Home LifestyleLiving කාමරය ලස්සනට තියා ගමු 01

කාමරය ලස්සනට තියා ගමු 01

by LADY.LK

මොකක්ද මේ ඉන්ටීරියර් ඩිසයින් කියන්නෙ ? ඇත්තටම නිවසක, ගොඩනැගිල්ලක අභ්‍යන්තර අලංකරණයට තමයි මේ දේ කියන්නෙ ? දැන් මේක ලෝකයේ විතරක් නෙමෙයි ලංකාවෙත් ගොඩක් ඉහලින් සලකන දෙයක්.
ඉතින් අද කතා කරන්න හදන්නෙ ඔබ ඉන්න බෝඩිම් කාමරය නැත්නම් ගෙදර පුංචි කාමරය පිලිවෙලට අභ්‍යන්තර අලංකරණය සහිතව හදාගන්න විදිය ගැනයි.

මෙතනදි පලවෙනි කාරණාවක් තමයි ඔබට උවමනාවක් තියෙන්න ඕන තමන් ඉන්න තැන ලස්සනට පිලිවෙලට තියාගන්නට. එතනදි මතක තියාගන්න, බෝඩිම් කාමරයක, කුලියට ඉන්න තැනක ඔබ හිටියත් ඒකියන්නෙ ඔබේම නිවසක නොවුනත්, යම් කාලයක් ඔබට ඉන්න වෙනවා. එනිසා ඒ ඉන්න කාලයෙදි පිලිවෙලට ඉන්නව නම්, ඒක එදිනෙදා කරන වැඩ වලටත් බොහෝම වටිනවා මනස නියම ඒකාග්‍රතාවයෙන් තියාගෙන ඉදිරියට යන්නට.

ප්‍රධානව මෙතනදි හිතන්න ඕන දේ තමයි අත්‍යාවශ්‍යම දේවල් විතරක් තමන්ගෙ කාමරයට තෝරාගන්නට. මොකද කාමරයේ තියෙන ඉඩකඩ සීමිත නිසා වැඩ 2ක් එකවර කරන්න පුලුවන් ගෘහ භාණ්ඩ තෝරා ගැනීම වඩා සුදුසුයි. උදාහරණයකට හිතන්න, ඔබ වාඩි වෙන්න භාවිත කරන පුටුවම ඔබට මේකප් කරගැනීමෙදිත් භාවිත කරන්න පුලුවන්. එතකොට තරමක ඉඩක් ඉතිරි වෙනවා අනිකුත් කටයුතු වලටත්.

හොඳ ආලෝකයක් කාමරයට ලැබෙන්න ඕන. ඒකියන්නෙ ඔබ ඉන්න තැන ජනේල 1ක් හෝ කිපයක් හෝ තිබෙනවා නම් බොහෝම හොදයි. ඒකියන්නෙ හොද එළියක් වගේම හොද වාතාශ්‍රයක් කාමරේට එනවා නම් වඩාත් සුදුසුයි. ගොඩක් දුරට වැඩි ඉඩක් නැති නිසා ඔයාගෙ බඩු භාණ්ඩ ඔක්කෝම එක තැනක තියන්න එපා. එතකොට හිරවීම වැඩියි.

ඔබ නිදාගන්න ඇඳ හැමවිටම බිත්තියට හේත්තු වෙන්න තියන්න පුලුවන් නම් ඒකෙනුත් යම් ඉඩක් ඉතිරි වෙනව. ඒවගේමයි රෑට නිදාගන්නත් දවල්ට තමන්ට වාඩි වෙන්න පුලුවන් සෙටියක් විදියටත් භාවිත කරන්න පුලුවන්, කුෂන් කීපයක් තියලා පිලිවෙල කරගත්තා නම්.

මේ වගේ කාරණා ගැන හිතන්න. ඊලග ලිපියකින් තව බලමු.

 

 

[dt_gap height=”10″ /][dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about how to clean a room. You can read the article and put your feedback on it.Actually, is this what you call the interior decoration?What are these interiors designings? Now, this is not only a world treand , but also in Lanka.

Related Articles