603
පොඩි කතාවක් කියන්න තියෙනවා. සද්ධර්මරත්නාවලියෙන් කියවපු කතාවක්. කියවන්න අපේ අරපිරිමැස්ම ගැන තේරේවි.
ධර්ම භාණ්ඩාගාරික වන ආනන්ද හාමුදුරුවෝ බණ කියන්න වඩිනවා උදේනි රජුගේ අන්තංපුරයට. සාමාවතිය ඇතුළු පන්සියයක් පිරිසට. දවසක් ප්‍රසාදය නිසා තමන්ගේ උතුරු සළු පන්සියයක් දෙනා විසින් පූජා කරනවා ආනන්ද හාමුදුරුවන්ට. ආනන්ද හාමුදුරුවෝ පූජාව භාර ගන්නවා. රජතුමා මේක දැනගන්නවා. රජතුමාට පුදුමයි මේ තරම සළු ගොඩක් අරගෙන ආනන්ද හාමුදුරුවෝ මොනව කරනවද කියල.
ඒ ගැන විමස උදේනි රජු හා ආනන්ද මහතෙර අතර කතාව
රජු: ස්වාමිනී පිළි ඉතා බොහෝය මෙතෙක් පිළි කුමකටද ?
හිමි: මහරජ ප්‍රයෝජන තරම අරගෙන සෙසු පිළි, මදක් දිරාගිය සිවුරු ඇති හාමුදුරුවරුන්ට දෙනවා.
රජ: පරණ වූ දිරාගිය සිවුරු කුමක් කරන්නේද ?
හිමි: ඒ සිවුරු ඉතාම දිරාගිය සිවුරු ඇති හාමුදුරුවරුන්ට දෙනවා…
රජ: ඉතාම දිරාගිය සිවුරුවලින් මොනවද කරන්නේ ?
හිමි: (පෙරවන්න වගේ)පස තුරුණු වැඩ වලට ගන්නවා…
රජ: පරණ උන පසතුරුණු වලට මොකක්ද කරන්නේ ?
හිමි: සාංඝික බිම බුමුතුරුණු කරනවා…
රජ: පරණ උන බුමුතුරුණුවලට මොකද කරන්නේ ?
හිමි: පාපිස්නා බිසි කරනවා.
රජ: පරණ උන පාපිස්නා බිසිවලට මොකද කරන්නේ ?
හිමි: සැදැහැ ඇත්තවුන් විසින් දුන් දේ ධර්මය නිෂ්ඵල නුවුව මැනවැ…කඩ කඩ කොට කොටා මැටි හා එක්ව අනලා බිත්ති කර්මාන්ත කරනවා.
මෙවන් දහමක් ඇති අප පිටරටින් පිලිවෙලට අරපිරිමැස්මෙන් වැඩකිරීම ආනයන කරන්නේ කාගේ පවක් නිසාද ?
තේරුම් ගන්න අපිට හැදෙන්න අපේ දේ ඕනෑ තරම් තියෙනව. වෙන රට වලින් ආනයන කරන්න ඕන නෑ. 5 එස් සංකල්පයට කෝටි ගණන් වියදම් කරන අපේ ආණ්ඩුව, අපේ පරණ දැනුම දියුණු කරලා රටට දෙයක් කරන්න හිතනව නම් හොදයි. මේ කතාව දැනගත්ත ඔයාලත් ඒ ගැන හිතන්න.
තේරුම් ගන්න අපිට හැදෙන්න අපේ දේ ඕනෑ තරම් තියෙනව. වෙන රට වලින් ආනයන කරන්න ඕන නෑ. 5 එස් සංකල්පයට කෝටි ගණන් වියදම් කරන අපේ ආණ්ඩුව, අපේ පරණ දැනුම දියුණු කරලා රටට දෙයක් කරන්න හිතනව නම් හොදයි. මේ කතාව දැනගත්ත ඔයාලත් ඒ ගැන හිතන්න.