Home FoodNutrition සුදුළූණු වල ප්‍රයෝජන 02

සුදුළූණු වල ප්‍රයෝජන 02

by LADY.LK

කලින් ලිපියකින් අපි සුදුළූණු වල ප්‍රයෝජන තරමක් කතා කරා මතක ඇති. සුදුළූණු අපේ ගෙදර තියෙන හොයාගන්න පුලුවන් වර්ගයක්. යම් කාලෙකට ලොකු මිලක් වෙන, තව කාලෙකට එතරම් මිල වැඩි නැති දෙයක්.

ඔබ දන්නවද සුදුළූණු විෂබීජ නාශක කියල, ඔව් සමහර දොස්තරල ලියල දෙන ඇන්ටිබයොටික් වලට වඩා විෂබීජනාශක ගුණයක් සුදුළූණු වල තියෙනව. ඒවගේම ශරීරයේ ක්‍රමවත් භාවයටත් සුදුළූණු හේතු වෙනව. මේ වගේ ගුණ ගොඩාක් තියෙනවා.

ඔබ දන්නවද නින්ද ඒමේදි කරදර වෙන අයට උදව්වක් විදියට සුදුළූණු කොට්ටය යට තියාගෙන නිදාගන්න කටයුතු සලස්වන බව ? මේක පරම්පරා ගානක් කරල තියෙන දෙයක්.

Image: Boredee.com

සුදුළූණු වල තියෙන සල්ෆර් වල තියෙනවා පදාර්ථ සහ සුදුළූණු වල තියෙන විශේෂ ශක්තිමත් සුවඳ නිසා සැනසීමේ නින්ද යන්න පුලුවන්  වෙනව කියල හොයාගෙන තියෙනවා. ඔබත් කරල බලන්න ? හැබැයි මේක එකපාරට හරියන්නෙ නැහැ. මොකද ඔබට ඒ තරම හුරු නැති නිසා මුල් දවස් වල සුදුළූණු වලින් නින්දට යෑම ඒ තරම සාර්ථක වෙන එකක් නෑ. නමුත් ටික දවසකට පස්සෙ හුරු උනාම මේක බොහෝම වටිවි. පර්යේෂණ වලින් හොයාගෙන තියෙන විදියට ටික දවසකට පස්සෙ සුදුළූණු කොට්ටය යට තියාගෙන නිදාගත්, කලින් නින්ද ගැන ගැටළු තිබුනු අයට බොහෝම හොඳින් සැනසීමෙන් නින්ද යන්න පුලුවන්ලු.
ඒවගේම ඒ වගේ නින්දක් ලැබුනාම ඊලග දවස හොදින් ගත කරන්නටත් හැකියාව ලැබෙන බව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒකියන්නෙ හොද නින්දක් නිසා ශරීරයට අවශ්‍ය විවේකය උපරිමයට ලැබෙනවා. ඒවගේමයි

මේ වගේ ගුණ තව  බොහෝම තියෙනවා. ඒවගේම ඔබ මහත කෙනෙක් නම් සුදුළූණු නින්දට යන්න කලින් අඩු තරමින් බික් 1-2ක් වත් කාලා නිදාගන්නව නම් අනවශ්‍ය මේදය ඉවත් කරන්නත් ප්‍රයෝජනවත් වෙනව කියල අපි හොයාගත්ත දැනුම අනුව තියෙනවා.

තව දැනුවත් කරන්නම් ඉදිරියේදි !

Related Articles