ගෑණු ළමයි උනාම කෑම ගැන පිරිමි අයට වඩා සැලකිලිමත් වෙන්න ඕන. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඒ අතර හිතුවාම, ගෑණු ළමයි දවසක අම්ම කෙනෙක් වෙන්න ඕන. එතකොට ඒ දරුව හොදින් ඉන්නත් අම්මගෙ සෞඛ්‍ය තත්වයේ බලපෑමක් තියෙනවා. ඒවගේමයි ගෑණු ළමයින්ට මාසෙකට වතාවක් මෙන්සස් ( මාස් ශුද්ධිය ) තියෙන නිසා, ඒ දවස් වලට පෝෂණ කොටස් ශරීරයෙන් අයින් වෙනවා. එතකොට ඒකට හරියන්න කෑම කන්න ඕන.
තව කාරණයක් කියතෑකි, ගොඩක් වෙලාවට දෙමාපියන් වයසට ගියාම බලාගනිවි කියල හිතන්නෙ ගෑණු දරුවනෙ. එනිසා ඒකටත් හරියට සවි ශක්තියට ඉන්න ඕන.
ඔයා කෑම කනකොට ඒ කෑම වේල සමබර වෙන එක තමයි අවශ්‍ය වෙන්නෙ. ඉතින් මේ කතාව ඔයා ගොඩක් තැන් වල අහල ඇති. ඔය තරම බරපතලව හිතන්න දෙයක් නෑ. සමබර කියන්නෙ හැමදේම තියෙන කෑම වේලක් කියන එක. ඒකියන්නෙ බත් කනව නම් බත් එක්ක, පලා ජාතියක් (කොළ මැල්ලුමක්), මාළු හෝ ඒවගේ ප්‍රෝටීන් ලැබෙන දෙයක්, ඒවගේම හොද එළවළු 2ක්වත් කෑම වේලෙ තියෙන්න ඕන. ගොඩක් අය පාන් කනවා. නමුත් ඇත්තටම පාන් වල ගුණයක් නෑ. අපි දන්න තොරතුරු අනුව ලංකාවට පාන් පිටි කියල එවන්නෙ නියම පාන් පිටි නෙමෙයි. ඉතින් ඒව කාලයක් කෑවාම ඇඟේ තැන්පත් වෙලා තියෙනවා මිසක් ගුණය හරිම අඩුයි.
ඒවගේම උදේ කෑම කන වෙලාවෙදි සීරියල් වර්ග හෝ මුං ඇට, කව්පි, කඩල වගේ ධාන්‍ය වර්ග කෑමට ගන්න නම් බොහෝම හොදයි. කෑම වේල් පහු නොකර කන එකත් හොදයි. ඒවගේම රාත්‍රි ආහාරයට ගොඩක් පරක්කු නොවි ගන්නව නම් ඒකත් හරිම වැදගත්.
කෑම වගේම ඇගට අවශ්‍ය විදියට ජලය පානය කරන්නත් ඕන. සාමාන්‍ය දවසකට ලීටර් 2ක්වත් වතුර බොන්න උවමනයි. ඒකත් හිතේ තියාගන්න.