දිනිති හෙට්ටිආරච්චි ලියයි
ලන්ච් රූම් එකේ පිටිපස්සට යද්දිම ලලිතා ආන්ටි හිටියා. ශෙනාලි විස්තරේ කිවුවම ලලිතා ආන්ටි අශේනි දිහා බලලා හිනා වුණා. ලලිතා ආන්ටිට වැලිතලප පෙට්ටිය දෙන ගමන් අශේනි හිනා වුණා.
ආන්ටි කැමති වෙලාවක බෙදන්න
දවල් කෑමෙන් පස්සෙ දෙන්නද මිස්? නැත්තං උදේ තේකට පස්සෙ?
අනේ මට මිස් කියන්නෙපා. අශේනි කියන්න.
හරි කියන්නකො මොන වෙලාවටද දෙන්නෙ.
උදේ තේ වෙලාවට දෙන්න ආන්ටි. ඒ ශෙනාලි. ශෙනාලි එහෙම කියල අශේනිවත් එක්කගෙන ඔෆිස් එක පැත්තට ගියා. දැන් තියෙනව වැඩ පටන්ගන්න.
ඒත් අශේනිට කරන්න වැඩක් තිබුණෙ නෑ. ගයාන් අමුතුවෙන් වැඩක් දුන්නෙත් නෑ. ගයාන් වැඩක් කරන්නෙත් නෑ. අශේනි ඒ නිසාම ගයාන්ට කතා කළා.
ගයාන් මට අද මොකුත් කරන්න වැඩක් නැද්ද?
ඔච්චර ආසද වැඩ කරන්න?
ඒ වුණාට රස්සාවට ආපු අලුත මම මේ දේවල් ඉගෙනගන්න ඕනනෙ..
හරි ඔයා මං වැඩ කරන දිහා බලාගෙන ඉන්න..
ඔයා මොකුත් වැඩක් කරන්නෙ නෑ.
දැන්ම වැඩ කරන්න බෑ ළමයො.
එහෙනං?
මට වැඩ කරන්න මගේ තේක ඕන.
හ්ම්ම්ම්…
තව පැය කාලකින් තේ… ඊටපස්සෙ වැඩ කරමු.
අශේනිට ඇති වුණේ කළකිරීමක්. වෙනිං කෙනෙක් ගාවට ගියානං මේ වෙද්දි අශේනිත් දේවල් ගොඩක් ඉගෙනගෙන. මොකද ඔෆිස් එකේ හැම කෙනාම ඒ වෙද්දි හිටියෙ ඔළු මේසෙට ඔබාගෙන. ගයාන් විතරක් පුටුව පිටිපස්සට හේත්තු වෙලා හෙඩ් සෙට් එකෙන් සින්දු අහන ගමන් හිටියෙ.
ටිකකින් ගයාන් නැගිටලා ගියා. අශේනි ශෙනාලි ගාවට ගියා.
මොකෝ.. අද බිසීද?
මොන බිසීද අනේ.. කිසිම වැඩක් නෑ.
ඇයි?
ගයාන් සින්දු අහනව
ඉතිං?
ඉතිං මට ඒ දිහා බලං ඉඳලා සින්දු අහන්න පුරුදු වෙන්න තමයි වෙන්නෙ.
ඒ කතාවට ශෙනාලිට හිනා ගියා. ටිකකින් ගයාන් ආවා ලන්ච් රූම් එක පැත්තෙ ඉඳන්.
කෑමක් තියෙනවා..
ගයාන් එහෙම කියාගෙන කෑ ගහගෙන ආවෙ. අශේනිට ලැජ්ජා හිතුණා.
නියම රසයි
ගයාන් ආයෙමත් කෑගැහුවා.
කට්ටියම ගයාන් වටේ වට වුණා. ගයාන් කට්ටියව මගහැරලා අශේනි ගාවට ලං වෙලා වැලිතලප එක ඇල්ලුවා.
ඔයාලා කන්න.
අශේනි මගහැරියා..
ඇයි ඔයා නොගන්නෙ? මං දීපු නිසාද?
නෑ මං ගෙනාපු නිසා..
අශේනි උත්තර දුන්නෙ කේන්තියෙන්. ගයාන්ට ඒක තේරුණු නිසා ගයාන් හෙමිහිට පසු බැස්සා. ශෙනාලි වැලිතලප කෑල්ලක් කන ගමන් අශේනිගෙ අතින් ඇදගෙන ඔෆිස් එකේ සෙනග අඩු පැත්තකට ගියා.
මොකෝ කේන්තියෙන්
කේන්ති යන්නෙ නැද්ද?
හරි ඒ වුණාට ඉවසන්න ඕන..
ඇයි?
ඔයාගෙ රස්සාව තියෙන්නෙ ගයාන්ගෙන් ඔයා ඉගෙනගන්න දේවල් උඩ.
හ්ම්ම්ම්…
අශේනි ආයෙත් පුටුවට ගිහින් වාඩි වුණා. අම්මා කෝල් එකක් දීලා. දැන් ආයෙත් කෝල් කරන්නත් බෑ. දවල්ට කන්න යද්දිම ගන්නවා කියල හිතාගෙන අශේනි පරණ ෆයිල් එකකට මූන ඔබාගත්තා.
ඊට ටිකකට පස්සෙ ගයාන් ආවා.
මට ලලිතා ආන්ටි කිවුව ඔයා හැදුවෙ කියල
ආ..
ඇත්තටම රසයි.
තෑන්ක්ස්
වෙන කෑම ජාතිත් උයන්න පුළුවන්ද?
ඔව්..
නියමයිනෙ.
හ්ම්ම්ම්…
එහෙනං වැඩ කරමු.
හරි.
එතනින් එහා ගෙවුණෙ තරමක් වැඩ වැඩි පැය කීපයක්. ගයාන් අමුතු කතන්දර මොකුත් කිවුවෙත් නෑ, ඇහුවෙත් නෑ. අශේනිත් ගානක් නැතුව වැඩ කළා. ඊට පස්සෙ යන්න වෙනවා දවල් කෑමට. අද දවල්ට කෑම එකක් ඉවුවෙත් නෑ. උදේට කිරිබත් උයපු නිසා දවල්ට කඩෙන් කනවා කියලා හිතාගෙන ආවෙ. ලලිතා ආන්ටිට සල්ලි දීලා ඕන කෑම ජාතිය කිවුවම කෑම හම්බෙනවා. ඒ නිසා ලොකු ප්‍රශ්නෙකුත් නෑ.
දවල් කෑමට ටිකකට කලින් කාවිංග ඔෆිස් එකට ආවා.
ආ කට්ටයට කෑමක්.
කාවිංග ආවෙ කෑමක් අරගෙන. කට්ටියම වට වුණා. රටකජු. ඔෆිස් එකටම ඇති වෙන්න රටකජු. දවල්ට කාලා කනවා කියල හිතුවත්, කට්ටියම කන්න ගත්තු නිසා අශේනිත් නැගිටලා ශෙනාලි ලඟට ගියා…
හැමදාම ඔහොමයි පොඩි එකා..
කොහොමද?
එළියට ගියොත් හැමෝටම මොනවහරි ගේනව.
හ්ම්ම්ම්…
පවු
ඇයි පවු?
නෑ අපිට වැලිතලප කෑල්ලක්වත් තියන්න බැරි වුණානෙ.
ආ.. ඒක පවු නෑ
ඇයි?
මං ගාව තව වැලිතලප කෑලි පහක් තියෙනව.
ආ හොඳයි. ඉන්න මං කතා කරන්නං කොල්ලට..
ටිකකින් කාවිංග ෂෙනාලියි අශේනියි හිටපු තැනට ආවා.
ඇයි අක්කා?
ඊලඟ කොටසට…