Home #BossladyPersonal Finance ලඟ තියෙන සල්ලි ඵලදායීව invest කරමුද

ලඟ තියෙන සල්ලි ඵලදායීව invest කරමුද

by ladylk

දුක් මහන්සිවෙලා හොයන සල්ලිවලින් කොටසක් ඵලාදායි විදියට ආයෝජනය කරගත්තේ නැත්තම් පසුකාලීනව ගැටළු ගණනාවකටම මුහුණ දෙන්නට සිදුවන බව අපි හැමෝම දන්නා කාරණයක්. හැබැයි, මුදල් ආයෝජනය ගැන කතා කිරීමේදී, එය සිදු කරන්නට එක නිශ්චිත ක්‍රමයක් නැති බවත්, එය එක්තරා ආකාරයකට කලාවක් සහ විද්‍යාවක් වන බවත් මුලින්ම අවබෝධ කරගන්නට සිදුවෙනවා. ඒ වගේම තමන්ගේ මුදල් invest කරන්නට කලින් හැකිතාක් දුරට financial literacy වැඩි දියුණු කරගැනීමෙන් මේ කාර්‍යය සාර්ථකව ඉටු කරගැනීමට අවස්ථාව උදාවෙනවා. ඉතින් lady.lk අපි මේ ලිපියෙන් කතා කරන්නේ මුදල් ආයෝජනය කිරීම සම්බන්ධ වැදගත් කරුණු කිහිපයක් සහ ආයෝජන අවස්ථා කිහිපයක් සම්බන්ධවයි.

ආයෝජනය අවශ්‍යම ද

ඔබ රැකියාවෙන් උපයන මුදලට අමතරව, මුදල් ඉපයිය හැකි ක්‍රම ඕනෑ තරම් තියෙනවා. ආයෝජනය කියලා කියන්නේ එයින් ප්‍රධනම ක්‍රමයක් විදියට හඳුන්වන්න පුළුවන්. ජීවිතයේ ඔබට මුහුණ පාන්නට සිදුවන අසීරු අවස්ථා වලදී, ඔබගේ ආයෝජන වලින් ලැබෙන අසීමිත සහනය සමහරවිට ඔබ දැනටමටත් අත්විඳ ඇතුවා වෙන්නටත් ඉඩ තියෙනවා. කොහොම වුණත්, ඔබ සතු මුදල් ඵලදායිව invest කරන්නට පුළුවන් ක්‍රම කීපයක් ගැන අපි දැන් හොයලා බලමු.

Stock market

මෙය නිසැකවම අවධානම් සහගත ක්‍රමයක් විදියට ඔබට පෙනෙන්න්නට ඉඩ තියෙනවා. හැබැයි, stock market එක ගැන පොඩි research එකක් කිරීමෙන් සහ basic principles ගැන අවබෝධයක් ලබා ගැනීමෙන් මේ චකිතය මඟහරවාගන්න ඔබට හැකියාව ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. ආරම්භයක් විදියට shares සුළු ප්‍රමාණයක් පමණක් මිලට ගැනීමෙන් අවධානම අඩු කරගන්න හැකියාව ලැබෙනවා වගේම කාලයත් සමඟ ලැබෙන දැනුම හරහා වඩා සාර්ථකව මේ කටයුත්ත සිදුකිරීමට තරම් හැකියාවක් ඔබට ලැබේවී කියලා අපි හිතනවා.

Retirement Plan

Retire වෙන්න නම් හැට පනින්නම අවශ්‍යයි කියලා නීතියක් නෑනේ. ඔබගේ ජීවිතයේ ඉතිරි කාලය ගෙවන්නට තරම් ධනයක් ඔබ විසින් රැස්කරගෙන තියෙනවා නම් අඩු වයසෙන්ම retaire වෙන්න හැකියාව තියෙනවා. විශ්වාසවන්ත ආයතනයක මුදල් ආයෝජනය කිරීම සහ එය retirement saving fund එකක් විදියට සිදු කරන්නට අවස්ථාව තියෙනවා. සරලවම කියනවා නම් life insurance එකක් විදියට මුදල් ඉතිරි කිරීමේ සැළසුමකට යන්න ඔබට පුළුවන්කම තියෙනව. තමන්ගේ වියදම්, අපේක්ෂිත ආයු කාලය, සෞඛ්‍ය තත්ත්වය සහ උද්ධමනය වගේ කාරණා සැළකිල්ලට අරන් මේ දේ කරනවා නම් වඩාත් පලදායක වන බව කියන්න පුළුවන්.

රන් මිලට ගැනීම

රන් මිල දිනෙන් දින වැඩිවන බව පැහැදිලිවම පෙනී යන කාරණයක් වෙලා තියෙනවා. මේ නිසා ඔබට හැකි අයුරින් රන් කාසි මිලට ගෙන තබා ගැනීම වටිනා ආයෝජනයක් විදියට පෙන්වන්න පුළුවන්. ආභරණ වලට වඩා රන් කාසි මිලට ගැනීමටත්, පිරිසිදු රත්තරන් මිලට ගතහැකි විශ්වාසවන්ත ආයතනයකින් පමණක් මේ මිලට ගැනීම සිදු කිරීමටත් වගබලා ගන්න කියලා අපි මතක් කරනවා. විශාල මිලක් ගෙවා වැඩි ප්‍රමාණයක් මිලට ගන්නවා නම් බැංකුවක සේප්පුවක් මිලට ගෙන ආරක්ෂාකාරීව එහි රන් රඳවා තැබීමත් සිදුකළ හැකි වෙනවා. මූල්‍ය ආයතන වගේම රන් විකිණුම් කරුවන් ලඟත් ඔබට ගැළපෙන ආකාරයේ රන් ආයෝජන අවස්ථා ඇති නිසා ඒ ගැන සොයා බැලීමත් පාඩුවක් වන්නේ නම් නැහැ.

Real estate

ඔබ සතුව සැළකිව යුතු මට්ටමක මුදලක් ඇත්නම් ඉඩමක් මිලට ගැනීම සිදුකරන්නට හැකියාව තියෙනවා. නැවත පහසුවෙන් විකිණීමට ඇති හැකියාව, නිරවුල් ඔප්පු සහිත බව, යම් යම් අවදානම් සහගත තත්ත්වයන්ට මුහුණ දෙන ඉඩමක් නොවීම, අපහසුතා වලින් තොරව භාවිතා කිරීමට හැකි වීම වගේ බොහෝ කාරණා ගැන මෙහිදී සැළකිලිමත් විය යුතු බවත් සිහි තබා ගන්න කියලා අපි සිහිපත් කරනවා. ඒ වගේම මේ ඉඩම් වගාවට, ඉදිකිරීම් කටයුතු සඳහා හෝ මහාමාර්ගය ආශ්‍රිත ඉඩමක් නම් වෙළඳ ප්‍රචාරණය හෝ car parking වගේ කටයුතු සඳහා වුනත් ලබාදී සැළකිව යුතු මට්ටමේ ආදායමක් ඉපයීමේ හැකියාව ඔබ සතු වෙනවා.

කුලී/ බදු පදනම මත ලබා දීම

කුලී හෝ බදු පදනම මත ලබාදෙන්නට හැකි නිවසක්, කාමරයක් හෝ ගොඩනැඟිල්ලක් ඔබ සතුව ඇත්නම් එයින් මුදල් ඉපයීමට ඇති හැකියාව මඟහැරගන්න එපා කියලා අපි මතක් කරනවා. විශේෂයෙන්ම ආයෝජනයක් විදියට ඔබ මිලට ගත් නිවසක් හෝ ගොඩනැඟිල්ලක් ඔබේ පෞද්ගලික පාවිච්චියට යොදා ගන්නේ නැත්නම් මෙවැනි කටයුත්තක් සඳහා පාවිච්චි කිරීමේ අවස්ථාව ඔබ සතු වෙනවා.

මේ වෙනකොට, මුදල් විදියට තමන්ගේ වත්කම් පවත්වාගෙන යෑමට බොහෝ දෙනෙක් අකමැති බව පැහැදිලිවම පෙනී යන කාරණයක් වෙලා තියෙනවා. හැබැයි හිතවත්කම් මත පදනම්ව හෝ, හිත මිතුරන්ගේ ඉල්ලීම් මත කෙටිකාලීන ලාබ ලබාදෙන කටයුතු සඳහා තමන්ගේ වත්කම් ආයෝජනය කරන්න කලින් කිහිප වතාවක්ම ඉතාමත් හොඳින් සොයා බලන්න කියන කාරණාවත් අපි අවධාරණය කරනවා. ඔබගේ මුදල් පිළිබඳව වගකීමකින් ක්‍රියා කරන විශ්වාසවන්ත ආයතනයක් සමඟ පමණක් ආයෝජනය කිරීමෙන් ඔබේ වත්කම් සුරක්ෂිත බවත් අපි සිහිපත් කරනවා.

Related Articles