දැන් හැමෝම හිතාගෙන ඉන්නෙ අශේනිගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ බර්ත්ඩේ එකට කාවිංගට කියලා පෝට්රේට් එකක් ඇඳගන්න විත්තිය. කොටිම්ම ෂෙනාලි පවා හිතාගෙන ඉන්නෙ එහෙම. අන්තිමට ම කාවිංගගෙන් නම්බර් එක ඉල්ලගෙන අශේනි කාවිංගට ගනං ඉස්සුවා. කාවිංගට ඒක තේරුණේ නෑ.
Novel Episodes
-
-
ෂෙනාලි කොහොමත් චමෝදිත් එක්ක තරහෙන් ආවෙ. මොකද චමෝදි ප්රෑන්ක් එකක් කරලා කාවිංගට බත් ටික නිදහසේ කන්න නොදුන්න නිසා. දැන් මේ චමෝදි කියපු කතාවෙන් ෂෙනාලිටයි අශේනිටයි පැහැදිලි වුණා චමෝදි අර ප්රෑන්ක් කෝල් එක දුන්නෙ විහිළුවටම නෙමෙයි කියලා.
-
ගයාන් නිසා හිතේ කේන්තියෙන් ඉන්න අශේනිට ශෙනාලි කන්න යන්න කතා කළේ බඩගිනි නිසාම නෙමෙයි. අශේනිගෙ හිත හදන්නත් එක්ක. දවල්ට කෑම කන්න කාවිංගටත් කතා කරන්නද කියලා ඇහුවම අශේනිගෙ හිතට සතුටු හිතුනා. අශේනි හා කිවුවා. ඒ වගේම අශේනිට තවත් පොඩි සැකයක් දැණුනා.
-
කාවිංග එළියට ගිහින් එද්දි රටකජු ගෙනාපු නිසා ෂෙනාලියි අශේනියි ඉතුරු කරගෙන හිටපු වැලිතලප කෑල්ලක් දෙන්න කාවිංගට කතා කළා. කාවිංග ෂෙනාලිගෙන්, ඇයි අක්කා කියල අහගෙන එද්දි අශේනි එයාගෙ අතේ තිබුණු පොඩි වැලිතලප පාර්සලේ කාවිංග පැත්තට දික් කරා.
-
ලන්ච් රූම් එකේ පිටිපස්සට යද්දිම ලලිතා ආන්ටි හිටියා. ශෙනාලි විස්තරේ කිවුවම ලලිතා ආන්ටි අශේනි දිහා බලලා හිනා වුණා. ලලිතා ආන්ටිට වැලිතලප පෙට්ටිය දෙන ගමන් අශේනි හිනා වුණා.
-
අශේනි ෂෙනාලිත් එක්ක කිරිබත් කන්න වාඩි වුණා. කවුරුත් නැති නිස්කලංක වෙලාවක්
මේක. සාමාන්‍යයෙන් තව ටික වෙලාවකින් මේ ලන්ච් රූම් එක යකාගෙ කම්මල වගේ
වෙනව. කට්ටිය කෑ ගගහ ඉන්නෙ මෙතන. ඒ නිසා අශේනි නිදහසේ උදේට කන්න.