Home Lifestyle Tattoo එකක් කරන්න හිතේ කැමැත්තක් තියෙනවද (part 2)

Tattoo එකක් කරන්න හිතේ කැමැත්තක් තියෙනවද (part 2)

by ladylk

Tattoos ගැන අපි අරන් එන දෙවන ලිපිය තමයි මේ. එහෙනම් අපි බලමු tattoo එකක් කරගන්න කලින් තව දුරටත් හොයලා බලන්න අවශ්‍ය වෙන කරුණු මොනවද කියලා.

හොඳට හිතලා බලලා තීරණයක් ගන්න

කලිනුත් කීවා වගේ අද කරගන්න tattoo එක හෙට remove කරන්නේ නෑනේ. ඒ නිසා කරලා ඉවර වුනාට පස්සේ පසුතැවීමක් ඇති නොවෙයි කියලා හිතන විදියේ tattoo design එකක් තෝරාගැනීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන් ම පෙම්වතා එක්ක couple tattoo එකක් හෝ පෙම්වතාගේ නම වගේ දෙයක් තමන්ගේ සම මත සටහන් කරගන්න හිතෙනවා නම් ඒ ගැන දෙතුන් වතාවක් කල්පනා කරන්න ම වෙනවා.

සති 2ක් යනකන් පරිස්සම් වෙන්න

සාමාන්‍යෙන් tattoo එකක් heal වෙන්න සති දෙකක්වත් ගතවෙනවා කියලයි කියන්නේ. මේ නිසා ඒ සති දෙක ඇතුලත swimming pools වලට බැසීම, මුහුදේ පිහිනීම හෝ දැඩි ඉර එළියට නිරාවරණය වීම වගේ දේවල් එතරම් සුදුසු වෙන්නෙ නැහැ. Pool chemicals, ocean bacteria, UV rays නිසා ඔබ අලුතින් ම කරගත්ත tattoo එකට හානිවෙන්න ඉඩ තියෙන නිසා අඩුම ගණනේ දින 14ක් වත් යනකන් පරිස්සම් වෙන්න සිදු වෙනවා.

කාලෙන් කාලෙට touch up එකක් කරගන්න

කොයි තරම් පරිස්සමින් බලාගත්තත් කාලය ගතවෙනකොට tattoo එක fade වෙන්න සුළු ඉඩකඩක් තියෙන නිසා ඒ වගේ අවස්ථාවකදි tattoo artist ළඟට ගිහින් පොඩි touch up එකක් කරගැනීමේ හැකියාව ඔබට තියෙනවා. බොහෝ tattoo parlors වලින් මේ දේ නොමිලේම සිදු කරගැනීමේ හැකියාව තිබ්බත් tattoo එක කරගන්න අවස්ථාවෙදිම ඒ කාරණය ගැනත් සැක හැරලා දැනගන්න එක තමයි වඩාත් සුදුසු වෙන්නේ.

ඉර එළිය ටිකක් මඟාරින්න

ඔබේ සම ඉර එළියට නිරාවරණය වෙනවා වැඩියි වගේ නම් tattoo එකත් ටිකක් වැඩියෙන් fade වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම, tattoo එක කරලා තියෙන්නේ arm එක වගේ තැනක නම් මේ දේ පහසුවෙන් ම සිදුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ කාරණය ගැන හිත වදවෙනවනම් කරන්න තියෙන්නේ ඉර එළියට වැඩිපුර expose නොවෙන තැනක tattoo එක කරගැනීම හෝ නිරන්තරයෙන් ම sunscreen පාවිච්චි කිරීමයි.

පොඩ්ඩක් රිදෙනවා තමයි

ඉදිකටු තුඩකින් සම විදිනකොට නොරිදී තියෙන්නේ නෑනේ නේද? හැබැයි ඒක දරාගන්න අමාරු වේදනාවක් නම් නෙවෙයි. Tattoo එකේ විශාලත්වය, සම මත tattoo එක සිදුකරන ස්ථානය සහ එකිනෙකාගේ දරාගැනීමේ හැකියාව අනුව මේ වේදනාවේ තරම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මේ ගැන tattoo artists ලා හොඳින් දැනුවත් නිසා වැඩේ පටන් ගන්න කලින් තමන්ගේ artist එක්ක කතා බහ කරලා තීරණයක් ගන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි කියලා අපි හිතනවා.

Tattoo එකට අකමැති නම්,

කාලයක් යනකොට tattoo එක ගැන අකමැත්තක් ඇති වෙලා නම් ඔබට කරන්න දේවල් දෙකක් තියෙනවා. පළමුවෙනි option එක තමයි tattoo එක cover කිරීම. ප්‍රමාණයෙන් කුඩා tattoo එකක් නම් මේ දේ සිදු කිරීම පහසු වෙනවා. ඒ වගේම තමයි තියෙන tattoo එක ආවරණය වෙන විදියට එයට උඩින් වෙනත් tattoo design එකක් කිරීම දක්ෂ artist කෙනෙක්ට නම් එතරම් අපහසු දෙයක් වෙන්නෙත් නැහැ. දෙවනි option එක තමයි tattoo එක remove කිරීම. ඔව්, laser treatment එකක් කරලා tattoo එක ඉවත් ම කරලා දාන්න පුළුවන්කම තියෙනවා. හැබැයි Ink color, ink කොයි තරම් ප්‍රභල විදියට සමේ සටහන් වෙලා තියෙනවාද, tattoo size එක වගේ කරුණුවල බලපෑම මත මේ ඉවත් කිරීම වෙනුවෙන් removal sessions කිහිපයක් ම කරන්න සිද්ධවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි කලු, නිල්, කොළ වගේ වර්ණ පහසුවෙන් ඉවත් වුණත් කහ හෝ සුදු වගේ light color ඉවත් කිරීම නම් එතරම් පහසු නැහැ කියන කාරණයත්, මෙය මිලාධික සහ සමේ අදාළ ස්ථානයේ කැළලක් ඉතිරි කරවන්නට ඉඩ තියෙන කටයුත්තක් බවත් අමතක කරන්න එපා. වැදගත් ම දෙය තමයි tattoo ඉවත් කිරීමේ සේවාව ලබගන්නේ කාගෙන්ද කියන කාරණය. ඔබට වේදනා රහිත සහ වගකීමක් සහිත සේවයක් ලබා ගන්න අවශ්‍ය නම් මේ සඳහා සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් ළගට යෑම වඩාත් ම සුදුසුයි කියලයි අපි නම් විශ්වාස කරන්නේ.

Plan එක වෙනස් කරන්න සිදු වෙන අවස්ථා

මෙහෙම හිතමුකෝ. ගොඩක් කුඩා font එකකින් ඔබට යම් වැකියක් tattoo කරගන්න අවශ්‍ය වෙන අවස්ථාවක tattoo artist එයට එකඟ නොවෙන්න ඉඩ තියෙනවා. Font එක කුඩා වැඩි වීම නිසා bleed වීම වැඩිවෙන්නත්, නිර්මාණය හරි හැටි කරගන්නත් බැරිවෙන්නට ඉඩ තියෙන නිසා font එක මඳක් විශාල කරන්න කියලා artist යෝජනා කරන්න ඉඩ තියෙනවා. ඒ වගේ අවස්ථාවක දී තමන් කරන දේ ගැන නිවැරදි professional knowledge එකක් සහිත tattoo artist ට සවන් දීම තමයි වඩා සුදුසු වෙන්නේ.

පොඩි කැසීමක් ඇතිවෙන්න ඉඩ තියෙනවා Tattoo එක කරලා සතියක් හමාරක් යනකන් ඒ ස්ථානයේ සුළු කැසීමක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. කැසීමේදී නියපොතු වලින් tattoo එකට හානි සිදුවෙන්න ඉඩ තියෙන නිසා සහ infection ඇතිවෙන්නට හැකියාව ඇති නිසා හැකිතාක් ඒ දේ සිදු නොකර ඉන්නට වගබලා ගන්න සිදුවෙනවා. ඒ වගේම තමයි Tattoo එක ඉක්මනින් heal වීම සඳහාත්, ආරක්ෂාව සඳහාත් නියම කරන cream ආලේප කරලා ප්‍රවේශමෙන් රැක බලා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි මේ කසන සුළු ස්වභාවය වැඩි නම්, අසාමාන්‍යයි වගේ නම් හැකි ඉක්මනින් dermatologist කෙනෙක්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම තමයි ඔබ සිදු කළ යුතු වන්නේ. ඒ වගේම තමයි, Heal වීම සිදු වන කාලසීමාව තුළ tattoo එක සිදුකළ ස්ථානය බොහෝ වෙලාවක් ජලයට නිරාවරණය කිරීම, පෙඟීම හෝ සබන් ආලේප කිරීම සුදුසු නැති බවත් අමතක කරන්න එපා කියලා අපි අවසන් වශයෙන් සිහිපත් කරනවා.

Related Articles