හැම ගැහැණු හිතකම ඉන්නවා කවදාවත් තමන්ගේ කර ගන්නත් බැරි,වෙන කෙනෙකුට අයිති වෙනවා බලාගෙන ඉන්නත් බැරි ,මුලු ජීවිත කාලේ පුරාවටම අසීමිතව ආදරය කළ හැකි පිරිමියෙක්…කවදාවත් මුණ ගැහිලා නොතිබුණත්ගෙවෙන ගෙවෙන හැම තත්පරයක් ගානේතමන්ගේ මුලු ලෝකයම අයිති කර ගත්ත අයිතිකාරයෙක්…
එක පුංචි බැල්මකින් සියොළගම හිරි වැටෙන වදන් ගොළු බිහිරි කරන, මතකයේ රුව අඳින හැඩකාරයෙක්…..මහ හුගක් කතා නොකළත්,කතා කළ එක වචනෙත් මතක් කර කර අහන් ඉන්න පුළුවන් ආදරණිය කටහඬක්…කොච්චර අමතක කරන්න හැදුවත් කවදාවත් අමතක කරන්න බැරියන්තමින් මතක් වුණත් මුලු ඇගම පණ නැති කරන ලස්සන හිනාවක්…
පපුව පැලෙන්න තරම් දුකෙන් හිටියත් මතක් කරපු ගමන් මුලු හිතම නිවන මුලු ජීවිතේම සම්පූර්ණයිකියලා හිතෙන ලස්සනම හීනයක්….කොයිතරම් ප්‍රශ්න තිබුණත් හිනාවෙන්න හේතු දහසක් මවා දෙන තුන්හිතම දැහැන් ගත් වෙච්ච මතකයක්…
සමහර අය හුස්ම තියෙනකන්ම පරිස්සම් කර ගත්ත සමහර අය මගින් නතරලා කරලා අතහැරලා දාලා ගිය සමහර අය හීනෙකින්වත් ඉඟියක් නොකර හදවතේම ගුලි කර ගත්ත හරි අපූරු බැඳීමක්
ඉතිං කාටද පුළුවන් ඒ බැදීමට නමක් නොදී ඉන්න අපි ඒකට නමක් තියමු ඒක හරි පුදුම ආදරයක් දිනෙක මියැදුණුත් මතු භවයෙත් නුඹවම පතා උපදින සංසාර ගත ප්‍රේමයක්..
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about love .You can read the article and put your feedback on it.