Home EducationSelf-Help ඔබේ හිත රිදිලද ?

ඔබේ හිත රිදිලද ?

by LADY.LK
මේ වෙලාවෙ හෝ කුමන හෝ වෙලාවක ඔබට, ඔබ පරාජය වූ බවක් හිතිල තියෙනවද ? ඒකියන්නෙ ඔබ සිටින්නෙ ජිවිතයේ සිටිය යුතු තැන නෙමෙයි කියල හිතෙනවද ? පරාජය වූ හැඟීමක් දැනෙනවද ?
ඔබ හිතනවද ජීවිතය දිනනවා කියන්නේ තරුවක් ලෙස ප්‍රසිද්ධ වීම කියල ? ඇත්තම කිව්වොත් කරදර බාධක ඇතිව හෝ නැතිව හොඳින් ජිවිතය ගත කරන්නට ලැබීමම ජිවිතය ජයග්‍රහණයකි.
ඒනිසා ඔබ තීරණය කල යුත්තේ යහපත් ජිවිතයක් ගත කරන්නටය.
ධනය, ප්‍රසිද්ධිය, බලය ලබාගෙන ඉහලටම යමින් එසේ ඉහලට ගිය අතිබහුතරයක් මෙන් සිල් බිඳගෙන, චරිතය දූෂ්‍ය කරගෙන නොදැනම තමන් විනාශ වීම ජයක් ලෙස දැන් පෙනුනද යම් දවසක එය මහා පරාජයක් බව පෙනෙනු ඇත. ඒත් ඒක ඇත්ත දිනීමක් නෙමෙයි. මහා පරාජයක මූලික ලක්ෂණ ඒව තමයි.

Photo By: freestocks.org

 දැන් පෙනෙන ධනය-බලය-ප්‍රසිද්ධිය ඇතුළු සියලු හොඳ සෑමකෙනෙක්ටම හැමදාම පවතින්නේ නැත. එම තත්වයන් ලබාගැනීමට මෙන්ම එම තත්වයන් රැක ගැනීමටද යමෙක් වැරදි කලේ නම් එවන් චරිත ජිවිතයේ කවර කාලයකදී හෝ ඒවාට පසුතැවෙනු ඇත. දිට්ඨධම්ම වේදනීය කර්ම ගැන සැලකූ කල ජිවිත කාලයේ කල කී දෑ වලින් 20%ක්වත් හොඳ හෝ නරකට විඳින්නට සිදුවේ.
‍ එනිසා යමෙකුගේ මේ කාලයේ පින හොදට ඇති නිසා එවන් අය පව්කම්, වැරදි කරන නිසා එම තත්ව වල සිටියා කියා, ඔබ/අපද එවන් තත්වයකට වැටීම හොඳ නැත.
අපි අත්දැකීම් පාදක වෙලා දන්නවා,  අතිබහුතරය ජනප්‍රිය වන්නට කැමති සේම ජනප්‍රිය අයගේ සෑමදෙයක්ම සෙවීමට පුදුම කැමැත්තක් දක්වති. ඔවුන්ටද එවන් තත්වයට ඒමට යටි සිතේ පුදුම කැමැත්තක් ඇත. එහි වරදක් නැත. නමුත් ජිවිතයේ නියම ජයග්‍රහණය තිබෙන්නෙ නිවරදිව ජිවිත් වූවා කියන තැන පමණි
 වයස 20දි මෙන්ම වයස 60-70දීද මම ජිවිතය හොඳට ගත කලා, සැනසීමෙන් – සැහැල්ලුවෙන් – සතුටින් හිටියා යන්න කියන්නට හැකියාව ලැබේ නම්, ඔබ ජනප්‍රිය නළුවෙක්, තරුවක්, දේශපාලකයෙක් නොවුනාට කමක් නැත.
ඔබ ජිවිතය යහපත්ව ගත කර සැනසීමෙන් සිටින බැවිනි !

Related Articles