“සඳ කැන් වැසිලා – අඳුරේ එතිලා
ගණඳුරු රෑ – තනිකම නෑ …
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි”
ඔබ අහල ඇති මේ මියුරු ගීතය, වික්ටර් රත්නායක මහතා ( Victor Rathnayaka) කරන. ප්‍රේමකීර්ති ද අල්විස් මහතා (Premakeerthi de Alwis) විසින් රචනා කරන ලද. මේක අද බැඳපු නොබැඳපු ගෑණු ළමයි හැමෝටම අදාල වෙන සිතිය යුතු කාරණාවක් නිසා කියනව.
සමාජයේ විෂම විවිධත්වය වගේම තියෙන එක එක විප්‍රකාර එක්ක සිදුවෙන යම් සිද්ධියක් ගැනයි මේ කියවෙන්නෙ.
මේ අනුවේදනීය කතාවෙ තියෙන්නෙ, තමන්ගෙ බිරිඳ වෙනත් සම්බන්ධයක් එක්ක තමන්ගෙන් වෙන් වෙන්න හිතාගෙන ඉන්න අවස්ථාවෙදි, බිරිඳ නොදන්නව උනත් ඒ ගැන දැනගෙන ඒ වේදනාව අපිට කියාපාන සැමියෙක් ගැන. එනිසයි ගීතය පටන් ගන්නෙ සඳ එළිය වැහිලා අඳුරට, ඒත් මම හිතනවා මගෙ එළිය පමණක් වෙන ඔබ මාව හොයාගෙන නැවත ඒවි කියල.
“ජීවිතයම සතු එකම සුවේ
හීසර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ”
බොහෝම උවමනාවෙන් සතුටට පත්ව ඇයට ආදරය කලත්, ඒ ආදරය අවසන් වන බවක් දැන් ඔහටු පෙනෙනවා. ජිවිතයම විදියට සැලකූ ඇගේ දෑස් වෙන කෙනෙක්ව හොයන බව උවමනාවෙන්ම ඔහුට දැනෙනවා.
” මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා “
සැමියා කියනවා මම වෙන අයගේ සිත් බිඳලා, පවුල් කඩලා නැහැ. නමුත් මෙතනදි මට අසාධාරණයක් වෙනකොට මම ඉවසීමෙන් ඉන්නවා. කාට කාටත් ආදරේදි තමන්ගෙ ආදර කතාවෙදි රහස් තියෙනවා. දවසක ඒව කාටවත් නොකියා අපි වෙන්වෙමු, කියල බොහෝම ඉවසීමෙන් කියනව. මට ආදරයක් ඇත්තටම නැති බිරිඳට මම කරදර කරලා, රණ්ඩු කරලා වැඩක් නැහැ. අනිත් අයට කියල අනවශ්‍ය කරදර කරන්න උවමනා නැහැ. අනිත් අයව ලැජ්ජ කරන එක තේරුමක් නැහැ. ප්‍රතික්ෂේප වීම ඉවසීගෙන ඉන්නවා කියල සැමියා කියනව.
ඒවගේ සුවිශේෂී මානුෂීය ගුණ තියෙන ගීතයක් තමයි මේක. හොඳින් අහල විඳින්න.