මම විවාහකයෙක්.මම මේ ලියන්න සූදානම් වෙන්නෙ මගේ ආත්මය පිරිමැදපු ගැහැණිය ගැන කතාවක්.ඇය මගේ බිරිඳ නෙවෙයි. ඇය මගේ සදාකාලික පෙම්වතිය.ඉතින් මේ මගේ පෙම්වතිය ගැන සටහනක්..විවාහකයෙකුගේ සදාකාලික පෙම්වතිය කියද්දි ඇය ගැන තීරණය කරන්න හදිස්සි වෙන්න එපා.මම කරපු වරද ඔබේ අතිනුත් වෙනව නොදකින්නයි මට ඕන.,
ඇය සාමාන්‍ය පිරිමියෙකුට දරා ගන්න පුලුවන් ගැහැනියක් නෙවෙයි.හරිම තද හරිම මෘදු ගැහැණියක් .ඇයට හරිම සරාගී දේහයක් තිබුනා.ඒත් මට කියන්න ඕන ඇයගේ සරාගී දේහය ගැන
නෙවෙයි.මධුවිතටත් වඩා මාව මත් කරපු ඇගේ හදවත ගැන.ඇගේ හදවත හරියට වයින් වගේ.පල් වෙන තරමට ,කල් යන තරමට හරිම රසයි.තිත්තයි.ඒත් රසයි.
ඇය ඇවිද්දෙ හරිම සැහැල්ලු ගමනකින්.
ඇය එනකම් උයනක් කෙලවරට වෙලා බලන් ඉදපු කාලෙ පුරාවටම ඇය ආවෙ හෝරා බාගයක් පමාවකින්.ලා දම් පාට කියුටෙක්ස් ගාපු සුදු පාට දිග අතැගිලි මගේ ඝණ කොට රැවල්කොට අතරින් ගිහින් තද ස්පර්ශයකින් ගෙල අග දෑතින් වැලදගැනීමකින්,සිප ගැනීමකින් නතර උන හැම දවසකම ඇය කනට කොදුරලා ඇයට ආදරේ දැයි ඇහුවා.ඇය හැමදාමත් එය ඇහුවා.මට මතකයි අපි එකිනෙකාට එක්ව ගමනක් යන්නට නොහැකි බව දැනගෙන වෙන්ව යන්නට ඕන බවක් මා ඈ හට කී දවසෙත් ඇය ආදරේ දැයි ඇහුවා.මගෙන් පිලිතුරක් නැති තැන, ඇස් වලට කදුලුත් තරහවත් පිරි ඇඩුම් හඩකින් මගේ අත තවත් තදින් අල්ලාගනිමින් අවසානයටත් ඇය ආදරේ දැයි ඇහුවා.
අවසානයේ ඇයත් මමත් සිටි ගල් බංකුව උඩ සුදු පැහැති ආවර්ණයක් යෙදූ පෙට්ටියක් තබා ඇය යලිත් නොබලම යන්න ගියා.
මම ඔබට කියන්නම් ඇය තබා ගිය ඒ පෙට්ටගම ගැනත්.
My smile ලෙස නමක් යොදා පුලුන් පුරවා තිබූ එහි පුලුන් කැට ඈත් මෑත් කරන බැලූ විට වියලි මල් වර්ග කර පැකට් කර තිබුනා.රෝස ,මේපල්,ලිලී වැනි විවිද වූ වියලි මල් එකතුවක් එහි තිබුනා.
“මතකද මම ඔයාව හමුවෙන්න ආපු හැම දවසකම ඔයාට මලක් අරගෙන ආවා.ඔයා ඒ මල් බාරගත්තත් රැකගන්න බැරිවුනා.දිනය ඉවර වෙන්න කලින්ම ඔයා ඒ මල් අවන්හලක තේ මේසයක් උඩක,උද්‍යාන බංකුවක් උඩක,ඇවිදගෙන ගිය පාරක අතහැරලා දැම්මා.මම දන්නවා ඒ අතහැරීම ඔයා උවමනාවෙන් කල දෙයක් නෙවෙයි.ඒත් ඔයාට ඒ මල් මගහැරැනා නෙවෙයිද?
මෙතන මම ඔයාව හමුවුනු පලමු හමුවීමෙ ඉදන් අවසාන හමුවීමට කලින් හමුවීම දක්වාම දුන්නු මල් ඇති.ඔයාට මගහැරෙද්දි මම ඒවා යලිත් අරගෙන ආවා.මේ විදියට රැකගත්තා.මම දැනගෙන හිටියා ඔයා මාව කවදා හරි අතහරින බවක්.මේ මල් වගේම ඔයාට මාව මගහැරෙන බවත්..ඔයාගෙ ඇස් වල අපේ ආදරය ගැන තිබුන අවිනිශ්චිත බාවය තමයි හැමදාමත්, ඔබ මට ආදරේද අසා ඒ බවක් ප්‍රත්‍යක්ෂ කරගන්න පෙලබුවේ.මට සමාවෙන්න මට ඔයාට ආදරය කිරීම වලක්වා ගන්න බැහැ.ඒත් ඔයා යන්න.මට ඔයාව වලක්වන්න උවමනා නැහැ.”
ඒ ඇයගේ අත් අකුරින් ලියවුනු එහි තිබුණු ලියවිල්ල.
පිලිගන්න මා කෙතරම් නරක මිනිහෙකුද වග ..ඒ ලියවිල්ල පවා අද මන් ලග නැහැ.
ඒත් ඒ වචන හදවතේ දෝංකාරය අවුස්සන හැම මොහොතකම මම මරණයට ලං වෙනවා වගෙයි මට දැනෙන්නෙ..
ඔබේ ආදරය කිසි දිනක මගහැරගන්න එපා
ඒක තාවකාලික සැනසීමක් වුනත් සදාකාලික පසුතැවීමක් අරගෙන එනවා.
උපුටා ගැනීමකි