Home FoodNutrition කඩලවල ගුණ

කඩලවල ගුණ

by LADY.LK

කඩල කියන්නේ බොහොම සැහැල්ලවෙන් හදා ගන්න පැලුවන් ආහාරයක්. ඒවගේම තමයි කඩලවල ගුණදායි බව ඉතාමත් ඉහළයි. කඩල එක අවුන්සයක (ග්‍රෑම් 28 ක) කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 8 ක් ද තන්තු ග්‍රෑම් 2 ක් ද ප්‍රෝටීන ග්‍රෑම් 3 ක් ද ෆෝලේට්, යකඩ, පොස්පරස්, තඹ යන විටමින හා ඛනිජ ලවණ ද අඩංගුය. සුව සම්පන්න දිවියක් ගත කිරීමට මේ අනගි රනිල කුලයේ ආහාරය විවධාකාරයෙන් අපට උපකාරී වෙයි.

බර අඩු කර ගැනීමට

බර අඩු කර ගැනීම අද කාලයේ බොහෝ දෙනකුට කෑමත් එක්ක යුද වැදීමට හේතුවකි. එවන් අයට කඩල ගොට්ටකින් කුස පුරවා ගත හැකි නම් වැඩි ආහාර ප්‍රමාණයක් නොගෙන මන්්දපෝෂණයට ද ලක් නොවී උසට සරිලන බරකින් යුතු හැඩකාර සිරුරකට හිමිකම් කීමට පුළුවන. ඊට හේතුව එහි අඩංගු අධික ප්‍රෝටීන හා තන්තු ප්‍රමාණයයි. ඒවායින් කුස පිරුණු බවක් දැනෙයි. ප්‍රෝටීන් නිසා ආහාර රුචිය අඩුකරන හෝර්මෝන වැඩිපුර ස්‍රාවය වෙයි. එනිසා අනවශ්‍ය පරිදි ආහාර ගැනෙන්නේ නැත.

සත්ත්ව ආහාර කෑමට නොගන්නා අයට ඇති හොඳම විකල්පයක් වන්නේ කඩලය. නිර්මාංස අය ප්‍රෝටීන ඌනතාවකට ගොදුරු විය හැකි අතර කඩල වැනි ඇට වර්ගවලින් ඒ ඌනතාව වළක්වා ගත හැකිය.

සීනි මට්ටම පාලනයට

රුධිරයේ සීනි මටිටම ඉහළ යාම දියවැඩියා අවදානම ඉහළ නංවන්නකි. කඩලවලින් රුධිරයේ සීනි මටිටම එක්වර ඉහළ යාම වළක්වයි.ප්‍රෝටීන සහ තන්තු රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත් කිරීමට ආධාර වීම ඊට හේතුවයි. මේවායේ අඩංගු තන්තු හා ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට් උරාගෙන රුධිරයේ සීනි මටිටම ක්‍රමවත් කරයි. එපමණක් නොව දියවැඩියාව ඇති අයට රෝගය පාලනය කිරීමට ද උපකාරී වෙයි.

අන්ත්‍රවල සුවය රකී

ජීර්ණයට මෙය ගුªණදායක වන්නේ අධික ලෙස සිරුරේ දියවන තන්තු අඩංගු නිසයි. දියවෙන තන්තු මඟින් අපේ ආහාර මාර්ගයේ ඇති හිතකර බැක්ටීරියා වර්ධනය වෙයි. තන්තු ජලය සමඟ එක්වී ජෙල් වැනි ද්‍රව්‍යයක් සෑදෙයි. එමඟින් මලබද්ධය දුරුවෙයි. ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම්, අන්ත්‍ර පිළිකාවලට ද එමඟින් සහනයක් ලද හැකිය.

Related Articles