙසකර දිනය අවසානයේ පවුලේ උදවියත් එක්ක එකට එකතුවෙලා ගත්ත light supper එකක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. හැබැයි light supper එකක් කිව්වට පවුලේ ආර්ථික තත්ත්වය අනුව මෙයට meat, fish, eggs, salad, එළවලු, පළතුරු, cheese, butter, baked items, crackers, beans, desserts  වගේ ආහාර පානත් අයිති වෙන නිසා කෙළින්ම රාත්‍රී ආහාර වේල විදියට ම හඳුන්වන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ කෑම බීම පිළිගන්වන්න high counters හෝ dining tables භාවිතා කිරීම තමයි සම්ප්‍රදාය වෙලා තියෙන්නේ. ඒ කාලයේ තේ කියලා කියන්නේ වැඩ කරන පන්තියේ ජනතාවට ලබා ගන්නට නොහැකි තරම් සුඛෝපභෝගි පානයක් වුණු නිසා බොහෝ වෙලාවට මේ ආහාර වේලට තේ අයිති වුනෙත් නැති බව තමයි සඳහන් වෙන්නේ. ටිකක් පැටලිලි සහගතයි වගේ නේද? කොහොම වුනත් මේක තමයි high tea වල ඉතිහාසය සම්බන්ධව කරන්න පුළුවන් සරලම හැඳින්වීම.

ලංකාවේ අපිටත් high tea එකකට යන්න පුළුවන්

ලංකාවේ අපිට ක්‍රම දෙකකට high tea අත්දැකීම ලබාගන්න හැකියාව තියෙනවා. පළවෙනි එක තමයි සාමාන්‍ය විදියට ආහාර වර්ග කිහිපයක් අඩංගු platter එකක් ලබා ගැනීම. එහෙමත් නැත්තන් කැමති වර්ගයක් අරගෙන කන්න පුළුවන් high tea buffet එක. මේ ආහාර පාන අතරට කටට සැර කෑම වගේම desserts වර්ගත් තේ සහ කෝපිත් අයත් වෙනවා. ඉතින් ඔබට මේ දෙයාකාරයේම high tea අත්දැකීම් ලංකාවේ, විශේෂයෙන්ම කොළඹ අවට hotels වලින් අත්විඳින්න අවස්ථාව තියෙනවා. හැබැයි අපි මේ කියලා තියෙන ස්ථානවලට යන්න පැය 24 ටවත් කලින් reservation එකක් දාලා යන්න නම් අමතක කරන්න එපා. අමුත්තන් ප්‍රමාණය සහ වයස් මට්ටම් අනුව මිල ගණන් වෙනස් වෙන නිසා අපි අදාළ මිල ගණන් මෙහි සඳහන් කරන්නේ නැහැ.

Water’s edge Hotel, Battaramulla

සිකුරාදා සිට ඉරිදා දක්වා දිනවල සවස 3- 6 වෙනකන් වෝටර්ස් එජ් high tea එක විවෘත වෙලා තියෙනවා. Reserve කරගන්න මේ අංකයට කතා කරන්න.

+94 773 587 419

Shangri- la Hotel (Sapphyr lounge), Colombo

සතියේ සෑම දිනකම සවස 3 සිට 5 වෙනකන් high tea සඳහා විවෘත වෙලා තියෙනවා. ඔබ සති අන්තයක යන්න හිතාගෙන ඉන්නවා නම් දින 2-3 කට කලින්වත් reserve කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මෙතන Western high tea, Sri Lankan high tea සහ afternoon high tea කියලා options තුනක් ම තියෙනවා.

+94 117 888 288

Mövenpick Hotel, Colombo

සෑම සෙනසුරා දිනකම සවස 2-5 දක්වා විවෘතව පවතින අතර tea, coffee වලට අමතරව hot chocolate සහ milk shakes වල රස බැලීමේ අවස්ථාවත් උදා වෙනවා.

+94 11 7 450 460

Marino Beach (The rose lounge), Colombo

අඩුම මුදලකට high tea අත්දැකීමක් ලබා ගන්න කැමති නම්, bill එකෙන් 75%ක් පමණ pre pay කරලා reservation එකක් දාගන්න පුළුවන්. තෝරලා බේරලා ගන්න platter options තුනක්ම ඇති අතර දිනපතා සවස 3 සිට 5 වෙනකන් high tea සඳහා විවෘත වෙලා තියෙනවා.

+94 112 375 375

Rare at residence, colombo

දිනපතා සවස 3-5 දක්වා high tea සඳහා විවෘත වෙලා තියෙනවා. ටිකක් වෙනස් විදියේ ආහාර වල රස විඳින්න කැමති නම් මෙතනට යන්න පුළුවන්.

+94 115 673 000

Taj Samudra Hotel, Colombo

මෙතන තියෙන්නේ නම් high tea buffet එකක්. සිකුරාදා සහ සෙනසුරාදා දිනවල සවස 3 සිට 6 දක්වා විවෘතව පවතිනවා.

+94 112 446 622

Cinnomon Grand Hotel (Tea lounge), Colombo

දිනපතා සවස 3-6 දක්වා high tea සඳහා විවෘතව  පවතින අතර මෙතනින් සාධාරණ මුදලකට කෑම වර්ග වැඩි ගණනක් ලබාගැනීමේ හැකියාව තියෙනවා.

+94 11 249 7380

The English cake company (The cakery), Colombo

කේකරි එක විවෘත වෙලා තියෙන ඕනෑම වෙලාවක ඔබට high tea අත්දැකීම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. High tea Options තුනක් ලබාදෙන නිසා තෝරලා බලලා තමන්ට කැමති එක තෝරාගන්න පුළුවන්කම තියෙනවා.

+94 112 501 344

Hilton Hotel (Graze kitchen), Colombo

සෑම ඉරිදා දිනකම දවල් 12.30 සිට 2.30 දක්වාත්, සවස 3 සිට 5 දක්වාත් High tea සඳහා මෙය විවෘතව පවතිනවා. platters විදියට වගේම buffet විදියටත් කෑම බීම ලබාගැනීමේ හැකියාව තියෙනවා.

 +94 112 492 492

Galadhari Hotel (The lobby bar)

බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා සවස 3.30- 6 වනතුරු high tea සඳහා විවෘතව පවතිනවා.

+94 112 544 544

Tea avenue (Gallface outlet), Colombo

Regular සහ vegen කියලා options දෙකකින්, දිනපතා දහවල් 12 සිට සවස 6 දක්වා මෙහිදි කෑම බීම ලබාගන්න පුළුවන්කම තියෙනවා.

 +94 769 693 577

The Gardenia Coffee Shop (Ramada Hotel), Colombo

Regular English, Moghul, Japanise විදියට high tea options තුනක්ම ලබා දෙන මෙම ස් සවස 3 සිට 6 දක්වා high tea සඳහා විවෘතව පවතිනවා.

+94 112 422 001

The Verandah (Galle Face Hotel)

සතියේ සෑම දිනකම සවස 4 සිට 6 දක්වා high tea සඳහා විවෘතව පවතින අතර buffet හෝ platters වශයෙන් ලබාගැනීමේ හැකියාව තියෙනවා.

+94 112 541 010

The Kingsbury Hotel

 +94 771 087 720

The Grand Hotel (Tea lounge),  Nuwara Eliya

+94 522 227 737

Ayana Sea Resort, Wadduwa

+94 382 282 885

Arie Lagoon, Negombo

+94 317 745 745

Mitsis Delicacies, Colombo

+94 777 163 090

The Golden Crown Hotel, Kandy

+94 812 244 000

Related Articles