Home LifestyleLove & Relationships සැමියන්ගේ ආදරේ අඩු කරන බිරින්දෑවරුන්ගේ වැරදි

සැමියන්ගේ ආදරේ අඩු කරන බිරින්දෑවරුන්ගේ වැරදි

by LADY.LK

‘‘පිරිමියෙක්ට  ආදරේ කියලා කියන්නේ ජීවිතෙන් කෙටෙසක් ඒත් ගැහැණියකට ආදරේ කියලා කියන්නේ මුලු ජීවිතේම” ආදරය වෙනුවෙන් ගැහැණියකගේ සහ පිරිමියකුගේ හිතේ ඇති ඉඩ ගැන කියන මේ කතාව ඔබ අසා ඇති. එහි ඇත්ත නැතිත කුමක් වූවත්, කාන්තා ඔබ නොදැන කරන ඇතැම් වැරදි නිසා  පිරිමි  ජීවිතේ කොටසක් පමණක් කර ගත්ත ආදරේනුත් ඔබ සම්පූර්ණ වශයෙන්ම  ඈත් කර තබන්නට ඉඩකඩ පවතිබෙනවා.

විශේෂයෙන්ම මෙම කාරණය විවාහක කතුන් සඳහා බලපානවා . ඔබ වරදක් යැයි නොසිතා කරන ඇතැම් දේවල් නිසා දෙදෙනා අතර පවතින ගෞරවය බිඳවැටෙනවා. එම නිසා ඔබ විසින් දුදරදිග නොබලා සිදු කරන මෙවැනි ක්‍රියාවන් අද සිට වරදක් සේ ප්‍රතික්ෂේප කිරීමට වග බලා ගන්න.

ඔබ මෙතෙක් කල් නෙදැන හෝ කළ වැරදි තමයි මේ…

උදව් හෑල්ලුවට ලක් කිරීම.

සමහර සැමියන් බිරිඳට උදව් කරන්න උත්සාහ කරද්දී සමහර බිරින්දෑවරු ඒවා වලක්වන්නේ අපහාසාත්මක වදන් එක්කයි.

“අපෝ ඔයා පැත්තකට වෙන්න, ඔයා ඕක කරනකොට මට දහ සැරයක් ඕක කරලා ඉවර කරගන්න පුළුවන්.”

ඒකෙන් වෙන්නේ ඔබේ සැමියා ඔබට ඕනෑ දෙයක් කර ගන්නට ඉඩ දීලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න පෙළඹෙන එකයි. බිරිඳට උදව් කරන්න ඇති වුනු යහපත් සිතුවිල්ල නැති වෙලා යන්නේ බිරිඳගේ මේ හැසිරීමත් එක්කමයි.

ත්‍යාගයන් හෑල්ලුවට ලක් කිරීම.

සැමියා ආසාවෙන් යමක් ගෙන දුන් විට එය හෑල්ලුවට ලක් කිරීම අපේ සමහර කාන්තාවන් තුල පවතින කැත පුරුද්දක්.

“අපෝ ඔය ගානට මීට වඩා වටින දෙයක් ගන්න තිබුණා.”

ඔහු ත්‍යාගය ගෙන එන්නට ඇත්තේ මොන තරම් ආසවෙන්ද ? ඉතින් ඔබ මේ විදිහට ඒ උත්සාහය බාල කරලා කතා කරන එකෙන් වෙන්නේ ඔහුගේ සිත කලකිරීමයි.

ඥාතීන්ව ඈත් කිරීමට උත්සාහ කිරීම.

ඔබව හමු වෙන්නට පෙර ඔහු ජීවිතය බෙදා ගත්තේ ඔහුගේ ඥාතීන් එක්කයි. ඉතින් ඔබ එක සැරේ මැද්දට පැනලා ඒ බැඳීම් මකලා දාන්න කියලා ඔහුට බල කරනවා නම්, එතන ඉතුරු වෙන්නේ ලොකු ප්‍රශ්නයක්.

“ඔයා මටද, අම්මටද වැඩියෙන් ආදරේ?” වගේ ප්‍රශ්න අහන එකෙන් වළකින්න. ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඔබට කරදරයි නම් එය ඔහුට වටහා දෙන්න ඕනේ ප්‍රචණ්ඩකාරී විදිහට නෙවෙයි. ඒ බව ඔහුටම දැනෙන්න දෙන එකයි වඩාත් සුදුසු. ඔබ ඒ බැඳීම් අත අරින්න කියලා ඔබේ සැමියාට කරදර කරන්න ගියොත් එය ඔහුගේ සිත රිදවාවී.

ඉටු කර ගත නොහැකි දේ වෙනුවෙන් දබරවීම.

ඔහුට ලැබෙන මාසික වැටුපේ ප්‍රමාණයෙන් කල හැකි දේවල් යම් ප්‍රමාණයක් තියෙනවා. ඔහුගේ වැටුපේ ප්‍රමාණයට ඉටු කර ගත නොහැකි දේ ඉටු කර දෙන්නැයි ඔහුට කරදර කිරීම සුදුසු නැහැ. එය ඔහු තුල ඇති කරන්නේ නොරිස්සුමක්.

තමා ගැන උනන්දු නොවීම.

අප කවුරුත් සුන්දර දෙයට කැමතියි. ඔබේ සැමියාත් සුන්දර දෙයට කැමතියි. ඔබ විවාහයට පෙර රැකගත් සුන්දරත්වය රැක ගන්න දැන් උනන්දුවක් නැත් නම්, එය හොඳ ලකුණක් නොවේ. සැමියා නිවසේ සිටින විට ඔබ ලස්සනට අඳින්නේ නැත්නම්, ඔහු නිතරම ඔබව දකින්නේ රාත්‍රී නිදන ඇඳුම පිටින් පමණක් නම් ඔහුට ඔබ ගැන තිබෙන ආකර්ෂණය අඩු වේගෙන යනවා. ඒ නිසා විවාහයෙන් පසුවත් වෙනසක් නොමැතිවම ඔබේ රූපය ගැන උනන්දු වන්න.

නිදහස සීමා කිරීම.

බොහෝ කාන්තාවන් ආදරය විදිහට දකින්නේ සැමියා තමා අසලම රැඳීමයි. ඔහුට මිතුරන් ඇසුරු කරන්නට, අන්තර්ජාලයේ සැරිසරන්නට, විනෝදාංශ වල නිරත වීමට තහංචි දාන්න කාන්තාවන් ඉතාමත් දක්ෂයි. එත් ඒකෙන් වෙන්නේ තමන්ගේ නිදහස සීමා වීම නිසා සැමියන් කලකිරීමට පත් වීමයි. තම බිරිඳට දහසක් බොරු කියමින්, තමන් කැමති දේවල් වල නිරත වන්නටසැමියන්ට මඟ පාදන්නේ බිරින්දෑවරුන්ගේ මේ වැරදි පුරුද්දයි.

එම නිසා මේ පුංචි අඩුපාඩු ටික ඔබ තුළත් තිබෙනවනම් ඒ පුංචි වරද මේ දැන්ම ඉදන්ම හදා ගන්න. එතකොට ඔයාට පුලුවන් හිතේ කොටසකට පමණක් සීමා කරලා තියෙනවා  එයාගේ අදරේ මුලු හදවතින් පුරවන්න.

Related Articles