පාරාවෝ දේශය කිව්වාම ඔබට මතක් වෙන්නේ Egypt ඊජිප්තුව. සියවස් ගනනාවක අතීතයක් තිබෙන ලොවෙ ඉපැරණි දියුනු ශිශ්ඨාචාරයක් විදියට මේ ඊජිප්තු ශිශ්ඨාචාරය (Egyptian) සලකන්න පුලුවන්.වසර ගනනාවක් පැරණි පාරාවෝ නිර්මාණ කලාවට අදටත් ලෝකයේ වැදගත් තැනක් හිමි වී තිබෙනවා. ගීසාහි පිරමීඩ (Giza pyramid) ඒ අතරින් සුවිශේෂයි.කයිරෝ නුවරට ආසන්න ගීසා නිම්නයේ පිහිටා ඇති මෙම පිරමීඩ නමින් මෙන්කෞරි, කුෆූ, කෆ්‍රී, (Menkaure, Khafre, Khufu) නම් වේ. මෙම ප්‍රධාන පිරමීඩ වටා ඉපැරණි දේවාල, සොහොන් බිම්, කම්කරු නිවාස පද්ධති ආදී ගොඩනැගිලි නිර්මාණ රැසක් දැක ගත හැකියි.
වසර හාරදහසකට වඩා පැරණෛ අතීතයක් ඇති මෙම ආකර්ශණීය භූමිය තුළ තවමත් ලොවට අනාවරණය නොවූ රහස් රැසක් පවතින බව ඉතිහාසහ්දි යින්ගේ මතයයි.ඊජිප්තු නෂ්ඨාවශේශ පිළිබද නිපුණයින් වන Mark Lehner හා Zahi Hawass පසුගිය දිනක බීබීසී මාධය (BBC) සදහා ප්‍රකාශ කලේ තවමත් ඊජිප්තුව තුළ මෙතෙක් අනාවරණය නොවූ රහස් විශාල ප්‍රමාණයක් පවතින බවයි. ඒ පිළිබද සිය අදහස් හා අත්දැකීම් එක්කොට රචනා කරන ලද”Giza and the Pyramids” (Thames & Hudson), ග්‍රන්ථය තුළ පැහැදිලි විස්තරයක් ඔවුන් දක්වා තිබෙනවා.
Mark Lehner ඊජිප්තු ස්පිනික්ස් ප්‍රතීමාව (Sphinx Statue) අධයනයට වැඩි අවධානයක් ලබා දී තිබෙන අයෙක්. ඔහු විසින් මෙතෙක් කිසිවෙක් නොකල ආකාරයේ ස්පිනික්ස් ප්‍රතීමාව (Sphinx Statue) සිතියම් ගත කිරීමක්ද කර තිබීම විශේෂයි. ඔහුට අනුව ගීසා නිම්නයේ සැගවුනු රහස් අවබෝධ කර ගැනීමේ යතුර වන්නේ ද ස්පිනික්ස් ප්‍රතිමාවයි (Sphinx Statue). ලොව ප්‍රකට ගුප්ත අදහස් විචාරකයෙකු වන එඩ්ගා කේසි ගේ අදහස් තම වෘත්තීය ජීවිතය සදහා වැදගත් වූ බව Mark Lehner පවසනවා. එඩ්ගා කේසි ගේ මතය වූයේ ස්පිනික්ස් ප්‍රතිමාව (Sphinx Statue) යට බොහෝ පුරාවිදයාත්මක නටඹුන් පවතින බවයි. ස්පිනික්ස් ප්‍රතිමාව(Sphinx Statue) යට පිහිටා ඇති අභයන්තර ගුහාවක් නැතහොත් සුරක්ෂිතාගාරක් තුළ පිරමීඩ නිර්මාණය වීම හා ඊට ප්‍රථම පැවති ඉතිහාසය පිළිබද තොරතුරු පැවතිය හැකි බව ඔවුන් අනුමාන කරනවා.අතැම් විට එම ඉපැරණි සාක්ශි අතර අතුරුදන් වූවායැයි සැලකෙන ඇට්ලැන්ටීස් නගරය පිළිබදවද හෝඩුවාවක් සොයාගත හැකි වනු ඇතැයි මෙම පර්යේෂකයින් දෙපල පවසනවා. ඒ සදහා ඉදිරි මාස කිහිපය පුරාවට ස්පිනික්ස් ප්‍රතිමාව පිළිබද ගවේශන කිරීමට ඔවුන් බලපොරොත්තු වන බවද තවදුරටත් ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.
ඊජිප්තු ප්‍රයේශකයන් දෙපලගේ තවත් අදහසක් වනුයේ පිරමීඩ ආර්ශිතව වරාය නගරයක්පැවතී තිබෙන්නට ඇති බවයි. එම නගරය මගින් පිරමීඩ තැනීමට අවශය අමුද්‍රවය වූ ග්‍රැනයිට් ආදිය රැගෙන එන්නට ඇති බවටත් ඔවුන් මත පළ කරනවා. 2013 වසරේදී රතු මුහුද ආශ්‍රිතව හමු වූ පැපිරස් ලේඛන සමූහයක් ඔවුන්ගේ මෙම අදහස සනාථ කිරීමට සමත් වී තිබෙනවා.එම ලේඛන , Merer නම් තැනත්තෙකුට අයත් ඒවා වන අතර එම ලේඛන වලට අනුව ඔහු කුෆූ පිරමීඩය තැනීමට අවශය ගල් ප්‍රවාහනයට සහාය දැක්වූ අයෙක්. එම තොරතුරු වලට අනුව එදා ඉපැරණි ඉජිප්තුවේ ඉතා දියුනු ජල මාර්ග හරහා සැකසුනු ප්‍රවාහන පද්ධතියක් පැවති බව ඔවුන් ප්‍රකාශ කරනවා. ජලයේ හැකියාවන් උපරිම ලෙස යොදාගනිමින් සෑම වසරකම ගිම්හාන සමයේදී මීටර් හතක් ඉහලට එසවෙන නයිල් ජලය ජලජ සෝපානයක් ලෙස භාණ්ඩප්‍රවාහනයට යොදාගන්නට ඇතැයි සැලකෙනවා.