අද රටේ ලෝකේ අකල් මරණ ඕන තරම් වෙනවා.ගොඩක් අයට එක එක ලෙඩ. පිළිකා,හෘද රෝග,ස්නායු රෝග, මේ වගේ ලෙඩ ගොඩයි. හුඟක් දෙනා බෙහෙත් කඳු පිටින් බොනවා. සමහර අය ව්‍යායාම කරනවා.අපි එදිනෙදා ගන්න කෑම පෝෂණීය කෑම වට්ටෝරුවක් උනොත් මේ ලෙඩ වලින් ඈත් වෙන්න අපට පුලුවන් වෙනවා.
- කොළ පාට එළවලු…

Green Foods
කෙඳි සහිත කොළ පාට එළවලු වල පෝෂණ ගුණය වැඩියි.කැලරි සංඛ්‍යාව අවමයි.එළවලු 500gක, කැලරි 100ක් විතර තියෙනවා.මේ නිසා සිරැරේ බර අඩු කරන්න,අක්ෂි දුර්වලතා නැති කර ගන්න,දියවැඩියා අවදානම පාලනයට,රුධිර වාහිනී ආරක්ෂාවට මේක හොඳ විසඳුමක්.
- බිම්මල්…

Mushrooms
ඊස්ට්‍රජන් නිර්මාණය සීමා කිරීමේ ප්‍රථිඵලයක් විදිහට පියයුරු පිළිකා මර්ධනය වීම සිදු වෙනවා.පිළිකා නාශක ගුණයක් තියෙන බිමම්ල් ආසාදන වළක්වන්න ප්‍රතිශක්තිකරණය ලබා දෙනවා.එයින් DNA ආසාදන වැළකී පිළිකා සෛල වර්ධනය අඩපණ වෙනවා.
- රතු ලූණු…

Red Onion
හෘද ප්‍රතිශක්තිකරණ පද්ධතියට සුවිශේෂී බලපෑමක් ඇති කරන දේවල් විදිහට රතු ලූණු,සුදු ලූණු,ලීක්ස් ගන්න පුලුවන්.ඔයා ලූණු කපන කොට ඇස් වලට කඳුලු එන්නේ මේක පිළිකා හා දියවැඩියා නාශකයක් විදිහට ක්‍රියා කරන නිසයි. විශේෂයෙන් රතුලූණු වල අන්තර්ගත quercetin නිසා පිළිකා සෛල මර්ධනය සිදු වෙනවා.Gastritis වලටත් ලූණු හොඳයි.
- බෝංචි…

Bean
බෝංචි වල තියෙන තන්තු කොලෙස්ටර්රෝල් නිසා රැධිරයේ තියෙන සීනි සාන්ද්‍රණයට යහපත් බලපෑමක් ඇති කරනවා.බෝංචි,සෝයා බෝංචි,මුං ඇට කෑවොත් සති 2ක් ඇතුලත බර අඩු වෙනවා.මහා තන්ත්‍රයේ,මුඛයේ,ස්වාරලයේ, ග්‍රසනිකාවේ පිළිකා අවධානමත් 50%කින් අඩු කර ගන්න පුලුවන්.
- ඇට ජාති…

Nuts
ඛනිජ ලවණ,ප්‍රොටීන්,මේද, ඔක්සිකාරකයන්, ඔමේගා 3 හා පිළිකා නාශක කැල්සියම්, යකඩ,සින්ක්,විටමින් E, වැනි පෝෂක කොටස් රටකජු, ආමන්ඩ්, කඩල වගේ ඇට බීජ වල අන්තර්ගතයි. හෘද රෝග,දියවැඩියාව, ඇඟේ බර පාලනයට උපකාරී වෙනවා වගේම එළවලු සමඟ කෑවොත් පෝෂ්‍ය පදාර්ථ ඇඟට උරා ගැනීම පහසු වෙනවා.
- බෙරි ජාති…

Berry
අධිපෝෂණ ගුණයෙන් හා සීනි අවම මට්ටමක පවතින ස්ට්‍රෝබෙරි, බ්ලැක්බෙරි, රාස්බෙරි වගේ පළතුරු වලින් පිළිකා,මතකය අමතක වීම්,දියවැඩියාව, හෘද රෝග මැඩ පවත්වන්න පුලුවන්. මතකය අවදි කරන්නත් මේවා උදව් වෙනවා.
ඒවගේම ඔයාලා එළවලු,පලතුරු මිලදී ගන්නකොට super market එකෙන් හරි කඩෙන් හරි ගන්නවනේ.ඒ උනාට ඔයා ඒවා ගෙවත්තෙම වගා කරගත්තොත් වස විස මොකුත් නෑ. පෝෂණ ගුණය ගොඩක් වැඩියි.ඔයාට තියෙන පුංචි ඉඩේ හරි වගා කරන්න මතක තියා ගන්න.
– Dilki Balasooriya