ඔසප් වීම කාන්තාවකට ඉතාමත් සාමාන්‍ය දෙයක් වූවත් ඇතැම් අයට ඇතිවන අසාමාන්‍ය වේදනාකාරී තත්වයන් නිසා බොහෝ කාන්තාවන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. ඇතැම් විට මෙම වේදනාකාරී තත්වයන් ඇති වීවට හේතුව ඔබගේ නොදැනුවත්කම නිසා සිදු කරන ඇතැම් ක්‍රියාවන් වන්නටත් පුළුවන්. කොහොම නමුත් ඔසප් සමයේදී ඔබ නොකළ යුතු ක්‍රියාවන් වගේම කළ යුතු දේවල් කිහිපයක්ද තිබෙනවා. මේ කියන්න යන්න අන්න ඒවා ගැන.
ඔසප් වීම යනු කාන්තාවන් බොහෝ දෙනෙකුට වේදනාත්මක අත්දැකීමක් උරුම කරවන කාල වකවානුවකි. මෙවැනි අපහසුතා සහ වේදනා ඇති විට කාන්තා ඔබ විසින් සිදු කල යුතු මෙන්ම නොකළ යුතු දේවල් ද තිබේ. මෙවැනි අවස්තාවක ඔබ අනුගමනය කල යුතු
කරුණු පිළිබද විස්තරයක් පහත සදහන් ලිපියේ අඩංගු වේ.
ව්‍යායාම සිදු කිරීම – ඔසප් දින වල ව්‍යායාම සිදු කිරීම ඔබට තරමක් වේදනාත්මක අවතාවක් බව සිතුනත් එය සත්‍යය නොවේ.ව්‍යායාම සිදු කිරීම මගින් ඔබගේ දේහයේ වේදනා සහ කැක්කුම් සමනය වීම සිදුවේ.
වැක්ස් කිරීමෙන් වලකින්න – ඔසප් කාල සීමාව තුල දේහයේ ඊස්ට්‍රජන් ශ්‍රව්‍ය වීම වැඩි පුර සිදුවේ. හේතුව නිසා ඔබගේ ශරීරයට ඇති වන සුළු වේදනාවක් වුවද ක්‍රමයෙන් වැඩි වන්නට පුළුවන්.වැක්ස් කිරීම, දත් ගැලවීම හෝ ටැටූ ගැසීම වැනි දේවල් ඔසප් කාල සීමාව තුල සිදු කිරීමෙන් වලකින්න.
ඔබගේ යට ඇදුම් නිතර මාරු කරන්න – ඔසප් කාල සීමාව තුල ඔබ ඔබගේ සනීපාරක්ෂාව පිළිබද වැඩිපුර සැලකිලිමත් විය යුතු වේ. ඔබගේ සනීපාරක්ෂක තුවා සෑම පැය 3-4 කට වරක්ම මාරු කරන්න.එසේ නොකිරීමෙන් ඔබගේ ලිංගික ප්‍රදේශය ආශ්රිත සංකුලතා බහුලව ඇති වන්නට පුළුවන්.
ආහාර ගැනීමේදී සැලකිලිමත් වන්න – චොකලට්,ලුණු අධික ආහාර සහ සිනි අධික ආහාර වැඩිපුර අනුභව කිරීමෙන් වලකින්න. ඔසප් කාලය තුල ක්ෂණික ආහාර බහුලව ආහාරයට ගැනීමෙන් ඔබට දරුණු උදරාබාධ ඇති වන්නට පුළුවන්.
හොදින් ජලය පානය කරන්න – ඔසප් කාල සීමාව තුල ජලය පානය කිරීම අත්‍යාවශ්‍ය වේ.එමෙන්ම සනීපාරක්ෂක තුවා සහ යට ඇදුම් භාවිත කරන සෑම අවස්තාවකදීම ඔබගේ යෝනි ප්‍රදේශය හොදින් පිරිසිදු කර වියලිව තබා ගන්න.එසේ තබා ගැනීමෙන් ආසාදන වලින් ආරක්ෂා වීමට ඔබට පුළුවන්
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about the things women must do and not do along there monthly periods time . You can read the article and put your feedback on it. Although menstruation is very common in menstruation, many women are severely affected by the unusual painful conditions that some may experience. Some of these may be due to your ignorance. However, there are a few things you should do during your menstrual period as well.