Home #BossladyPersonal Finance ආර්ථික නිදහස කාන්තාවන්ටත් ?

ආර්ථික නිදහස කාන්තාවන්ටත් ?

by LADY.LK

ඔව් කාන්තාවන්ටත් ආර්ථික නිදහස ලබාගන්න පුලුවනි. ආර්ථික නිදහස කියන්නෙ සල්ලි ගොඩක් තියෙන එකද ?
ඇත්තටම නෑ. ඒකට ඉංග්‍රිසියෙන් කියන්නෙ Financial Freedom කියල. මේකෙ ගොඩක් කාරණා විස්තර කරන්න තිබුනත්, හරියටම  හිතුවොත් තේරුම් ගත යුතු දේ තමයි, ආර්ථික නිදහස කියන්නෙ තමන්ගෙ කාලය තමන්ට ඕන විදියට භාවිත කරන්න පුලුවන් වීම.
සමහර අයගේ රැකියා තියෙනවා, අපි දන්න ගණකාධිකාරවරු වගේ ඉහල රැකියා කරන අය ඉන්නවා බොහෝම ඉහල වැටුප්, වරප්‍රසාද එක්කම ලබන. හැබැයි එයාලට ගෙදර අය එක්ක සතුටින් ඉන්න වෙලාව අඩුයි. ඒකියන්නෙ එතන ගැටළුවක් තියෙනව. අපි ඉස්සර ඉගෙන ගත්තෙ නම්, ඉහලට ඉගෙන ගත්තාම, ලොකු පඩියක් එක්ක සතුටින් ඉන්න පුලුවන් කියල නේද ?
ඒත් ලොකු පඩිය ලැබෙද්දි, තමන්ට ගෙදර අය, පවුල එක්ක ඉන්න තියෙන වෙලාව ටිකෙන් ටික අඩු වෙන බව ඔබ දැන සිටියාද ? එහෙම රස්සා කරන අය බොහෝමයක් අද ඉන්නවා.

අද තියෙන ආර්ථික තත්වය නිසා සැමිය වගේම බිරිදත් රැකියාවක් කරන්න ඕන කියල මතයක් ඇති වෙලා තියෙනවා. ගැහැණු ළමයින්ගෙ රැකියාව, දෑවැද්දෙ එක්තරා දෙයක් කියල හිතන පිරිමිත් දැන් ඉන්නවා. ඉතින් ඉස්සර වගේ නෙමෙයි ගෙදර බර දරන්න කාන්තාවන්ටත් සිද්ධ වෙනව. ඒ බොහෝදුරට ගෙදර වගකිම් ඒකියන්නෙ ඉවුම් පිහුම් වගේම, දරුවන්ගෙ වැඩ, අස් කරන වැඩ වලට අමතරවයි. ඉතින් අද කාන්තාවෝ පිරිමින්ට වඩා ගොඩක් පැති වලින් දියුණු වගේම දැඩි කැපවීම නිසා මහන්සියටත් පත්වෙලා ඉන්නව කිව්වොත් වැරදි නැහැ.

Photo By :thoughtcatalog.com

උදේ 7-8ට විතර ගෙදරින් ගිහිල්ලා හවස 6-8 අතර ගෙදර එන කාන්තාවෝ බොහෝමයක් අද ඉන්නවා. නිකමට හිතන්න, දවසකට පැය 24යි. එයින් පැය 6-7ක්වත් නිදාගන්නව. එතකොට ඉතිරි පැය 17ක් විතර. ඒකෙන් පැය 12කටත් වඩා රස්සාව නිසා වැයවෙනව. ඉතිරි වෙන්නෙ පැය 4-5ක් වගේ කාලයක්. ඒ කාලයේ තමයි ගෙදර වැඩත්, යුතුකමුත් වගේම තමන්ට නිදහසේ දෙයක් කරගන්නත් සිද්ධ වෙන්නෙ. ලංකාවෙ බොහෝමයක් කාන්තාවන් අධික පීඩනයකින් ඉන්නව කියල හොයාගෙන තියෙනව කිව්වොත් ඒක වැරදි නැහැ, විශේෂයෙන්ම නගරබද කාන්තාවන්.

ඉතින් මුල කියපු ආර්ථික නිදහස කාන්තාවන්ට අදාල වෙන්නෙ කොහොමද ? ඒ ගැන අපි ඊලග ලිපියකින් කතා කරමු.

Related Articles