Novel Episode Archives - Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty
	1	</sy:updateFrequency>
වෙනස් ම ආරක ළමා කතා පොත් රචනා කළ Roald Dahl
ඔබ Charlie and the chocolate factory කියන බොහෝම අපූරු චිත්‍රපටය නරඹලා තියෙනවා ද? ඒ…
The post වෙනස් ම ආරක ළමා කතා පොත් රචනා කළ Roald Dahl appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
Charlie and the chocolate factory
Matilda
Danny the champion of the world
George’s marvellous medicine
‘ජෝර්ජ්ගේ අරුම පුදුම බෙහෙත් වඩිය’ නමින් මේ පොත පරිවර්තනය කරලා තියෙන්නේ සමරසිංහ ගුණසේකර මහතා විසිනුයි. ජෝර්ජ් විසින් නිර්මාණය කරන අමුතු බෙහෙත් වඩිය පානය කරන කුකුල් කේන්තිකාර ආච්චි අම්මට මොනවා සිද්ධ වෙයිද? ජෝර්ජ්ගේ කතන්දරේ කියෙව්වොත් නම් ඒ ගැන දැනගන්න පුළුවන් වේවි.
Boy
Fantastic Mr. Fox
‘නරිහාමිගේ අපූරු වැඩ’ නමින් මෙලනි අමරසූරිය විසින් පරිවර්තනය කරලා තියෙන මේ පොතේ තියෙන්නේ නරි පවුලක් සහ නපුරු මිනිස්සු තුන් දෙනෙක් සම්බන්ධ කතාන්දරයක්. සූර නරි හාමි මේ නපුරෝ තුන්දෙනාව පරද්දපු විදිය දැනගන්න කැමත් 2නම් පොත කියවලාම බලන්න කියලා අපි යෝජනා කරනවා.
James and the giant peach
උපාලි උබයසේකර මහතා විසින් පරිවර්තනය කරලා තියෙන මේ පොතෙන් කියැවෙන්නේ අම්මා තාත්තා අහිමි අහිංසක ජේම්ස්ගේ කතාවයි. නපුරු නැන්දලා දෙන්නෙක් එක්ක උස් මහත්වෙන ජේම්ස්ට ඒ දෙන්නගෙන් බේරෙන්න උදව් කරන්නේ වෙන කවුරුත් නෙවෙයි, අරුම පුදුම යෝධ පීච් ගෙඩියක්. කොහොමද උදව් කලේ කියලා දැනගන්න නම් මේ පොත කියවන්නම වෙනවා.
The Twits
The magic finger
The giraffe and the Pelly and me තොම්සන් වැන්දබෝනා මහතා විසින් ‘ ජිරාෆුයි පෙලීයි මායි’ නමින් පරිවර්තනය කරලා තියෙන මේ රසවත් පොතේ අඩංගු වෙන්නේ බිලී, පෙලී, ජිරාෆි සහ මන්කි කියන ජනෙල් පිරිසිදු කරන කණ්ඩායම විසින් ලෝකයේ බිහිසුණුම දියමන්ති හොරාව හෙළිදරව් කරන ආකාරය ගැන කතා පුවතයි.
පිණි වගේද ආදරේ – අවසන් කොටස
කාවිංග මට ආදරේ කරනවා ෂෙනාලි… අශේනි ඒ කියපු කතාව ෂෙනාලිට දැණුනෙ කම්මුල් පාරක් ව​ගේ.…
The post පිණි වගේද ආදරේ – අවසන් කොටස appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
කාවිංග මට ආදරේ කරනවා ෂෙනාලි…
අශේනි ඒ කියපු කතාව ෂෙනාලිට දැණුනෙ කම්මුල් පාරක් ව​ගේ. ෂෙනාලිට කරකියාගන්න දෙයක් තිබුණෙ නෑ. ඒ නිසාම ෂෙනාලි දිගටම මේ ගැන කතා කරන්න හිතුවා.
අෆයා එක පටන් අරං ගොඩක් කල්ද?
නෑ මේ ළඟදි
ඔයා දන්නවනෙ මම එයාට කැමැත්තෙන් හිටියා කියලා
ඔව්… මාත් එයාට කැමැත්තෙන් හිටියා. අනික…
අනික?
ඉතිං ඔයාටත් හිටියෙ
මං බොරුවක් කිවුවෙ..
එතකොට අර කෑම එවුවෙ?
ඒ කාවිංග
ඒක වෙලා ගොඩක් කල්නෙ
ඔව් ඒ දවස්වල තමයි මට තේරුණේ එයා මං ගැන හිතනවා කියලා
හ්ම්ම්ම්…
ඔයා ඕක ගැන අවුල් හිතන්න එපා ෂෙනාලි
ඔයාට කියන්න නං ලේසියි.
එතනින් එහා අශේනිට මොකුත් නොකියා ෂෙනාලි ගියා. අශේනිටත් ෂෙනාලිගෙ හිත හදන්න පස්සෙන් යන්න ඕන වුණේ නෑ. අශේනිට ඔෆිස් එකෙන් යන්න වැඩි දවසක් තිබුණෙත් නෑ. මොකද දැන් රෙසිග්නේෂන් ලෙටර් එක දීලා තරමක් කාලයක් වෙනවා. 
ඒ වෙලාවෙ මේ සිද්ධිය දිහා බලාගෙන හිටපු චමෝදි අශේනි ළඟට ආවා.
ෂෙනාලිට කේන්ති ගිහින් නේද?
ඔව් අක්කා එයා ටිකක් අවුලෙන්
එයා බලං හිටියෙ මල්ලිගෙ ඇඟේ එල්ලෙන්න
හ්ම්ම්ම්…
මං ඒකටනං කීයටවත් ඉඩ දෙන්නෙ නෑ
ඇයි?
එතන ඇත්තටම ආදරයක් තිබුණෙ නෑ
අක්කා ඇයි එහෙම කියන්නෙ?
මට ඒක දැණුනා.
හ්ම්ම්ම්…
ඔයා අවුල් ගන්න එපා.
නෑ නෑ මට අවුලක් නෑ
තව ටික දවසයිනෙ
හ්ම්ම්ම්…
හරි අක්කා
බිස්නස් එකේ වැඩවලට එළියට යන්න ඕනනං ඒකත් මට කියන්න
හරි අක්කා.
දැන් ඉතිං කොහොමත් අන්තිම දවස් ටිකනෙ. වැඩිය මහන්සි වෙන්න එපා
එහෙම හරි නෑනෙ අක්කා, හැමෝම බිසී දවස්නෙ..
මේ කාලය ගොඩක්ම කාර්යබහුල වුණාට අශේනිටත් කාවිංගටත් හොඳ විදියටයි හැම දේම සිද්ධ වුණේ. 
කාවිංගට තවත් උසස් වීමක් ලැබුණු නිසා දැන් රස්සාවෙ වගකීම වැඩි වුණාට නිදහස තරමක් වැඩියි. ඒ වගේම කාවිංග ඔෆිස් එකේ බොස්ටත් දෙන්නගේ ආදර කතාව ගැන කියලා. කාවිංගගේ පවුල් පසුබිමත් තාත්තාවත් දන්න කාවිංගගෙ බොස්ට මේක හරිම සතුටු ආරංචියක් වුණා. ඒ සතුට බොස් පළ කරේ අශේනිගෙ බිස්නස් එකට ලොකු ඕඩර් එකක් දෙන ගමං. ඒ තම​යි ඔෆිස් එක සරසන්න අශේනිගෙන් සීනරීස් ටිකක් පේන්ට් කරගන්න එක. ඔෆිස් එකෙන් අයින් වෙද්දිම ලැබෙන ලොකු ඕඩර් එක ගැන අශේනිත් සතුටෙන් හිටියෙ.
අශේනි කාවිංගගෙ ගෙදර කිට්ටුවම තැනකට එයාගෙ බිස්නස් එකත් අලුත් බෝඩිමත් මාරු කරා. අශේනි කරපු ලස්සන සීනරීස් ටිකකුත් ඩිස්ප්ලේ කරපු ආට් ස්ටුඩියෝ එකක් දැන් අශේනිට තියෙනවා.
දෙන්නගෙම බිස්නස් දෙක එකම තැනකට ගේනවද? වෙන වෙනම ගෙනියනවද කියන දේ ගැන තාම දෙන්නා තීරණයක් අරගෙන නැතත්, දෙන්නත් එක්ක එකම වහලක් යටට එන්න නම් දැන් තීරණය කරලා ගොඩක් කල්. කාවිංග ගෙ නංගිත් කැම්පස් එකේ සමහර දේවල් අශේනිගෙන් අහගන්න නිසා අශේනි දැන් ගොඩක් වෙලාවට ඉන්නෙත් කාවිංගලගෙ ගෙදරම තමයි. කාවිංග ගෙ අම්මගෙ මූනෙ වෙනදට වඩා ලොකු සන්තෝසයක් තිබුණෙ එයා පුතා ජීවිතේ වෙනුවෙන් හරිම තීරණය ගත්තු නිසා.
ඒ තමුන්ගෙ උත්සාහයෙන් නැගිටින කෙල්ලෙක් හොයාගත්තු සතුට. අපේ කතාවෙ නම පිණි වගේද ආදරේ. ඒ නම කියවපුවම ඔයාලට හිතෙන්න ඇති ඇත්තටම ආදරේ පිණි වගේද? කියලා. ඔයා හරි ආදරය තෝරා නොගත්තොත් ඒක එහෙම වෙන්න පුළුවන්. ඒත් ඒක වැරදි බව අශේනිත් කාවිංගත් පෙන්නලා දුන්නා.
ඒ නිසා අපි නං හිතන්නෙ ඇත්තටම…
ආදරේ පිණිවලට වඩා බරයි…
පිනි වගේද ආදරේ – Episode 17
දිනිති හෙට්ටිආරච්චි ලියයි අශේනියි කාවිංගයි දෙන්නත් එක්ක ආට් සප්ලයිස් තෝරලා ඉවර වෙලා ඒ ටිකත්…
The post පිනි වගේද ආදරේ – Episode 17 appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
දිනිති හෙට්ටිආරච්චි ලියයි
අශේනියි කාවිංගයි දෙන්නත් එක්ක ආට් සප්ලයිස් තෝරලා ඉවර වෙලා ඒ ටිකත් අරගෙන ගියේ මොනවහරි කන්න. අශේනිට ලොකු බඩගින්නක් තිබුණෙ නැතත්, ඒ වෙද්දි දවල්ටවත් උදේටවත් නොකි හිටපු කාවිංග ගැන හිතේ තිබුණු දුකයි, කාවිංග එක්ක ටිකක් වෙලා නිදහසේ ඉන්න ලැබෙන සතුටයි නිසා අශේනි කෑඹ කන්න යන්න උඩින්ම කැමති වුණා.
මොනවද කන්නෙ අශේනි?
මට මොකුත් එපා
ඇයි?
මට බඩගිනි නෑ.
එහෙමනං කමු කිවුවෙ
ඒ ඔයාට?
ඇයි?
ඔයා අද දවසටම මොකුත් කාලා නෑනෙ
ඉතිං මොකුත්ම කන්න බැරිද?
මම ඔයා ගන්න දේකින් ටිකක් කන්නං
එහෙම හොඳයිද?
ඇයි නරකයිද?
මොකද්ද?
දෙන්නෙක් එයාලගෙ කෑම බෙදාගෙන කන එක නරකයිද?
යාළුවො නං එහෙම කෑවට අවුලක් නෑ තමයි.
අපි යාළුවොද කාවිංග?
මං කැමති නෑ ඔයා එක්ක යාළුවෙක් විදියට ඉන්න.
ඇයි? මං නරකයිද?
නෑ ඔයා හොඳ වැඩියි
ඉතිං…
ඒ හින්දා ඔයාට පුළුවන්ද මට ආදරේ කරන්න.
කාවිංග???
ඔයා කැමති නැත්තං කමක් නෑ.
​මොනවද මේ අහන්නෙ???
කමක් නෑ කෙලින් කියන්න. මට තවත් හිතේ හිරකරගෙන ඉන්න බෑ.
ඔයාට අහන්නත් දෙයක් තිබුණෙ නෑ කාවිංග. මාත් ඔයාට කැමතියි.
කාවිංග හැන්දට ගත්තු කොත්තු ටික කටට දාගන්නෙ නැතුව ආයෙත් පිඟානට දැම්මා. එහෙම්මම අශේනි පැත්තට ඇදිලා ගිහින් ඒ නළල ඉම්බා. අශේනි නුපුරුදුම උණුහුමකින් කාවිංගට තුරුළු වුණේ ඇස් දෙ​කේ සතුටු කඳුළු පුරවගෙන. 
මං ඉක්මනට කොත්තුව කාලා යන්නං කියලා හිතාගෙනයි ආවෙ.
ඉතිං?
දැන් කොහොමද අශේනි, මගේ පණ දාලා මම යන්නෙ?
ඉතිං අරං යන්න.
බලමු ඉක්මනට දවසක්.
ඇයි බබා ඕක මට කියලා දාන්න මෙච්චර පරක්කු වුණේ?
මට කැමති නැති වෙයි කියලා හිතුණා.
ඇයි ඒ?
මට ෂෙනාලි අක්කා කිවුවනෙ, ඔයාට කොල්ලෙක් ඉන්නවා කියලා
ආ එයා කියන ඒවා නං ගනන් ගන්නෙපා
ඇයි?
එයා කොහොමත් ඔයාට කැමතියි
ආ ඔව් ඒ ගැනනං චමෝදි අක්කත් කිවුවා.
එයා හොඳයි නේද?
ඔව් ඔව්… එයා මට හරි ම ආදරෙයි.
හ්ම්ම්ම්…
මේ දැන් මොකද කරන්නෙ?
කාලා ඉවරද ඔයා?
කෑඹ ගැන නෙමෙයි බබා ඇහුවෙ.
එහෙමනං?
ෂෙනාලිට මොකද කියන්නෙ?
ඇත්තටම අශේනි ඒ ගැන කල්පනා කරා. අශේනි එයාගෙ අනාගතේ ගැන ගොඩක් දුරට හිතලා තිබුණෙ. අශේනිට ඉතුරු වෙලා තිබුණෙ එයාගෙ ප්ලෑන් එක කාවිංගට කියන්න විතරයි.
මං හිතුවෙ ජොබ් එකෙන් අස් වෙනවා කියලා
ඇයි ඒ?
අපි දෙන්නා අතරෙ අෆයා එකක් තියෙද්දි අපිට එක ඔෆිස් එකේ ඉන්න එක අවුල්නෙ
අස් වෙලා මොකද කරන්නෙ?
මං හිතුවෙ මගේ බිස්නස් එක දිගටම කරන්න
රිස්ක් එකක් නෙමෙයිද?
රිස්ක් එකක් නං තමයි… ඒත්…
ඒත්?
මට ඔයා ඉන්නවා. මගේ ටැලන්ට් එක තියෙනවා. ඒ ඇති.
කාවිංගගෙ හිතේ අශේනි ගැන ලොකු ආදරයක් ඇති වුණා. කාවිංග අශේනිව ළඟට අරගෙන බදාගත්තා. හෙටම ගිහින් ඔෆිස් එකට රෙසිග්නේෂන් දීලා, මේ මාසය වැඩ කරලා ගෙදර යන්න අශේනි ප්ලෑන් කරා. අශේනිගෙ බිස්නස් එකත් එක්කම කාවිංගගෙ බිස්නස් එකත් ටිකක් ලොකුවට කරන්න ගන්න දෙන්නා එක්ක හිතාගත්තෙ කවදාක හරි රස්සාවක් නොකර තමුන්ගේ හැකියාවෙන් තමුන්ටම සල්ලි හොයනවා කියන අදහසත් එක්කයි.
මේ ඔක්කොම බළාපොරොත්තු එක්ක ඔෆිස් එකට යද්දි දවසෙන් දවස ෂෙනාලි අශේනිගෙන් ඈත් වෙන විත්තිය අශේනිට තේරුණා. කාවිංග එක්ක තියෙන ආදරය ගැන කාටවත්ම කියලා නැති නිසා මේ කේන්තිය තේරුම් ගන්නත් අශේනිට පුළුවන් වුණේ නෑ. කොහොම වුණත් දවසක් ෂෙනාලි ම ඇවිත් අශේනි එක්ක කතා කරද්දි, අශේනි තීරණයක් ගත්තා.
ඇයි අශේනි ඔයා ජොබ් එකෙන් අයින් වෙන්න හිතුවෙ?
මං මේ මගේ බිස්නස් එක ටිකක් ලොකුවට කරන්නයි හිතුවෙ.
කවුද කාවිංග ද කිවුවෙ?
ඔව් එයත් එහෙම හිතනවා.
ඇයි ඔයා කාවිංග කියන දේවල් අහන්නෙ
කාවිංග මට ආදරේ කරනවා ෂෙනාලි…
ඒ දීපු උත්තරේ අශේනිගෙ කටෙන් පිටවෙයි කියලා අශේනි හිතුවෙත් නෑ. ෂෙනාලි කොහොමවත් හිතුවෙ නෑ. ෂෙනාලිට තිබුණේ හිතේ සැකයක් විතරයි. ඊට අමතරව චමෝදි දෙතුන් වතාවක් කියපු කතා ටික විතරයි. ෂෙනාලි අශේනි දිහා ඇස් ලොකු කරගෙන බලං හිටියා.
ඊලඟ කොටසට…
පිනි වගේද ආදරේ – Episode 16
දිනිති හෙට්ටිආරච්චි ලියයි දවස් ගෙවිලා යන්නෙ නොහිතන තරම් ඉක්මනට. දවල් කෑමට එළියට ගිහින් අශේනි…
The post පිනි වගේද ආදරේ – Episode 16 appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
දිනිති හෙට්ටිආරච්චි ලියයි
දවස් ගෙවිලා යන්නෙ නොහිතන තරම් ඉක්මනට. දවල් කෑමට එළියට ගිහින් අශේනි කියපු දේවල් කාවිංග ගෙ හිතේ තාම ඒ විදියටම රැඳිලා තියෙනවා. අශේනි මේ කියපු දේවල් කිව්ව වේගෙ ඉක්මන් වැඩියිද කියලා හිත හිත ලත වෙනවා. කාලෙකින් තමුන්ගෙ මුළු හිතේම අරක්ගත්තු තරුණයා මේ දේවල් නිසා එයාගෙන් ඈත් වෙයිද කියන දුක අශේනිගෙ හිතේ තියෙනවා. මේ දේවල් එක්ක ෂෙනාලි අශේනි එක්ක තරහා වෙයිද කියන අවුල අශේනිගෙ හිතේ කොණක තියෙනවා. දැන් අලුතෙන් ඔෆිස් එකේදි අශේනිගෙ සුපීරියර් විදියට වැඩ කරන චමෝදි මේ දේවල් නිසා අශේනිට කරදරයක් වෙයිද කියන සැකයත් අශේනිගෙ හිතේ තියෙනවා.
ඒ අතරේ තමයි අශේනිගෙ අලුත් බිස්නස් එකේ ෆේස්බුක් පේජ් එක ඕපන් කරේ. මේ ගැන ඔෆිස් එකේ ලොකුවටම කතාවක් ඇදුනා. මුලින්ම කතාව ඇදලා ගත්තෙ ෂෙනාලි.
අශේනි ඔයාත් පටන්ගත්තද කාවිංගගෙ බිස්නස් එක
එහෙමනං?
ඉතිං
මම කරන්නෙ සීනරීස්.
ආ…
කාවිංග මොකෝ ඒ ගැන කිවුවෙ?
මොකුත් නෑ
පුදුමයි
ඇයි?
එයාගෙ බිස්නස් එකට තර්ජනයක්නෙ
එයා එහෙම ඉරිසියා කරන කෙනෙක් නෙමෙයි ෂෙනාලි.
හ්ම්ම්ම්… ඒවත් දන්නව නේද?
ඔව් අපි දෙන්නා මේ ටිකේ ටිකක් කතා කරා
ඒ මොකටද?
මගේ ආට් සප්ලයිස් ගන්න වගේ දේවල්වලට
වැඩිය කාවිංග එක්ක කතා කරන්න යන්නත් එපා
ඇයි?
අනේ මන්දා ඒකනං
ඇයි අනේමන්දා කිවුවෙ?
නෑ ඉතිං එහෙමනං එයා මගෙත් එක්ක කතා නොකර ඉන්න ඕනනෙ…
හ්ම්ම්ම්…
ෂෙනාලිගෙ මූනෙ ඒ තරං හොඳ සුහද පෙණුමක් නෙමෙයි තිබුණෙ. කාවිංගට කැමති නිසාම ෂෙනාලි අශේනිට ඉරිසියා කරන්න ගත්තා. මේ වෙලාවෙ මේසෙ වැඩ කර කර ඉද්දි මේසෙට ලං වුණේ චමෝදි…
මං හිතන්නෙ අශේනිට මං එදා කියපු දේ තේරිලා
මොකද්ද අක්කා?
මං එදා කිවුවෙ, කාවිංග කැමති එක්කෙනාට කාවිංගව දැණිලා නෑ කියලා
ඉතිං?
මං හිතන්නෙ දැන් දැනිලා
ඇයි අක්කා එහෙම කිවුවෙ?
මං දැක්කනෙ ඔයයි කාවිංගයි පාක් එකේ බත් කනවා.
අක්කා?
ඔව් ඔව්… මම කාටවත් කිවුවෙ නෑ
අනේ…
බය වෙන්න එපා අනේ…
අපි දෙන්නට බඩගිනි නිසා…
මට බොරු කියන්න එපා
බොරු නෙමෙයි. එහෙම මොකුත් නෑ
තාම එහෙම මොකුත් නැතුව ඇති.. ඒත් ඉස්සරහට…
ඉස්සරහට?
ඔව් ළමයො. ළඟදිම කාවිංග අහයි
අක්කා මොනවද මේ කියන්නෙ?
ඇයි?
මම හිතුවෙ ඔයා කාවිංගට?
එයා මගේ මල්ලි වගේ. මම කැමති වුණෙ නැත්තෙ ෂෙනාලි එයා ගාවට යනවට විතරයි.
හ්ම්ම්ම්…
හැබැයි කාවිංගයි ඔයයි හොඳටම ගැලපෙනවා.
ඇයි අක්කා එහෙම කියන්නෙ?
ඒ කතාවට බාධාවක් වුණේ චමෝදිට කෝල් එකක් ආපු නිසා. චමෝදි යනකං ඈතට වෙලා බලං හිටපු කාවිංග අශේනිගෙ ළඟට දුවගෙන ආවා.
අර වැඩේට යමුද?
මොන වැඩේටද?
ආට් සප්ලයිස් ගන්න?
මේ දැන්?
ඔව් මට හොඳටම මහන්සියි
ඉතිං?
ඊයෙ නිදියගත්තෙත් නෑ
දෙයියනේ… ඉතිං ගිහින් නිදාගන්න
ඔය ආට් සප්ලයිස් වැඩේ ඉවර කරගෙනම ගෙදර ගිහින් නිදාගන්නං
ඉතිං තාම ඔෆිස්නෙ
කමක් නෑ ෂොට්ලීව් දාලා යමු
දෙන්නම?
හොරෙන් යමු අශේනි. ඉක්මනට එන්න.
හරි.
දෙන්නත් එක්ක ලෝකෙටම හොරෙන් යනව කියලා හිතාගෙන හිටියට මේ ගමන් බිමන් ගැන චමෝදිත්, ෂෙනාලිත් ඇහැ ගහගෙන හිටියෙ. අශේනියි කාවිංගයි ආට් සප්ලයිස් ගන්න අතරෙ වැරදිලා වගේ දෙන්නගෙ අත් දෙතුන් වතාවක්ම එකට ගැටුනා. මුලින් මුලින් ඒක නුහුරුයි වගේ දැණුනට, පස්සෙ දෙන්නටම ඒක හිතට ලොකුවට අවුලක් දැණුනෙ නෑ. අශේනිට කාවිංග ළඟ ඉන්න එක ලොකු දෙයක් කියලා හිතුනා.
ඊලඟ කොටසට…
පිනි වගේද ආදරේ – Episode 15
දිනිති හෙට්ටිආරච්චි ලියයි කාවිංග හැමෝටම හොරෙන් එවපු කෑම එක කාලා ඉවර වෙලා අශේනි කෙලින්ම…
The post පිනි වගේද ආදරේ – Episode 15 appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
දිනිති හෙට්ටිආරච්චි ලියයි
ඔයා කොහොමද හරියටම දන්නෙ මම කන්න කැමතිම දේවල්.
මේ මම කන්න කැමතිම දේ…
අශේනිට එතනින් එහා කියාගන්න දෙයක් නැති වුණා. මේක නිකමට හිතුවොත් ආසා කරන දෙයක් ඉස්සරහා අසරණ වුණා වගේ අවස්ථාවක්. අශේනි හිතුවා ඊළඟ දෙබස විදියට කාවිංග ගෙන් සමාව ඉල්ලන්න.
සොරි එදා වෙච්ච දේට.
මොන වෙච්ච දේටද?
අර රෑ කෝල් එක කට් කරපු එකට
ආ… ඇයි ඉතිං එහෙම කරේ ඔයා
මට ලැජ්ජා හිතුනනෙ…
ඒ මොකෝ?
ඔයා මං ගෙදර යනකං බලං හිටපු නිසා
ඉතිං ඒක වැරදිද?
නෑ ඒක හරිම ෂෝක්
එහෙමනං කෝල් එක කට් කරේ
කවුරුත් මට එහෙම කරලා නෑ කාවිංග
කොහොමද?
මං ගෙදර යනකං බලං ඉඳලා
ආ…
ඉතිං හරිනං එහෙම වුණාම ඔයා සතුටු වෙන්නනෙ ඕනෙ
සතුටට තමයි අනේ මට ලැජ්ජා හිතුනෙ
කාවිංග තරමක් වෙලා නිශ්ශබ්දව හිටියා. අශේනිගෙ හිතට සතුටුයි, කියන්න තියෙන දේ කිවුවට. දැන් වටපිටාවෙ අයත් වැඩිය කාවිංගයි අශේනියි කතා කරන දිහා බලන්නෙ නෑ. මොකද දෙන්න දැන් යාළුවො කියලා ගොඩක් අය දන්නවා. ඉස්සර නං දෙන්නා කතා කර කර ඉද්දි චමෝදියි, ෂෙනාලියි ඒ දිහාවට ඇහැ ගහගෙන හිටියෙ. මුලින්ම මෙතන නිහඬ බව බින්දෙ කාවිංග.
මං බයේ හිටියෙ
ඇයි?
මං හිතුවා ඔයා තරහා වුණාද කියලා
ඒ මොකටද?
ඉතිං?
මං හිතුවා ඒකට ඔයා මාත් එක්ක තරහා වුණාද කියලත්.
ආ නෑ නෑ… ඒකට තරහා නෑ
හ්ම්ම්ම්….
හ්ම්ම්ම්…
හේතු ගොඩක් තියෙනව කාවිංග
ඒ මොනවද? මෙතන කියන්න බෑනෙ. වැඩත් තියෙනවා.
අපි ලන්ච්වලට එළියට යමුද?
එළියට යන්න නං පුළුවන්. ඒත්…
ඇයි ඒත්
මං උදේ කෑම එක කෑවෙ නෑ. ඊටපස්සෙ ඔයා එකක් එවුවා.
ඉතිං
දැන් මගේ ළඟ කෑම දෙකක් තියෙනවා. ඒ දෙකට මොකද කරන්නෙ
අපි එහෙමනං ඒ දෙක අරගෙන ගිහින් පාක් එකේ තියාගෙන කමු
හා මාත් කැමතියි එහෙම.
දවල් ඔෆිස් එකේ හැමෝටම බොරු කියලා කාවිංගයි අශේනියි එළියට පැනගත්තා. හැමෝම වගේ වැඩවල හිරවෙලා හිටපු නිසා දෙන්නටම ඒ වැඩේ ලොකුවට අමාරු වුණේ නෑ. දෙන්නත් එක්ක පාක් එකට ගිහින් හෙවණ තියෙන තැනක් කෑම කන්න තෝරගත්තා.
ඔයාට නියම රසට උයන්න පුළුවන්නෙ
ඔයාට තරං බෑ
මගෙ කෑම එච්චරටම රසයිද?
ඔව් අනේ…
හරි දැන් කියන්න අර කතාව
මොන කතාවද?
හේතු නං ගොඩක් තියෙනවා ඔක්කොම කියන්නං ටක් ගාලා
හා.
ගොඩක් අය නිදහසක් දෙන්නෙ නෑ.
හ්ම්ම් ඒකනං අවුලක් තමයි
අනිත් එක තමයි එයාලා හිතනවා එයාලා කියන එකම කරන්න ඕන කියලා
හ්ම්ම්ම්
ඊට වඩා අවුල් ගොඩක් අය හොයලා බලන්නෙ නෑ
හ්ම්ම්ම්… ආ මං ඒක කරා.
ඔව් ඔයාට ඒකට තියෙනව පොයින්ට් එකක්
දැන් මට පොයින්ට්ස් දෙනවද?
ඔව් දැනටම දීලා තියෙන්නෙ
කොච්චර පොයින්ට්ස් තියෙනවද මට
ඒක කියන්නෑ
නපුරුයිනෙ හරිම
මං නපුරු නෑ කාවිංග
නපුරු නැත්තං කෙනෙකුගෙ හිතට සතුටක් දීලා ආයෙ ගන්නෙ නෑ
මොකද්ද මං දීපු සතුට?
ඇයි කිවුවෙ මට පොයින්ට්ස් දුන්නා කියලා
ඉතිං
ඉතිං ඒකට මට සතුටු හිතුනා. හිතුණු ගමන්ම සතුට ආයෙත් ගත්තා
අශේනිට ඒ කතාවට කකා හිටපු බත් කට උගුරේ හිර වුණා. ඇස් දෙකෙන් කඳුළු පැන්නෙ බත් කට හිර වෙච්ච නිසාද? සතුටටද? කියලා හිතාගන්න බෑ. ඒ කතාව එතනින් ඉවර වුණේ අශේනිගෙ පිට අතගාලා වතුර පොවලා ඉවර කරන්න තරමක් වෙලා ගිය නිසායි. දෙන්නත් එක්ක කෑම කාලා, කතා කර කර ඉඳලා එතනින් නැගිටින්න කලින් අශේනි කාවිංග දිහා ටිකක් වෙලා බලං හිටියා.
මොකද ගිලින්න වගේ බලං ඉන්නෙ
අපෝ ඔව් ගිලින්නම කෙනානෙ
මාව කොහේ ගිලින්නද? බත් කටත් හිර වුණානෙ
ඒ බත් කට නෙමෙයි හිර වුණේ?
එහෙමනං?
මගෙ හිත…
අශේනි නැගිටලා යන්න ගියා. කාවිංගටත් දෙපාරක් හිතන්න වුණෙ නෑ. කාවිංගත් නැගිටලා අශේනි පස්සෙන් ගියා. දෙන්නම පාරෙ තිබුණු ටුක් එකකට අත දාලා ඔෆිස් එක ගාවට යන්න නැග්ගා.
ඊලඟ කොටසට…
පිනි වගේද ආදරේ – Episode 14
දිනිති හෙට්ටිආරච්චි ලියයි මෙන්න අශේනි ඔයාගෙ බ්‍රෙක්ෆස්ට් එක ඇවිත්… ඒ කතා කළේ රිසෙප්ෂනිස්ට්. අශේනි…
The post පිනි වගේද ආදරේ – Episode 14 appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
දිනිති හෙට්ටිආරච්චි ලියයි
ඒ කතා කළේ රිසෙප්ෂනිස්ට්. අශේනි උඩ බිම බැලුවා. වටපිටත් බැලුවා. කාවිංග ඔළුව නමාගෙන වැඩ.
මොකද අශේනි කෑම ඕඩර් කළේ නෑ. අශේනි කෑම ගෙනල්ලා තිබුණෙ. අශේනි ඒ කෑම එක කාලා තිබුණෙ නෑ. කාවිංගට මූනදෙන්න බැරිකමට කෑවා කියලා බොරු කිවුවා විතරයි. එතකොට කවුද මේ කෑම එවන්නෙ. අශේනිට තවත් හිතන්න දෙයක් තිබුණෙ නෑ. අශේනි ගියා ගේට් එක ගාවට. කෑම එක ගන්න.
ආ මැඩම්
මම කෑම ඕඩර් කළේ නෑනෙ
ඒ වුණාට මෙතනට තමයි එවලා තියෙන්නෙ මැඩම් ගෙ නම තමයි දාලා තියෙන්නෙ
කවුද ඕඩර් කළේ කියල බලන්න විදියක් නැද්ද?
මැඩම්ගෙ ෆෝන් එකට ඇවිල්ල ඇති ඕඩර් එක දාපු කෙනාගෙ නම්බර් එක
ඔව්මයි මට ෆෝන් එක බලන්න අමතක වුණා.
අශිනි ෆෝන් එක බැලුවා. ගිෆ්ට් එක ඇවිත් තිබුණෙ කාවිංග ගෙ නම්බර් එකෙන්. ඒකෙ තිබුණා මෙසේජ් එකකුත්. 
මට මූන දෙන්න බැරුව නොකා ඉන්න එක හරිනෑනෙ.
අශිනිට කට උත්තර නැති වුණා. අශිනි කෑම එක අරගෙන උඩට ආවා. අශිනිට බඩගින්නක් තිබුණෙ නෑ. දැන් අශිනි ගෙනාපු උදේ කෑම එකයි දවල් කෑම එකයි මදිවට කාවිංගත් එවපු කෑම එකයි, කෑම තුනක් අශිනි ගාව තිබුණා. අශිනි ඔෆිස් එක ඇතුළට එද්දි කාවිංග හිටියෙ කෝල් එකක. හැබැයි මූනෙ තිබ්බ හිනාවක්.
එනකොට ම අශිනි ගාවට ආවෙ ෂෙනාලි. ෂෙනාලි කිවුවෙ අශිනිගෙ හිත ටිකක් රිදෙන කතාවක්. ඊට වඩා අශිනිගෙ හිතට රිදුනෙ ෂෙනාලි මේ කතාව තරමක් හයියෙන් කියපු නිසා. 
අශිනිගෙ හිතේ ෂෙනාලි මෙහෙම අහපු එක ගැන තිබ්බ කේන්තියයි, කාවිංගට මුහුණ දෙන්න බැරි ලැජ්ජාවයි දෙකම හිර කරගෙන හිනාවක් එක්ක ම අක්කත් එනවද කන්න? කියලා අහගෙන ලන්ච් රූම් එක පැත්තට ගියා.
අශිනි ලන්ච් රූම් එකට යද්දි එතන චමෝදි හිටියා. 
අශිනි ඔයා කෑවා කිවුවා නේද?
ඔව් චමෝදි අක්කෙ කෑවා.
එහෙමනං මේ ආයෙත්
යාළුවෙක් කෑම එකක් එවලනෙ.
ඔව් එයා තමයි.
එහෙමනං යාළුවෙක් කියලා කියනවද අනේ.
අශේනි ඒකට හිනා වෙලා නිකං හිටියා. ටිකකින් චමෝදි එතනින් ගියා. ඒ මොකද කියලා ඔළුව උස්සලා බැලුවමයි අශේනි දැක්කෙ ෂෙනාලි එතනට ඇවිත් හිටපු විත්තිය. අශේනි ෂෙනාලි දිහාවට හිනාවක් තල්ලු කරලා ඇරලා කෑම එක කන්න වාඩි වුණා. 
මොනවද තියෙන්නෙ කන්න
දන්නෙ නෑනෙ
ආ ඔව් නේද? කෝ බලමු
ඒකෙ තිබ්බෙ අශේනි ආසම කෑමක්. කාවිංග දන්නෙ කොහොමද මේක තමයි මම ආසම කෑම කියලා. අශේනිගෙ හිතට වද දුන්නා. ඒ වුණත් අශේනිට ෂෙනාලිට ඒ බව පෙන්නන්න පුළුවන් වුණේ නෑ. අශේනි මොකුත්ම නොකියා කන්න පටන් ගත්තා.
කිරිබතුයි චිකනුයි… නියමයි නේද?
හ්ම්ම්ම්… මම හරිම ආසයි
මං කලින් කාලා නං නෑ
අද කාලා බලන්නකො. මාර රසයි
එයා හොඳට ඔයාව දන්නව වගේ නේද?
කවුද?
මේක එවපු කෙනා
ඒ වගේ පේන්නෙ…
හ්ම්ම්ම්
මම දන්නෙත් නෑ මෙහෙම දෙයක් ඕඩර් කරන්න පුළුවන් කියලා.
ඒක තමයි. හරිම රසයි.
කාලා ඉවර වුණාම ෂෙනාලි කෙලින්ම ගියේ වැඩ කරන්න. මොකද ෂෙනාලිට වැඩි ගොඩ ගැහිලා තිබුණා. අශේනි කෙලින්ම ගියේ කාවිංග ගාවට. අශේනිට කාවිංග එක්ක කතා නොකර ඉන්න හේතුත්, කතා කර කර ඉන්න හේතුත් ගොඩක් තිබුණට, අශේනි ඒ ඔක්කොටම වඩා වෙනස් දෙයක් තමයි කාවිංගගෙන් ඇහුවෙ.
ඔයා කොහොමද හරියටම දන්නෙ මම කන්න කැමතිම දේවල්.
ඊලඟ කොටසට…
පිනි වගේද ආදරේ – Episode 13
දිනිති හෙට්ටිආරච්චි ලියයි අශේනිගෙ හිතට සතුටුයි. දැන් කාවිංග එයා ගැන හිතන බව එයා දන්නවා.…
The post පිනි වගේද ආදරේ – Episode 13 appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
දිනිති හෙට්ටිආරච්චි ලියයි
අශේනිගෙ හිතට සතුටුයි. දැන් කාවිංග එයා ගැන හිතන බව එයා දන්නවා. දැන් එයාට කරන්න තියෙන්නෙ එක වැඩයි. ඒ තමයි කාවිංගට කපටියෙක් කියලා කෝල් එක කට් කරේ ඇයි? ඊටපස්සෙ ෆෝන් එක ඕෆ් වුණේ ඇයි? කියලා කියන්න බොරුවක් විතරයි.
උදේ ඔෆිස් යනකනුත් අශේනි කල්පනා කරේ එක දෙයයි. ඒ තමයි ඊයෙ රෑ කෝල් එකෙන් කාවිංගව මගහැරපු එකට දෙන උත්තරේ මොකද්ද කියන එක. අශේනි හිතුවා ඔෆිස් එකට ගිහින් ඕකට උත්තරයක් දෙන්න වෙන්නෙ කාවිංග ඕක ගැන එයාගෙන් ඇහුවොත් විතරක් නිසා, කාවිංගට මොකුත් අහන්න වෙන්නෙ නැති විදියට හැසිරෙන්න. ඒක තරමක් අමාරු වැඩක් බව අශේනිට තේරුම් යන්න වැඩි වෙලා ගියේ නෑ. අශේනි ඔෆිස් එකට ගිහින්, බෑග් එක තියලා ටිකකින් කාවිංග ඔෆිස් එකට ආවෙ ෂෙනාලි එක්කමයි. දැන් කාවිංගව මගහරින්න බෑ. හැබැයි ෂෙනාලි ඉන්න නිසා කාවිංගට මොකුත් අහන්නත් බෑ. කතාව පටන්ගත්තෙ ෂෙනාලි.
බලන්න අශේනි මෙච්චර අමාරු තියාගෙනත් මෙයා ඔෆිස් ඇවිත්
අශේනි ඒකට හිනාවක් දාලා නිකං හිටියා. ඒත් ඒකට උත්තර දුන්නෙ කාවිංග. 
මට පොඩි දෙයක් හොයන්න තියෙනවා අක්කා. ඒකයි මේ අමාරු තියෙද්දිත් ආවෙ.
අශේනි දන්නවා ඒ කිවුවෙ අශේනි කෝල් එක කට් කරපු එක ගැන විත්තිය. ඒත් දැන් මේවාට හිනාවක් වත් නොවී මේ කතාව සඟවන්න ඕන. ඒ වගේම මේ කතාව ඉක්මනින් ඉවර කරන්න ඕන. ඒකට අශේනිට කරන්න දේකුත් නෑ. අශේනි බලාගෙන හිටියා ඊලඟට වෙන දේ ගැන. ඊළඟට දිගටම කතා කරේ ෂෙනාලි.
මොනවද දැන් ඔයාට හොයන්න තියෙන්නෙ?
මට හොයන්න තියෙන්නෙ කෙනෙක් ගැන
ඔව් එයා තමයි.
ඇයි එයාගෙ අවුලක්ද?
ඔව් එයා ෆෝන් කෝල් කට් කරනවනෙ ඉක්මනට
හේතුවක් නැතුව?
ඔව් කිසිම හේතුවක් නැතුව.
ඒ කියන්නෙ කෙල්ල කැමතියි ඔයාව අවුස්සන්න.
මාව අවුස්සලා එයාට මොනවා හම්බෙනවද අක්කා
එහෙම හිතන්නෙපා. සමහර අය එහෙම තමයි.
ෂෙනාලි කාවිංගට කියන කතන්දර හින්දා අශේනිගෙ හිතට ලැජ්ජා හිතුනා. මේ කියන දේවල් කාවිංගත් මෙහෙම්මම පිළිගන්නවද දන්නෑ. ඒ වෙලේම ෂෙනාලි කාවිංගට කන්න යන්න කතා කළා. අශේනිගෙ හිතට හොඳටම ලැජ්ජා හිතිලා තිබුණෙ. එයා කලින් කෑවා කියලා බොරුවක් කියලා කන්න යන එක මගහැරියා. ෂෙනාලිත් කාවිංග එක්ක තනියම කෑඹ කන්න කැමති නිසා අශේනිට කන්න එන්න කියලා බල කළෙත් නෑ. කාවිංග නම් අශේනිගෙ මූන දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. අශේනි ඒ ඇස් මගහැරියා.
ෂෙනාලියි කාවිංගයි කෑම කාලා එන්න ටිකක් වෙලා ගියා. ඒ එන්න ටිකකට කලින් අශේනිගෙ පිටට තට්ටුවක් වැදුනා. අශේනි දන්නවා මේ කාවිංග කියලා. දැන්නම් ඉතිං ගැලවෙන්න වෙන්නෙ නෑ. කියන්න බොරුවක් කල්පනා වෙන්නෙත් නෑ. අශේනි බිම බලාගෙනම හැරුනා. බිම තිබුණේ ගෑනු ළමයි දාන සපත්තු දෙකක්. ඔළුව උස්සලා බලද්දි එතන හිටියේ චමෝදි.
අරයා දැන් ඔයාවත් හලලා කාවිංග එක්ක කන්න යනවා නේද?
කවුද ෂෙනාලිද?
හ්ම්ම්ම්…
අනේ නෑ අක්කා, මම අද කලින් කෑවනෙ
ෂෙනාලි කාවිංගට කැමතියි නේද?
අනේ ඒකනං මම දන්නෙ නෑ.
මට බොරු කියන්නෙපා අනේ. දැනගන්නනෙ අහන්නෙ
අනේ ච​මෝදි අක්කා මම ඕවා දන්නෙ නෑ
හරි හරි කමක් නෑ..
හ්ම්ම්ම්
හැබැයි මොනවහරි දැනගත්තොත් මට කියන්න ඕන හොඳේ
මොනව ගැනද?
කාවිංග ගැන..
ඇයි අක්කා එහෙම කිවුවෙ?
කාවිංගට දැන් හරිම ඩිමාන්ඩ් එකනෙ
හ්ම්ම්ම්
හැබැයි කාවිංග කැමති කෙනා කාවිංගට කැමති නෑ…
ඒ කවුද?
ඒවා ගැන ඔයා හිතන්න එපා. කාවිංගගෙ ඇස් දිහා බැලුවම තේරේවි.
හා…
ඔයාට කොල්ලෙක් ඉන්නවා කියලා කාවිංගට මුලින්ම කියපු වෙලාව මට අද වගේ මතකයි.
මට කොල්ලෙක් ඉන්නවා කියලා මම කිවුවෙ නෑනෙ…
ආ අක්කා ඒක අහගෙනද හිටියෙ…
ඔව් ඔව්…
මේ කතාව සිද්ධ වෙද්දිම පිටිපස්සෙන් ෂෙනාලියි කාවිංගයි ආවා. අශේනි ඒ දිහා බලනවා දැකපු චමෝදි ඉක්මනට යන්නම් කියලා ගියා. ෂෙනාලි ඇවිත් ඇහුවෙ චමෝදි මොනවද කිවුවෙ කියලා. අශේනි මොකුත්ම කිවුවෙ නෑ. කාවිංග අශේනිගෙ මේසෙ ගාවටවත් ආවෙ නෑ. කාවිංග තරහා වෙලාද? ෂෙනාලි මොනවාහරි කියලද? අශේනි ඔළුව නමාගෙන වැඩ කරන්න ගත්තා.
ටිකකින් මේසෙ උඩ තිබුණු ලෑන්ඩ්ෆෝන් එක රිංග් වුණා. කතා කළේ රිසෙප්ෂනිස්ට්.
අශේනි උඩ බිම බැලුවා. වටපිටත් බැලුවා. කාවිංග ඔළුව නමාගෙන වැඩ.
ඊලඟ කොටසට…
පිනි වගේද ආදරේ – Episode 12
පිණි වගේද ආදරේ දිනිති හෙට්ටිආරච්චි ලියයි මම ගර්ල්ෆ්‍රෙන්ඩ් කිවුවෙ ඔයාට නෙමෙයි. එහෙමනං… බොරුවක් කිවුවෙ…
The post පිනි වගේද ආදරේ – Episode 12 appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
පිණි වගේද ආදරේ
දිනිති හෙට්ටිආරච්චි ලියයි
එහෙමනං…
බොරුවක් කිවුවෙ ඒ වෙලාවෙ ඔයාව බේරගන්න
අනතිමට කතාව නැවතිලා තියෙන්නෙ මෙතන. මේ තියෙන්නෙ අශේනිට කාවිංග දාපු මෙසේජ් එක. කාවිංග දාපු මෙසේජ් එකට අශේනි රිප්ලයි කරේ නෑ. මොකද එයාට සතුටු වෙනවද? දුක් වෙනවද? කියලා හිතාගන්න බැරුව හිටියෙ. එතකොටම කාවිංග කෝල් එකක් ගත්තා ෂෙනාලිට. ෂෙනාලි අශේනිට පෙන්නුවා කෝල් එක එන නම්බර් එක. එහෙම්මම හිනා වෙලා ෂෙනාලි කෝල් එක ආන්සර් කරා.
කියන්න මල්ලි
අක්ක මම අර කතාව කිවුවෙ බොරුවට
මොන?
ආ… ඇයි ඒ?
එක්කෙනෙක්ව කලබල කරන්න
මාවද?
නෑ අනේ
එහෙමනං? අශේනිවද?
නෑ… නංගිව
ආ… ඒ මොකද?
නංගිව නිකං අවුස්සන්න හිතුණා.
පිස්සුනෙ ඔයාටත්
ඇයි?
මම නිකං බය වුණා…
ඇයි ඔයා බය වුණේ?
මොන සක්කරවට්ටමකට අහුවෙලාද දන්නෑනෙ.
මං එහෙම අහුවෙන්නෑ අක්කා.
හ්ම්ම්ම්…
ඔයාලා දෙන්න තාම යන ගමංද?
ඔව් අශේනිත් ඉන්නව මගෙ ළඟ
හ්ම්ම්ම් හරි මං තියන්නං
ඕකේ මල්ලි… බුදු සරණයි
බුදු සරණයි අක්කා.
එතන ඉඳන් දෙන්නා වෙන් වෙන තැනට යනකංම ගෑනු ළමයි දෙන්නා කතා කර කර ගියේ කාවිංග ගැන. කාවිංග ගැන කතා අතරේ කාවිංග ගැන අශේනිගෙ හිතේ පැහැදීම තවත් වැඩි වුණා. ඒ වගේම අශේනිට තවත් දෙයක් හොඳටම තේරුණා. ඒ තමයි ෂෙනාලි කාවිංග හුඟක් ආදරේ විත්තිය. ෂෙනාලිගෙ දැන් තියෙන ආදර කතාවත් නවතින්න ඔන්න මෙන්න තියෙන, රණ්ඩු ලෝකයක් නිසා අශේනිගෙ හිතට මේ ගැන තවත් විශ්වාසයි. ඒ හින්දා කාවිංග එක්ක මීට වඩා කතා කරන්න විදියක් අශේනි කල්පනා කරා. ඒ නිසාම එයා එදා රෑ ගෙදර ගිහින් කාවිංගට මෙසේජ් එකක් දැම්මා. ඒකෙ තිබුණෙ “මම ගෙදර ආවා” කියලා. ඒ මෙසේජ් එක හුඟක් කෙටි වුණත්, ඒ මෙසේජ් එක දාපු ගමංම කාවිංග අශේනිට කෝල් කරා.
දැන්ද ගෙදර ගියේ
ඔව්
මෙච්චර වෙලා
හ්ම්ම්ම්…
මෙච්චර වෙලා මොනවද කළේ?
ඔව්…
ඒ කියන්නෙ අර තෑග්ග ඔයාටම අඳින්න පුළුවන්නෙ
එහෙම බෑ ඒක ඔයා අඳින්න
හරි…
මට සතුටුයි..
ඒ ඇයි?
කවුරුහරි මම ගෙදර ගියාද කියලවත් හිතන්න ඉන්නවනෙ.
ආ මං බැලුවෙ මොකෝ මෙච්චර පරක්කු කියලා
හ්ම්ම්ම්…
ෂෙනාලි අක්කනං ගෙදර ගිය ගමං කෝල් එකක් දුන්නා…
හ්ම්ම්ම්…
කවුද?
මතක නැද්ද? මං ඒක වෙන කෙනෙකුට දෙනවා කියල කිවුවෙ බොරුවටනෙ
මතකයි මතකයි… සොරි මං ඇත්තමද කිවුවෙ කියල බලන්නයි ආයෙ ඇහුවෙ
අපෝ ඔයා හරිම කපටියි..
අශේනි එහෙම කියලා එක පාරටම කෝල් එක කට් කරා. කාවිංගට හිතාගන්න බැරි වුණා. කාවිංග ආයෙ ගනිද්දි ෆෝන් එක ඕෆ්. අශේනිගෙ හිතටනං සතුටුයි. මොකද කාවිංග එයා ගැන හිතනවා කියලා දැන් එයා දන්නවා. දැන් හොයාගන්න ඕන හෙට ඔෆිස් ගියාට පස්සෙ, කෝල් එක කට් කරේ ඇයි කියලා ඇහුවම කියන්න පොඩි බොරුවක් විතරයි. අශේනි ඒ ගැන හිත හිතම නින්දට ගියා.
ඊලඟ කොටසට…
පිනි වගේද ආදරේ – Episode 11
දිනිති හෙට්ටිආරච්චි ලියයි දැන් මේ කතාවෙ වෙලා තියෙන්නෙ එක බොරුවක් වහන් බොරු සීයක් කියන්න…
The post පිනි වගේද ආදරේ – Episode 11 appeared first on Lady.lk | Lady | Women | Lifestyle | Health | Beauty.
දිනිති හෙට්ටිආරච්චි ලියයි
දැන් මේ කතාවෙ වෙලා තියෙන්නෙ එක බොරුවක් වහන් බොරු සීයක් කියන්න වුණා වගේ වැඩක්. ගෙදර ඇතුළෙ ඉඳන් ආපු කාවිංගගෙ නංගි අහපු දෙයින් අශේනිත්, ෂෙනාලිත්, කාවිංගත් පුදුම වුණා.
අක්කාටද අර අයියව හොස්පිට්ල් ගෙනිච්ච අංකල් මුලින්ම කෝල් කරා කිවුවෙ?
ඒ වෙලාවෙ සිද්ධ වෙච්ච අවුල වහගන්න කාවිංග කියපු බොරුව නිසා අශේනිත්, ෂෙනාලිත්, කාවිංග ගෙ නංගිත් පුදුම වුණා.
කාවිංග ගෙ මේ උත්තරෙන් මේ කතාව කණපිට හැරෙන්න පුළුවන්. කාවිංග ගෙ නංගි මේ තාක් සිද්ධ වෙච්ච හැම දෙයක්ම තමන්ට කියපු තමන්ගෙ අයියා, එයාටත් හොරෙන් කෙල්ලෙකුට ආදරේ කරනවා කියලා දැනගත්තම ඇති වෙන කුතුහලය එතන තිබුණා. මෙච්චර දවසක් හොරෙන් හොරෙන් ඔෆිස් එකේ මල්ලි කෙනෙකුට හිතෙන් බැඳුනු ෂෙනාලිගෙ ආදර හීන මාලිගා එතනම කඩාගෙන වැටුණා. කාවිංග මේ කතාව කිවුවෙ තමුන්ව බේරගන්න කියලා ෂෙනාලි දන්නවා වුණත්, මේ කතාව බොරුවක් වගේම ඇත්තක් වෙන්නත් පුළුවන් නේද කියලා ෂෙනාලි කලබල වුණා. ඒ නිසා කාවිංග ගෙ උත්තරෙන් පස්සෙ ගෑනු ළමයි තුන්දෙනාම කට උත්තර නැතුව බලාගෙන හිටියෙ.
මුලින්ම ​මේ නිහඬ බව බින්දෙ කාවිංග​ ගෙ නංගි.
අයියා කිවුවෙ ඒ අංකල් කෝල් කරේ ඔෆිස් එකේ ගෑනු ළමයෙකුට කියලනෙ
ඒ මං බොරුවක් කිවුවෙ
ඇයි?
එතන අම්මා හිටියනෙ
ඉතිං
ඇයි අයියා මට මේ ගැන නොකිවුවෙ?
මං ඔයාට කියන්න හිටියෙ චූටි…
කවද්ද?
ළඟදිම…
ඇයි ළඟදිම කියන්න හිටියෙ, කල් ගිහින් කියන්න තිබ්බනෙ…
ඉතිං මට එයාව ළඟදිනෙ හම්බුණේ…
අයියගෙයි නංගිගෙයි ආරවුල නං ටික ටික ෂේප් වෙන තරනට ආවට, ෂෙනාලිගෙ හිත පිච්චි පිච්චි තිබුණෙ. කාවිංගගෙ නංගි ගේ ඇතුළට ගියා. අම්මට අයියගෙ යාළුවො ආපු බව කියලා කෝල් එකක් ගන්නයි, අයියගෙ යාළුවො දෙන්නට තේකක් හදන්න රත් වෙන්න තියපු උණුවතුර කේතලේ සද්දෙ ඇහුණු නිසායි. ඒ වෙලාවෙ ෂෙනාලි මොකුත් නොවුණු විදියට එයාගෙ හිතේ දුකත් හිර කරගෙනම කතාව පටන්ගත්තා.
එහෙමනං?
ආ…
අක්කට නම කිවුවට එයාව දන්නෑ…
ආ…
එයත් ඔයාට කැමතිද?
දන්නෑ ඒකනං…
කොහොමද එයාව හම්බුණේ?
ෆේස්බුක් එකේ…
ආ නම කියන්න මට.. මං විස්තර හොයලා කියන්නං
මං කාටවත් කියන්නෑ අනේ..
අනේ අක්කෙ… මං තාම එයාට කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලවත් දන්නෑ
ආ… ඒ කියන්නෙ මේ නිකං කැමැත්තක්
ඔව් අක්කා
මං ඒත් මේ බය වුණා…
අක්කා ඇයි බය වෙන්නෙ.
නෑ ඉතිං, හොඳට වැඩ කරගෙන ඉන්න අය එතපාරට ඔහොම දේවල් නිසා අවුල් යනවනෙ.
මං එහෙම අවුල් වෙන්නෑ අක්කා…
කවුද දන්නෑ අර කෙල්ල?
හ්ම්ම්ම්…
ඔෆිස් එකේ කෙල්ලෙක් වෙන්න බෑ.
හ්ම්ම්ම්…
මොකද කාවිංග කවදාවත් ඔෆිස් එකේ කෙල්ලෙක් කරේ එල්ලගන්නෑ.
හ්ම්ම්ම්…
ඇයි ඒකම හිතුවෙ.
කාවිංගට කෙල්ලෙක් හම්බෙනවනං හම්බෙන්නෙ එතනින්නෙ…
ඇයි එයා ඔයා ගමං බිමං යන්නෙ.
කාවිංග එහෙම ආවට ගියාට කෙල්ලෙක් එක්ක කතා කරන්නෑ.
හ්ම්ම්ම්…
හ්ම්ම්ම්…
ෂෙනාලිත් එයා කියාගෙන ගිය කතාව නැවැත්තුවෙ, අශේනි වැඩිය මොකුත් උත්තර නොදෙන නිසා. එතකොටම අශේනිට වට්ස්ඇප් මෙසේජ් එකක් ආවා. ඒ කාවිංග.
බය වෙන්නෙපා.
මොකටද?
එහෙමනං…
බොරුවක් කිවුවෙ ඒ වෙලාවෙ ඔයාව බේරගන්න
අශේනි එතනින් එහාට උත්තරයක් යැවුවෙ නෑ. එයාට සතුටු වෙනවද? දුක් වෙනවද? කියලා හිතාගන්න බැරුව හිටියෙ.
ඊලඟ කොටසට…