Home FoodNutrition ඔබ පානය කරන තේ කෝප්පයක මේ තරම් විස්මිත ගුණයක් ඇති බව දැන සිටියාද

ඔබ පානය කරන තේ කෝප්පයක මේ තරම් විස්මිත ගුණයක් ඇති බව දැන සිටියාද

by LADY.LK

තේවල අඩංගු ද්‍රව්‍යයන්හි සංයුතිය අනුව තේ සෞඛ්‍යජනක පානයක්‌ බව සනාථ වී තිබේ. හෘදයාබාධ ඇති වීමේ අවදානම අඩු කරන බවත්, පිළිකා සෛල ඇති වීම මර්දනය කිරීමට හේතු වන බවත් සඳහන් වේ. දත් සහ විදුරුමස්‌ ආශ්‍රිත බැක්‌ටීරියා විනාශ කිරීමට සමත් වන බැවින් දත් දිරා යැම අඩු කිරීමේ හැකියාව ද පවතී. අස්‌ථි ශක්‌තිමත් කර ගැනීමටත්, රුධිරයේ සීනි මට්‌ටම අඩු කර ගැනීමටත් හේතු වන ගුණයක්‌ පවතී. එහෙත් තේ පිළියෙල කිරීමේ දී අනුගමනය කරන අධිකව සීනි යෙදීමේ කාර්යය නිසා එහි ගුණය අප විසින් ම විනාශ කර ගනු ලැබේ.

තේවල ගුණය ආරක්‍ෂා කරගෙන පානය සඳහා තේ පිළියෙල කරගැනීමට නම් නිවැරැදි ක්‍රමයක්‌ අනුගමනය කළ යුතු ය. හොඳින් උතුරන තෙක්‌ රත් කර ගත් ජලය මූඩිය වසාගත හැකි භාජනයකට දමාගත් තේ කොළවලට වත් කර ගත යුතු ය. හුමාලය පිට ව නො යන සේ භාජනය වසා විනාඩි 03-05ක කාලයක්‌ තබා ගැනීම අවශ්‍ය ය. ඉන්පසු පෙරාගෙන පානය සඳහා යොදා ගැනීමෙන් තේවල නියම පෝෂණ ගුණය ලබාගත හැකි ය. දිනකට තේ කෝප්ප 5ක්‌ පානය කිරීමෙන් මොළයේ ලේ කැටි හිර වීම 50%කින් අඩු කරගත හැකි බව ජපානයේ වෛද්‍ය පර්යේෂණාගාරයක්‌ වාර්තා කරයි.

Related Articles