Home Novel Episode පිනි වගේද ආදරේ – Episode 06

පිනි වගේද ආදරේ – Episode 06

by LADY.LK

දිනිති හෙට්ටිආරච්චි ලියයි

අශේනියි ෂෙනාලියි ලන්ච් රූම් එකෙන් එළියට එද්දි චමෝදි කිවුවෙ තරමක් සැර කතාවක්.

ආ… තුන්දෙනා හොඳට කෑවද?

ෂෙනාලි කොහොමත් චමෝදිත් එක්ක තරහෙන් ආවෙ. මොකද චමෝදි ප්‍රෑන්ක් එකක් කරලා කාවිංගට බත් ටික නිදහසේ කන්න නොදුන්න නිසා. දැන් මේ චමෝදි කියපු කතාවෙන් ෂෙනාලිටයි අශේනිටයි පැහැදිලි වුණා චමෝදි අර ප්‍රෑන්ක් කෝල් එක දුන්නෙ විහිළුවටම නෙමෙයි කියලා. ඔව් මේ කියවන ඔයාලා හිතුවා හරි. ඒ ප්‍රෑන්ක් කෝල් එක දීලා තියෙන්නෙ කාවිංගව ෂෙනාලිලා ගාවින් එළියට අරගන්න. එනිසාම චමෝදිට රිද්දන්න දෙයක් කියන්න ෂෙනාලි හිතුවා.

ඔව් අපි බෙදාගෙන කෑවෙ.

එහෙම කියාගෙනම ෂෙනාලි ඩෙස්ක් එකට ගියා. අශේනිත් ඒ පස්සෙන්ම ඩෙස්ක් එකට ගියා. ගිහින් මේසෙන් වාඩි වෙද්දිත් අශේනි දැක්කා චමෝදි ෂෙනාලි දිහා කේන්තියෙන් බලාගෙන ඉන්න විදිය. ඊටස්සෙ චමෝදි කෑම එකත් අරගෙන ලන්ච් රූම් එකට ගියා. දැන් ලන්ච් රූම් එකේ ඉන්නෙ කාවිංගයි චමෝදියි විතරයි. චමෝදි ගිය ගමන් ම කාවිංග එළියට ආවා. අශේනිගෙ හිතට හරිම සතුටුයි. අශේනිට හිතාගන්න බෑ, කාලෙකට පස්සෙ එක පාරටම දවසක් දෙකක් දැකපු කොල්ලෙක් ගැන අශේනිගෙ හිත මේ තරම් බැඳෙන්නෙ ඇයි කියලා. අශේනි හිතාගත්තා මේ ගැන තව හිතන්න. මොකද අශේනි අවංකවම කාවිංගට ආදරෙයි නං ඒක ඇත්තටම තමන්ගෙම හිතට තට්ටු කරලා දැනගන්න ඕන විත්තිය අශේනි තීරණය කරා. කාවිංග ආවම අශේනි කාවිංග ගාවට ගියා.

මට පොඩි උදව්වක් ඕන.

අනේ අක්කා මම පොඩි වැඩක

කමක් නෑ මම පස්සෙ එන්නම්

හදිස්සියක්ද?

අනේ නෑ.. හදිස්සි නෑ.

අක්කා මං දැන් එළියට යනවා

හා ආවම කතා කරමු.

මං හවස් වෙනකං එන්නෙ නෑ එහෙම්මම ගෙදර යනවා.

ආ.. කමක් නෑ මං හෙට අහන්නම්.

නෑ එපා.. කමක් නැත්තං ඔයාගෙ නම්බර් එක දෙන්න

හ්ම්ම්ම්… දෙන්න ෆෝන් එක

කාවිංග ෆෝන් එක දුන්නා. අශේනි ඒකෙ අශේනිගෙ නම්බර් එක ගහලා මිස්ඩ් කෝල් එකක් දීලා කාවිංගට ආයෙත් ෆෝන් එක දුන්නා. ඒ සිද්ධිය දිහා ඔෆිස් එකේ ඇස් කීපයක්ම කැරකැවිලා තියෙන විත්තිය අශේනි දැක්කා. ඒ නිසා ඔෆිස් එකේ කට්ටියගේ සැක දුරු කරන්න අශේනි හිතාගත්තා. අශේනි ෂෙනාලිගෙ ඩෙස්ක් එක ගාවට ගි​යේ ඒ ප්ලෑන් එකත් ඔළුවෙ තියාගෙන. කාවිංග එතකොටම එළියට ගියා. ෂෙනාලි පටන්ගත්තෙම විහිළුවකින්. ඒකට ඔෆිස් එකේ කට්ටියක්ම හිනා වුණා. දැන් අශේනි දන්නවා හැමෝම වගේ මේ කතාව අහගෙන ඉන්නෙ කියලා. එනිසාම අශේනි මේ ප්ලෑන් එක ගහන්න හිතාගත්තා.

ආ කොල්ලට නම්බර් එක දුන්නා නේද?

ඔව් අනේ මේ පෝට්‍රේට් එකක් ඇඳගන්න

මොකෝ හදිස්සියෙම?

නෑ අඳුරන කෙනෙක්ගෙ බර්ත්ඩේ එකක් එනවා

ආ…

කවුද කවුද ඒ?

බෑ බෑ මෙතන කියන්න බෑ

ආ මං හිතුවෙ කෙල්ලට කොල්ලෙක් නෑ කියලනෙ…

අන්න ඊටපස්සෙ අශේනි ඒකට හිනාවක් විතරක් හලලා එයාගෙ පුටුවට ගියා. දැන් මුළු ඔෆිස් එකම හිතන්නෙ අශේනිට කොල්ලෙක් ඉන්නවා කියලා. ඒ ආදරවන්තයාගෙ බර්ත්ඩේ එකට ගිෆ්ට් එකක් දෙන්න තමයි කාවිංගට කතා කළේ කියලා. මේ සිද්ධිය නිසා අශේනිට තවත් වාසියක් වුණා. ඒ තමයි ගයාන්ගෙ හිත බිඳුනු එක. ගයාන් මුලින් අශේනිව යාළු කරගන්න ප්ලෑන් කරත් මේ සිද්ධියත් එක්ක ගයාන් ඒ අදහස අත්හැරියා. අශේනිට මේ නිසා වාසි ගොඩයි. චමෝදිත් අශේනි ගැන හිතේ තිබ්බ කේන්තිය නැති කරගත්තා. දැන් අශේනිට තියෙන්නෙ කාවිංගට කතා කරලා බලන්න. එතකොටම කාවිංග මෙසේජ් කරා. එදා දවසට ලොකු වැඩක් හිර වෙලා නොතිබුණු නිසා අශේනි තීරණය කළා මේ වෙලාවෙ කාවිංග එක්ක වැඩිපුර ටිකක් කතා කරන්න.

කියන්න අක්කා…

මොනවද?

ඇයි ඔය මොනවද කියන්න තියෙනව කිවුවෙ.

ආ… මුලින්ම එක දෙයක්

ඒ මොකද්ද?

වෙන තාට අක්කා කිවුවත් මට අක්කා කියන්න බෑ.

සොරි අශේනි. මට පුරුද්දට කියවුණේ

සොරි කියන්න ඕන නෑ අනේ

හ්ම්ම්ම්…

දැන් ඇයි දන්නවද මං කතා කරේ

නෑ

ඔයා දැන් බිසීද?

මං ට්‍රැවල් කරන ගමං අක්කා. වාහනේ නිකං වාඩි වෙලා ඉන්නෙ

අක්කා?

සොරි අශේනි…

හ්ම්ම්

ඇයි කතා කරේ

මට පෝට්‍රේට් එකක් ඇඳගන්න ඕන.

හරි මං ඇඳලා දෙන්නං

ඔයාගෙ චාජස් කොහොමද?

පෙන්සිල් ආට් එකක් නං පන්දාහයි, පැස්ටල් ආට් එකක් නං හත්දාහයි…

හ්ම්ම්ම්… එහෙනං මට පැස්ටල් ආට් එකක් ඕන

හරි අශේනි

බ්‍රවුන් පේපර් එකක අඳින්න පුළුවන්ද?

නියමයි මං අඳින්නං

ඇයි නියමයි කිවුවෙ?

මං ආසයි ඒ ​චොයිස් එකට

මගේ චොයිස් එකටද?

ඔව්

අශේනිට එතකොටම හිතුනා කොල්ලට ටිකක් ගනං උස්සන්න. එනිසා අශේනි කාවිංගට කිවුවා එයාට පොඩි වැඩක් ආපු විත්තිය. කාවිංග එතකොටම අශේනිගෙන් හොඳ ප්‍රශ්නයක් ඇහුවා.

කොච්චර දවස් තියෙනවද?
බර්ත්ඩේ එකකට දෙන්න ඕන. තව සතියක් තියෙනව

හරි.. කාගෙ ෆොටෝ එකක්ද?

ඒක දැම්ම කියන්න ලැජ්ජයි

ඇයි අශේනි?

බෑ දැන් කතා කරන්න මං වැඩ කරන්න යනවා.

අශේනි ඒ විදියට ඒ කතාව මගහැරියා. අශේනි හිතුවේ කාවිංග හෙට ඔෆිස් එනකංම මේ ගැන හිතයි කියලා. අශේනි වැරදිමත් නෑ. හැබැයි හරිත් නෑ. කාවිංග හිතුවේ ඒ කවුද? කියලා නෙමෙයි. අශේනිට ඇයි ඒ කවුද කියන්න ලැජ්ජා හිතුනෙ? කියලයි. අශේනිත් හෙට ඔෆිස් එකේදි කාවිංග මේකට උත්තරයක් ඉල්ලුවොත් කියන්න කතාවක් හිතුවා.


ඊලඟ කොටසට…

Related Articles