Home EducationSelf-Help රෑට ඇහැරගෙන පාඩම් කරනවානම් මේ ටිප්ස් 7 ප්‍රයෝජනවත් වේවි

රෑට ඇහැරගෙන පාඩම් කරනවානම් මේ ටිප්ස් 7 ප්‍රයෝජනවත් වේවි

by LADY.LK

පාඩම් කරන එක ඉස්කෝලෙ කාලෙන් පස්සෙ ඉවර වෙන්නෙ නෑනෙ. ගොඩක් අය වයසට ගියාමත් ඉගෙනගැනීම අත්හරින්නෙ නෑ. ඒ වගේම පාඩම් කරන කට්ටිය ප්‍රධාන වශයෙන් කාලය අනුව දෙකොටසකට බෙදන්න පුළුවන්. ඒ තමයි උදේ ඇහැරිලා පාඩම් කරන අය සහ රෑට ඇහැරගෙන පාඩම් කරන අය. සමහරුන්ට නං උදේ පහට ඇහැරෙන එක හරිම කරදරයක් වුණාට උදේ පහ වෙනකං ඇහැරිලා ඉන්න එක නං කිසිම ප්‍රශ්නයක් නෑ. අන්න ඒ වගේ රෑ බදුල්ලොන්ට රෑට පාඩම් කරද්දි නියමෙටම සෙට් වෙන ටිප්ස් කීපයක් තමයි Lady.LK අපි මේ දෙන්න යන්නෙ.

ක්‍රම වෙනස් කරමු

ගොඩක් අය පාඩම් කරන එක එක ක්‍රම තියෙනවානෙ. සමහරු කට පාඩම් කරනවා. පුරාණ කාලෙ වණ පොත් කරනව කියන්නෙත් මේකටමයි. සමහරු ෂෝට් නෝට්ස් ගහනවා, සමහරු පේපර්ස් කරනවා… මේ විදියට පාඩම් කරන විදිය එකිනෙකාට වෙනස්. ඉතිං අපි කියන්නෙ මේ වෙනස ඇතුළෙත් වෙනසක් කරන්න කියලයි. ඒක මොළයටත් තරමක රිෆ්‍රෙෂ් වීමක් වේවි. ෂෝට් නෝ​ට් එක පාඩම් කරනවා වෙනුවට ෂෝට් නෝට් එකට තව කියවමින් කෙටි කරන්න වගේ නොයෙක් ක්‍රම අනුගමනය කරන්නට පුළුවන්. මේ නිසා ගත කරන කෙටි කාලය වුණත් ප්‍රයෝජනවත් විදියට පාඩම් කරන්නට පුළුවන් වෙනවා.

ෆන් බ්‍රේක් එකක්

මෙහෙම පාඩම් කරන අතරේ කෙටි විවේකයක් ගන්න එකත් මොළයට වැදගත්. මේ කෙටි කාලයෙදි නොකරන්න ඕන දේවල් කිහිපයකුත් තියෙනවා. මේ කෙටි කාලය තුළ දිග ෆිල්ම්, ටීවී සීරීස් වගේ දෙයක් බලන්න ගන්න එපා. විනාඩි පහක විවේකය නොදැනීම විනාඩි තිහක් හතලිහක් වේවි. ඒ වගේම මේ කෙටි කාලය ඇතුළතත් ආයෙත් පාඩම් මතක් කරන්න වගේ දේවල් කරන්න යන්නෙපා. ඒ විනාඩි පහ හිසට විවේකයක් දෙන්න. මුහුණ හෝදාගෙන එන්න. මිදුලේ පොඩ්ඩක් ඇවිදින්න. කෙටි යූටියුබ් වීඩියෝවක් බලන්න. ඒකත් හිතට දුකක් ගේන දෙයක් නැතුව, හාස්‍ය පැත්තට බර වීඩියෝවක් බලන්න. 

පිටි නැති කෑම

රෑ ආහාරයට පාන් පිටි නැති කෑමක් ගන්න පුළුවන් නම් රෑට පාඩම් කරද්දි ඒක ප්‍රයෝජනවත් වේවි. බඩ පුරවා දාපු ගතියක් නොදැනෙන්නට සුප් එකක් හෝ සැලඩ් එකක් ගන්න පුළුවන් නම් මේ වැඩේ ගොඩක් දුරට හරි යනවා. මොකද කොහොමත් ලොකු ආහාරායක් ගත්තම රෑට නිදිමතක් එන්නත් පුළුවන්නෙ. 

දවල්ට නින්දක්

මේකත් හොඳ ට්‍රික් එකක්. සාමාන්‍යයෙන් දවල්ට කෙටි නින්දක් නිදා ගන්න එක රාත්‍රී වැඩ කටයුතු පහසුවෙන් කරගෙන ඉන්න ලොකු උදවුවක්. සාමාන්‍යයෙන් මේක කරන්න හොඳම වෙලාවක් තමයි දවල් 12 සහ සවස 3 අතර කාලය. ඒ ඇයි කියල කිවුවොත් ඒ කාලය තමයි රස්නය වැඩිම වෙලාව. ඉතිං ඒ වෙලාවට මිනිස් සිරුර කාර්යක්ෂම වෙන ප්‍රමාණයත් අඩුයි. ඒ නිසා ඒ වෙලාවට හොඳ නින්දක් නිදාගන්න එක ඉතිරි කාලයේ වැඩ කටයුතු පහසුවෙන් කරගන්න ලොකු උදවුවක් වෙනවා.

නින්ද කැඩෙන පොඩි කෑමක්

මේකත් හොඳ ට්‍රික් එකක්. සාමාන්‍යයෙන් නිදිමතක් දැනෙනවානම් සිරුරට ඒක අමතක කරවන පොඩි කෙටි කෑමක් ලඟ තියාගන්නත් ඔයාට පුළුවන්. ඒක චොකලට් පෙත්තක් වෙන්න පුළුවන්. සියඹලා වගේම සිට්‍රස් තියෙන නාරං හෝ දොඩම් වගේ දෙයක් වුණත් මේ වෙලාවට වැදගත් වෙන්න පුළුවන්.

අඩු කාලෙන් වැඩි වැඩ

මේක තමයි මේ කතාවෙ ප්‍රයෝජනවත්ම දේ. තමුන්ගෙ වැඩ ප්ලෑන් කරගන්න. උදාහරණයකට අද දවසේ කරන දේවල් ටික සහ ඒ පාඩම් ටික අවසන් කරන කාලය ගැන නිශ්චිත මිම්මක් සහ ඉලක්කයක් පාඩම් කරන්න වාඩි වෙන්න කලින් තියාගන්න. මොකද මේක එක දවසක වැඩක් නෙමෙයිනෙ. හෙටත් ඔයා ඇහැරිලා පාඩෙම් කරන්න ඕන. ඒ නිසා අද දවසේ මුළු රෑම ඇහැරිලා වැඩ කරන්න බෑ. මොකද හෙට වැඩ කරන්නත් ඔයාගෙ සිරුරට ජවය අවශ්‍යයි. අන්න ඒ නිසා හොඳ ප්ලෑන් එකකට ඔයාගෙ පාඩම් කරන කාලය සකසාගන්න.

Related Articles