Smart phone එකක් කියන්නේ මේ වෙනකොට කාටවත් magic එකක් නම් නෙවෙයි. ඒ වගේම තමයි පහසුකම් රාශියකින් ම සමන්විත smart phone එකක් භාවිතා කරන ඔබ එයට නොයෙකුත් ආකරයේ applications එහෙමත් ඇතුළු කරගෙන ඇති කියලා අපි හිතනවා. ඉතින්, lady.lk අපි හිතුවා ඔබගේ කාර්‍යබහුල ජීවිතය වඩාත් පහසු කරන්නටත්, ඔබට විනෝදයක් සපයන්නටත් සමත්වෙන ආකාරයේ apps කිහිපයක් ගැන කතා කළොත් හොඳයි කියලා. එහෙනම් ඉතින් අපි මේ ලිපියෙන් කතා කරන apps ඔබේ smartphone එකටත් install කරලද තියෙන්නේ කියලා බලන්නකෝ.
Flo- Period tracker
හැම මාසෙකම Period dates අමතක වෙලා අමාරුවේ වැටෙනවා නම් මේ app එක දාගන්න එක තමයි සුදුසුම දේ වෙන්නේ. ඊට අමතරව ඔබ ඇවිදින දුර ප්‍රමාණය මැනගන්න, ඔබේ බර සහ වෙනත් health issues ගැන තොරතුරු සටහන් තබාගන්නත් Flo ඔබට සහයෝගය ලබාදේවී.
Calm
කලබලකාරී දිනයක් අවසානයේ මනස සන්සුන් කරගෙන, සැහැල්ලුවෙන් හොඳ නින්දක් නිදාගන්න අවශ්‍යයි නම් Calm application එක ඔබේ phone එකට install කරගන්න කියලා අපි යෝජනා කරනවා. විවිධාකාර sleep stories, meditation guides, relaxing music, breathing programs, nature sounds සහ nature scenes ඇතුළත් මේ app එක මිලියන 10ටත් අධික පරිශීලකයන් සංඛ්‍යාවක් විසින් download කරගෙන තියෙනවා කියලයි සඳහන් වෙන්නේ.
Nike training club
තමන්ගේ සිරුර හැඩට සහ නිරෝගීව තියාගන්න කැමති සුන්දර ඔබට මේ app එක විශාල සහයෝගයක් වනවා නොඅනුමානයි. Nike application එක හරහා Yoga sessions සහ body workouts 200ට අධික සංඛ්‍යාවක් නොමිලේම ලබාදෙන අතර මේවා design කර ඇත්තේ top- class Nike fitness trainers ලා විසින් බව කියැවෙනවා.
Wattpad
ඔබ පොත් කියවීම ප්‍රිය කරනවා නම් ඊට අමතරව ලිවීමටත් බලාපොරොත්තුවක් තියෙනවා නම් wattpad හරහා ඒ කාර්‍යන් දෙකම ඉටු කරගන්නට ඉඩ ලැබේවි. සම්පූර්ණයෙන් ම නොමිලේ සේවය සපයන මෙම app එකේ account එකක් open කරලා පොත් කියවීමට අමතරව පොත් upload කරන්නටත් පහසුකම තියෙනවා.
Remember The Milk
නොදැනීම වගේ කරන්න තියෙන වැඩ ලැයිස්තුව වැඩිවෙලා, සමහර වැඩ miss වෙලා වගේ නම් මෙන්න මේ වගේ to-do list app එකක් install කරගන්න එක තමයි වඩාත්ම සුදුසු දෙය වෙන්නේ. List එකේ තියෙන එකම වැඩක්වත් miss කරගන්නේ නැතුව හරියට වෙලාවට සම්පූර්ණ කරගන්න remember the milk application එක ඔබට කදිම සහයෝගයක් ලබාදේවී.
Etsy
Unique and handmade gift items මිලට ගන්න අවශ්‍යයි නම් හොඳම තැන තමයි Etsy කියලා කියන්නේ. ඉතාමත් අලංකාර සහ තෝරාගැනීම් රාශියක් සහිත මේ online store එකෙන් භාණ්ඩ මිලට ගන්න කලින් ඔබට අවශ්‍යයි නම් shop owners ලා එක්ක සාකච්ඡා කරන්න වගේම ඔබේ order status එක track කරන්න වුණත් හැකියාව තියෙනවා.
Mint
තමන්ගේ ආදායම් වියදම් ගැටළුවකින් තොරව සාර්ථකව පවත්වාගෙන යන්න කැමති ඔබට මේ app එක මඟින් විශාල සහයෝගයක් ලැබෙයි කියලා අපි හිතනවා. අනවශ්‍ය වියදම් අවම කරගැනීම, saving goals වලට පහසුවෙන්ම ලඟා වීම, කලට වෙලාවට bill ගෙවීම සහ budget planning වගේ කාර්‍යන් මේ හරහා පහසු කරවා ගන්නට ඔබට හැකියාව තියෙනවා.
SOS Stay safe
මෙය personal safety app එකක් විදියට තමයි හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඔබට අනතුරුදායක අවස්ථාවලදි, ඔබ විසින් නම් කරනු ලැබූ සමීපතමයින් වෙතට ඔබ සිටින ස්ථානය සහ battery status පිළිබඳව තොරතුරු sms, email හෝ voice recording පණිවිඩයක් මඟින් යවන්නට මෙමඟින් හැකියාව ලැබෙනවා. සිදුකළ යුතු වන්නේ සරල phone-shake එකක් විතරයි.
Snapchat
හිතවතුන් එක්ක හුවමාරු කරගන්න photos සහ short videos තවත් හැඩ වැඩ දාලා ලස්සන කරගන්න කැමති නම් ඒකට හොඳම app එක තමයි මේ තියෙන්නේ. filters, effects, text captions සහ drawings වගේ features ගණනාවක්ම තියෙන Snapchat app එකේ විවිධාකාර lenses, friend emojis, stickers වගේ පහසුකමුත් අඩංගු වෙනවා.
Skin Bliss
ඔබ භාවිතා කරන cosmetics වර්ගයේ තත්ත්වය සහ ඔබට ගැළපෙන cosmetics වර්ග හඳුනාගන්නට මේ app එක උපකාරයක් වෙයි කියලා අපි හිතනවා. Cosmetics products 30000ට අධික සංඛ්‍යාවක් පිළිබඳව තොරතුරු අඩංගු data base එකක් තිබීම සහ ඔබට allergic විය හැකි නිෂ්පාදන ගැනත් දැනුවත් වීමට හැකි වීම අමතර වාසියක් විදියට පෙන්වන්න පුළුවන්කම තියෙනවා.