දිනිති හෙට්ටිආරච්චි ලියයි…
අශේනි හිතුවෙ කාවිංග කෝල් එක දෙන්නෙ එයාගෙ ෆොටෝ ගැන කියන්න කියලා. එදා ගනං උස්සලා බැරිම තැන අශේනි කාවිංගට එයාගෙ ෆොටෝස් පහක් යැවුවා. කාවිංග ගෙදර යන අතරේ කාවිංග ගිය මෝටර්සයිකල් එක ඇක්සිඩන්ට් වෙලා. අශේනිට කෝල් කරේ කාවිංගව හොස්පිට්ල් එකට අරගෙන ගිය කාර් එකේ මනුස්සයා. අශේනි ඔෆිස් එකේ කාටවත් මේ කතා කියන්න ගියේ නෑ. කිවුවනං ඔෆිස් එකට අශේනියි කාවිංගයි නිතර කතා කරන අය කියලා අහුවෙනවා. ඒ නිසා අශේනි කාටවත් මොකුත්ම නොකියා හොස්පිට්ල් එකට යන්න හිතුවා. බෑග් එකට මේසේ උඩ තිබුණු දේවල් දාගනිද්දි ෂෙනාලි ඇවිත් ඇහුවා ඇයි කියලා. අශේනි හැමදේම ෂේප් වෙන උත්තරයක් දෙන්න හිතාගෙන හිටියෙ.
මොකෝ මේ?
අනේ මගෙ ඔළුව හොඳටම රිදෙනවා.
ඒ මොකෝ..
දන්නෙ නෑ.
හ්ම්ම්ම්… ගෙදර යනවද?
මං බැලුවෙ බෙහෙත් ටිකක් අරගෙන ගෙදර යන්න කියලා.
ඔව් ඒක හොඳයි. බොස්ට කිවුවද?
කියන්න යන්නෙ දැන්.
බෙහෙත් ගන්න යනව කියලත් කියන්න.
ඒ ඇයි?
ඔයා අලුත් නිසා එයා මෙඩිකල් එකක් ගේන්න කියාවි කොහොමත්
අනේ තැන්ක්යු ෂෙනාලි. මං කියන්නං.
හරි.
දැන් අශේනිට කිසිම ප්රශ්නයක් නැතුව හොස්පිට්ල් යන්න පුළුවන්. ඒක ගැන හිතලමයි අශේනි අර බොරුවක් කිවුවෙ. අශේනි පිටත් වෙලා හොස්පිට්ල් එකට ඇවිත් ඇක්සිඩන්ට් වෝඩ් එකට ගියා. කාවිංගගෙ නම කියලා හෙවුවත්, එතන කාවිංග හිටියෙ නෑ. බැරිම තැන අශේනි ආයෙත් කාවිංගගෙ ෆෝන් එකට කෝල් කරා. ඒක ආන්සර් කරේ කාවිංග.
කාවිංග ඔයා කොහේද?
ආ අශේනි… මම හොස්පිට්ල් එකට ආවා පොඩ්ඩක්.
ඒ මොකද?
මේ ගෙදර ලඟ කෙනෙකුගෙ බෙහෙත් වගයක් අරගෙන යන්න.
ඇත්තද? මාත් හොස්පිට්ල් එක ගාව ඉන්නෙ
ආ එහෙමද? මං දැන් පිටත් වුණා.
බොරු කියන්නෙපා කාවිංග. ඔයා ඉන්නෙ පාරක නෙමෙයි.
සොරි.
කාවිංග සොරි කියල කෝල් එක කට් වුණා. අශේනි ආයි කෝල් කරාට කාවිංග ආන්සර් කරෙත් නෑ. අශේනි මුළු හොස්පිට්ල් එක පුරාම දිවුවා. එතකොටම අශේනි කාවිංගව දැක්කා. හෙල්මට් එකත් අතේ දාගෙන කාවිංග බංකුවක වාඩි වෙලා හිටියා.
මොකද්ද දෙයියනේ වුණේ? ඇයි බොරු කිවුවෙ?
ඔයා කොහොමද අශේනි දන්නෙ?
මට ඔයාව හොස්පිට්ල් එකට අරං ආපු අංකල් කිවුවෙ
හ්ම්ම්ම්…
ඔයාට මොකද වුණේ?
බයිසිකල් එක හැප්පුනා. මාව ෂොක් එකට සිහිය නැති වෙලා.
ඉතිං.
ලොකු තුවාලයක් නෑ. බයික් එකටත් අවුලක් නෑ.
මට බයික් එක වැඩක් නෑ කාවිංග.
හරි දැන් බනින්නෙපා.
බනින්න නෙමෙයි ගහන්න වටින්නෙ
ඒ මොකටද?
හයියෙන් යනවට බයික් ගත්තම
ඔයා දැක්කද මං හයියෙන් යනවා.
ඇයි දැන් බොරු කිවුවෙ, බෙහෙත් වගයක් අරං යන්න ආවා කියලා වෙන කෙනෙකුට
මේ විදියට බනියි කියලා හිතලා තමයි.
මහ පිස්සෙක් ඔයා… මොනව හිත හිතද බයික් පැද්දෙ?
අර එවපු ලස්සන මූන කොහොමද දැන් අඳින්න පටන් ගන්නෙ කියලා හිත හිත..
ඒ කතාවට නං අශේනිට දෙන්න උත්තරයක් තිබුණෙ නෑ. අශේනි කාවිංගගෙ මූන දිහා බලං හිටියා. එතකොටම අශේනිට කෝල් එකක් ආවා. ඒ ෂෙනාලි. අශේනි ෆෝන් එකේ වැටෙන නම කාවිංගට පෙන්නුවා. දෙන්නම හොස්පිට්ල් බංකුවෙ වාඩි වෙලා ෂෙනාලිගෙ කෝල් එක ආන්සර් කළා. කාවිංග ඒ කෝල් එක ස්පීකර් ඔන් කරා. දැන් දෙන්නටම ඇහෙනවා ෂෙනාලි කියන දේවල්.
අශී… ඔයා බෙහෙත් ගත්තද?
බෙහෙත් ගන්න මේ හොස්පිට්ල් එකට ආවා අනේ…
ඇත්තද දන්නවද වැඩක්? දැන් බොස් කිවුවෙ.
මොකද්ද?
කාවිංගව ඇක්සිඩන්ට් වෙලානෙ…
අශේනිට එක පාරටම කාවිංගගෙ මූන දිහා බැලුනා. ඒ මූනෙ තිබ්බෙ අහිංසක හිනාවක්. කාවිංග අශේනිට කතා කරගෙන යන්න කියලා ඔළුවෙන් කිවුවා.
ඔවු ෂෙනාලි මට කාවිංගව හම්බුණා.
ආ ඒ කොහෙදිද?
හොස්පිට්ල් එකේදි. මං බෙහෙත් ගන්න ආවනෙ.
මගෙ කොල්ලට ගොඩක් අමාරුද?
නෑ එයාට ලොකු තුවාලයක් නෑ. සිහිය නැති වෙලා. දැන් ටිකට් කපාගෙන ගියා.
අපි අද හවසට යමුද එයාව බලන්න?
හා මාත් එන්නම්..
එයා ඔයා එක්ක කතා කරාද?
ඔව්…
ලොකු අමාරුවක් නෑනෙ?
නෑ අශේනි බය වෙන්න දෙයක් නෑ.
එහෙමනං කමක් නෑ. දැන් ඔයා මොකද කරන්නෙ?
මාත් මේ ගෙදර යන්න බැලුවෙ
ගිහින්?
බෙහෙත් බීලා නිදාගන්නවා ඔයා හවස එන්න හදද්දි කෝල් එකක් දෙන්න.
හරි. බායි. සීයූ.
සීයූ.
දැන් කාවිංග අශේනිගෙ මූන දිහා බලං ඉන්නවා. කාවිංග වැඩි දුර හිතන්නෙ නැතුව කෙලින්ම ප්රශ්න අහන්න ගත්තා.
මට තියෙනව අශේනිගෙන් අහන්න ප්රශ්න දෙකක්.
මොනවද?
මං කොහොමද ෂෙනාලිගෙ කොල්ලා වෙන්නෙ?
ඇයි?
ඇයි එයා අර ඇහුවෙ මගෙ කොල්ලට ගොඩක් අමාරුද කියල.
ආ… ඒ නිකමට වෙන්නැති. ඔයා ඔෆිස් එකේ පොඩි එකානෙ..
එහෙමද?
ඔව්…
අනිත් ප්රශ්නෙ? ඇයි ඔයාට බෙහෙත් ගන්න ආවෙ?
ඒක මං ෂෙනාලිට කියපු බොරුවක් කාවිංග.
ඇයි එයාට බොරු කිවුවෙ…
මට එයාට කියන්න බෑනෙ මම ඔයාව බලන්න යනව කියල..
හ්ම්ම්ම්ම්….
කාවිංග එතන ඉඳන් නිහඬ වුණා. කාවිංග එතනින් ගෙදර යනවා කිවුවා. ෂෙනාලි හවස කාවිංග බලන්න යන්න කෝල් කරනකංම අශේනි නිදාගත්තා.
ඊලඟ කොටසට…