සුදු ලූණු කියන්නේ රසවත් මාළුවක් වගේම ආහාර රස ගන්වන්නත් එක් කරන දෙයක්. හැබැයි ඉතිං සුදු ලූණු කියන්නේ අත්‍යාවශ්‍යම දෙයක් කියලත් වෙලාවකට හිතෙනවා. හැබැයි ඉතිං සුදූ ලූණු කෑවම ඔබට ලැබෙන වාසි කිහපයකුත් තියෙනුවා.
සුදු ලූනු මාළු පිනිවලට දැමීමෙන් පුදුමාකාර ගුණයක් ලැබෙනවා. සුදු ලූනුවල ප්‍රතිඔක්සිකාරක රසායන ද්‍රව්‍යය අඩංගුයි. ඒ ප්‍රතිඔක්සිකාරක මඟින් අපිට වාසි ගොඩක් ලැබෙනවා.
හුඟ දෙනෙක් රුව පවත්වාගන්නා නොකරන දෙයක් තියනවද? ආලේපන, පෙති, රූපලාවන්‍ය සත්කාරවලට කොයි තරම් මුදලක් ද මේ වැය කරන්නේ. ඔබ පුදුම වෙයි සුදු ලූනු දිනපතා ආහාරයට ගැනීම නිසා වයසට යෑම අඩුකර ඔබව තාරුණ්‍යයේ තබනවා කීවොත්…ඔව්…
ඇත්ත ඒකයි. ඔබ ගිල දමන පෙති … ගාන ක්‍රීම්..වලට වඩා ඉහළම ප්‍රතිඵල සුදු ලූනු නිසා ඔබට ලබාගත හැකියි.
අනික හදවත් රෝග, පිළිකා සහ සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම අඩු කිරීමට සමත් ඇලිසින් නම් රසායන ද්‍රව්‍යයද සුදු ලූනුවල අඩංගුයි. සුදු ලූනු වල ඇති තවත් වැදගත් ගුණාංගයක් වන්නේ ලෙඩ රෝගවලට ඔරොත්තු දීම සඳහා සිරුරේ ඇති ප්‍රතිශක්තිය වැඩිදියුණු කිරීමට එහි තිබෙන හැකියාවයි. මේ නිසා සුන්දර රුවකට වාගේම රෝගවලින් මිදීමට ද සුදු ලුනු විශාල මෙහෙයක් ඉටු කරයි.