Home LifestyleLove & Relationships මෙච්චර කල් Kiss කරලා තිබුණට Kiss කළාට පස්සේ වෙන දේ ගැන දැන සිටියා ද?

මෙච්චර කල් Kiss කරලා තිබුණට Kiss කළාට පස්සේ වෙන දේ ගැන දැන සිටියා ද?

by LADY.LK

සිප ගැනීමක් කියන්නේ යුවළක් අතර සාමාන්‍ය හා සුන්දර දෙයක්. සිප ගැනීමකින් ලැබෙන සෞඛ්‍යමය වාසි ද බොහෝ බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.
සිප ගැනීමක් මගින් ලැබෙන වාසි කිහිපයක් සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

  1. එක් සිප ගැනීමක දී මුහුණේ මාංශ පේෂීන් 30කට වඩා ක්‍රියාකාරී වෙනවා
    මේ නිසා රුධිර සංසරණය ක්‍රමවත් වෙනවා. ඔබේ මුහුණේ සම එල්ලා වැටෙන එක මේ නිසා වැළකෙනවා. ඇත්තටම සිප ගැනීමක් කියන්නේ මුහුණට ලබාදෙන හොඳ සම්භාහනයකටත් වඩා තුන් ගුණයකටත් වඩා හොඳ දෙයක්. හැමදාමත් තරුණ වෙලා ඉන්න කැමති කාන්තාවන්ට නම් සිප ගැනීමක් කියන්නේ විශේෂ දෙයක්.
  2. විනාඩි දෙකක සිප ගැනීමක් කැලරි 06 ක් දහනය කරනවා
    කෙට්ටු වෙන්න කැමති කාන්තාවන්ට මේක හොද ආරංචියක්. ඒ වගේම තමයි සිප ගැනීම් නිසා අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් වෙනවා. එය කාන්තාවන් මහත්වීම පාලනය කරනවා.
  3. නින්ද පිළිබද ගැටළු තියෙන කාන්තාවන්ට සහනයක් ගෙන දෙනවා
    සිප ගැනීම් කාන්තාවන්ගේ මානසික ගැටළු පාලනය කරමින් ඔවුන්ට තිබෙන නිදා ගැනීමේ අපහසුතාවයන්ට සහනය ලබා දෙනවා.
  4. ඔබ ජිවත් වෙන කාලය වැඩි කරනවා
    සිප ගැනීමක් මානසිකව වගේම කායිකවත් ඔබට උදවු වෙනවා නිරෝගිව වැඩි කාලයක් ජිවත් වෙන්න. ඒ නිසා තමයි කියන්නේ සිප ගැනීම් නිසා ඔබේ ආයුෂ වැඩි වෙනවා කියලා.
  5. උදෑසන සිදු කරන විනාඩි 02 ක සිපගැනීමක් ඔබව දවසම ප්‍රබෝධයෙන් තියෙනවා
    උදේම අපි කරන කියන දේවල් අපේ මුළු දවසෙම වැඩ කටයුතුවලට බලපානවා. මේ නිසා උදෑසන සිප ගැනීමකට පුළුවන් ඔබේ මුළු දවසම සතුටින් ගත කරන්න අවශ්‍ය මානසික හා කායික ශක්තිය ඔබට ලබා දෙන්න.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about  what happens when you kiss .You can read the article and put your feedback on it. 

Related Articles