Home FoodNutrition බිත්තර ගැන දැනගෙන බිත්තර කමු.

බිත්තර ගැන දැනගෙන බිත්තර කමු.

by LADY.LK

බිත්තර කියන්නේ පෝෂණ ගුණයෙන් ඉතාම ඉහළ ආහාරයක්. විශේෂයෙන්ම අපේ සිරුරේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගැනීමේදී බිත්තරයකට වැඩි දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. නමුත් බිත්තරයක ඇති පෝෂණ සංඝටක පිළිබඳ අනවබෝධය නිසා අවසානයේ බිත්තර නිසාම අසනීප වන්නත් පුළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට, රෝගී පුද්ගලයන්ට බිත්තර ආහාරයට දීමේදී වඩාත් සැළකිලිමත් විය යුතුයි.

බිත්තරයක උසස් මට්ටමේ ප්‍රෝටීන ග්‍රෑම් 6 ක් අඩංගුයි. ප්‍රෝටීන වැඩිපුරම අඩංගු වන්නේ බිත්තර සුදු මදයෙයි. ඊට අමතරව බිත්තර සුදු මදයේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නමැති සංඝටකයේ වර්ග 9 ක්ම අඩංගු වෙනවා. මිනිස් සිරුරට ඇමයිනෝ යම් ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත් මෙම සංඝටකය ශරීරය තුළ නිපදවිය නොහැකියි. ඒ නිසා බාහිරින් ලබා ගන්නම සිදුවෙනවා. ඊට පහසුම ක්‍රමය වන්නේ බිත්තර ආහාරයට එකතුකර ගැනීමයි. ප්‍රමාණයෙන් විශාල බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 9 ක් සහ කැලරි ග්‍රෑම් 70 ක් අඩංගුයි. මේ නිසා ශරීරය වෙහෙසවා වැඩ කරන අයට සේම වැඩෙන දරුවන්ගේ ආහාර වේලටත් බිත්තර එකතු කිරීම ඉතාම වැදගත්.

බිත්තර කහමදයේ විටමින් ඒ, ච්, කැල්සියම්, යකඩ, පොස්පරස් ඇතුළු ඛනිජ ලවණ ආදී සංඝටක යහමින් අඩංගු වෙනවා. යහපත් මේදය ග්‍රෑම් 5 ක් අඩංගුයි. අවශ්‍ය නම් පෝෂණ අවශ්‍යතා මත කහ මදය ආහාරයට ගැනීමට හෝ නොගැනීමට පුළුවන්. බීටා කැරොටීන් නමැති සංඝටකය නිසයි මෙම කොටස කහ පැහැයක් ගනු ලබන්නේ.

සාමාන්‍යයෙන් බිත්තර කීයක් දිනකට ආහාරයට ගත යුතුද යන්න බොහෝ දෙනකුට පවතින ගැටලුවක්. ඔබ ක්‍රියාශීලී වැඩිහිටියෙක් නම් දිනකට බිත්තර දෙකක් ආහාරයට ගත්තද ගැටලුවක් නොවේ. නමුත් දිනකට එක් බිත්තරයක් ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. පාසල් යන වයසේ වැඩෙන දරුවන්ටත් දිනකට බිත්තරයක් ආහාරයට එක් කළාට ගැටලුවක් නැහැ. ගර්භණී මවුවරුන්ට අවශ්‍ය සුවිශේෂි පෝෂක කොටස් බිත්තරයේ අඩංගු වෙනවා. නමුත් එවැනි තත්ත්වයේ පසුවන අය අසාත්මික තත්ත්වයන් ඇති නොවෙනවා නම් පමණක් බිත්තර ආහාරයට ගත්තාට වරදක් නැහැ.

Related Articles