ගෑණු ළමයෙක් උනාම අනිවාර්යයි තමන් ලස්සනට ඉන්න දැනගන්න ඕන. ඒවගේම තමන් ඉන්න තැන අලංකාරණයට – පිලිවෙලට – පිරිසිදුවට තියාගන්න පුලුවන් වෙන්න ඕන. ඔයා කොයිතරම උගත් උනත් ගෑණු ළමයෙක්ගෙ මූලික දේවල් තමයි කලින් කිව්වෙ.
ඉතින් අපේ ගෙදර තියෙනවා විවිධාකර කොටස්. එතනදි ප්‍රධාන තැනක් ගන්නෙ Living Room/ විසිත්ත කාමරය. ඔයාගෙ ගෙදර ලිවින් රූම් එක බොහෝම වැදගත් වෙනවා මොකද අමුත්තන් අපි ගෙන්වන්නෙ මේ කාමරයට නිසා. මෙතනදි ඔයාගෙ සෝෂල් ස්ටේටස්/ සමාජ තත්වය පෙන්නුම් කරන තැන තමයි මේ තැන. ඒවගේම උගත්කම, රැකියා – ව්‍යාපාරය ගැනත් අදහසක් මෙතනට ආවාම ඇතිවෙනවා. ඒනිසා හොද ආලෝකයක් තියෙන්න ඕන ඒවගේම තරමක පිරිසක් එකතු වෙන තැනක් නිසා වාතාශ්‍රයත් හොද වෙන්න ඕන.
ඒවගේමයි ඔයාගෙ ගෙදර තියෙන නාන කාමර / වැසිලිකි ගැනත් සලකන්න ඕන.
අද ගොඩක් වෙලාවට තිබෙන කාමර හැම එකටම යාබදව අටෑච් බාත් රූම් තියෙනවා. ඉතින් ඒවයෙ කබඩ් හයි කරලා තමන්ගෙ ෂේවින් ක්‍රීම්, බොඩි වොෂ්, ෂැම්පූ වර්ග, සබන් වර්ග වගේ හැමදේම තියාගන්න පුලුවන්. ඒවගේමයි අද ගොඩක් ගෙවල් වල පහල තට්ටුවෙ විසිටර්ස් බාත්රූම් එකක් තියෙනවා. එතන ෂැම්පු, අමතර ටවල් ඇතුළු සියලු දේවල් තියන එක සුදුසුයි. එතකොට ඒකත් ආගන්තුක සත්කාරයත් තමන්ගෙ තත්වය ගැනත් අදහසක් පෙන්නුම් කරන තැනක් වෙනවා.
තමන්ගෙ තැනකදී මූලික දෙයක් තමයි වාතාශ්‍රය කියන්නෙ ගෙදරට වාතය ඇතුළු වීම විදිය. ඒවගෙමයි තියෙන ආලෝක තත්වයත් ඉතාම වැදගත්. ඒ කාරණා 2 මූලික වෙනවා සැලකිලිමත් වෙනකොට. සමහර වෙලාවට ඔයා ගොඩක් වියදම් කරනවා, නමුත් අන්තිමේ බලද්දි අවශ්‍ය විදියට ලස්සන ගෙදරට ඇවිල්ල නැහැ. එතනදි මූලිකව හොයන්න ඕන කාරණා තමයි ගෙදර තිර රෙදි, සෙටි වලට එකතු කරන කුෂන් වර්ග, ඒවගේමයි පොලවේ පාට, බිත්ති වල පාට වගේම විදුලි බල්බ කියන කාරණා සියල්ල හොදින්ම සලකා බලලයි ඔයා තීරණය කරන්න ඕන දේවල්.
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article we are talking about some facts that value for you for keeping a tidy house.You can read the article and put your feedback on it.